ප්‍රථම මඩු පල්ලිය සොයා - මාන්තයි

ප්‍රථම මඩු පල්ලිය සොයා - මාන්තයි

අපි අද ඉතා පූජණීය ලෙස සලකන මඩු මැණියන්ගේ ප්‍රතිමාව මුල්වරට තැම්පත් කර තිබූ දේවස්ථානය ගැන තමා සොයන්න හිතුවේ...

මඩු මාතාවන් වහන්සේගේ ප්‍රතිමාව තැම්පත් කර තිබූ ප්‍රථම ස්ථානය මාන්තයි ලෙස හැදින්වේ..
ඉතිහාස ජනප්‍රවාද වලට අනුව පෘතුගීසි සහ ලන්දේසි සමයේදී මේ ප්‍රදේශය මාතොට්ට පසුව මාතොට්ටම් ලෙසද වර්තමානය වන විට මාන්තයි ලෙසද ප්‍රචලිත වෙලා තිබෙනවා..

1544 යාපනයේ පාලනය කල සංකිලියන් රජූ මන්නාරමේ තෝත්තවේලී ප්‍රදේශයේ විසු කතොලිකයින් 600ක් පමණ සමූහ ඝාතනය කර මරා දැමීය..

මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස අපි අදටත් ඔවුන් සිහිකරනවනේ..

ඉතින් මේ යුගයේ එම ප්‍රදේශ වල සිටි කතෝලික ජනතාව ආරක්ෂාව පතා විවිධ ප්‍රදේශ වලට පලා ගියා..

ඉන් සමහරක් මාන්තයි ප්‍රදේශයටද පැමිණියා..

පසුව මේ බැතිමතුන් මාන්තයි ප්‍රදේශයේ කුඩා දේවස්ථානයක් ඉදි කර මඩු මැණියන්ගේ ප්‍රතිමාවක් එහි තැම්පත් කොට වන්දනාමාන කරන්න පටන්ගෙන තිබෙනවා..

එම කාලයේම ෆ්‍රැන්සිස්කන් නිකායික පියතුමෙකු මෙහි පැමිණ යාපනය සහ මාන්තයි ප්‍රදේශ වල ධර්මදූත වැඩකටයුතු වල නියැලී තිබෙනවා..

එතුමාගේ මරණයට පෙර ඒම ප්‍රදේශයේ ආරෝග්‍ය මාතා දේවමැණියන්ට කැපකල දේවස්ථානයක් ස්තාපිත කල බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා...

කොහොම වුණත 1670 ලංදේසී සමයේදී මෙම මාන්තයි දේවස්ථාන විනාශ කරලා තියෙනවා..

මේ බැතිමතුන් මඩු මැණියන්ගේ ප්‍රතිමාව රැගෙන වනයට පැණගොස් තිබෙනවා...
ප්‍රතිමාවේ ආරක්ෂාව සදහා ගස් බෙනයක් තුළ ප්‍රතිමාව තැම්පත් කරලා තියෙනවා.. ඒ ගස් බෙනයෙන් ප්‍රතිමාව සොයාගත් ස්ථානය තමා වර්තමානයේ අපි වන්දනාමාන කරන්න යන මඩු පල්ලිය පිහිටලා තියෙන්නේ...

කෙසේ වෙතත් දැන් මාන්තයි වල පවතින මෙම දේවස්ථාන නැවත වරක් 1960 දී ගොඩනැගීම ආරම්භ වුවත් විවිධ හේතු මත එය නිශ්පල විය..

කෙසේ වෙතත් නැවත වරක් නව දේවස්ථානය සදහා 2011 වසරේදි මුල්ගල තැබූ අතර 2017-02-18 වන දින මඩු දේවමාතාවන්ට කැප කළ නව දෙව්මැදුර විවෘත කරන ලදී...

ප්‍රාතිහාර්ය පිරි මඩු සිද්ධස්ථානයේ මඩු දේවමැණියන්ගේ ප්‍රතිමාවේ ආරම්භය තැබූ මෙම සිද්ධස්ථානය ද කිතුනුවන් අතර වඩාත් හාස්කම් පිරි භූමියක් ලෙස ප්‍රසිද්ධියි...

උපුටාගැනීමකි

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;