ලූතර් ගැන විකෘතියට උත්තර

ලූතර් ගැන විකෘතියට උත්තර

මාටින් ලුතර් රෙපරමාදු ප්‍රතිසංස්කරණය නමින් හැදින්වෙන පුළුල් සංස්කෘතික ප්‍රගමනය ආරම්භ කෙරුබවට සමහර අළුත් සභාවන් කියන කථාව පදනම් විරහිත බව ඔවුන් දන්නෙ නැත. ලුතර් තුමා එම ක්‍රියාවලිය නිර්මාණය කළ පුද්ගලයා නොව එම ප්‍රතිසංස්කරණ යුගයේ නායකයා වේ. එහි පදනම කතොලික සභාව විසින් දමා තිබු බව නියම ඉතිහාසය ඉගෙනිමෙන් ඉගෙන ගන්න.

ලුතර් ගැන රොටඩැම්හි ඉරස්මස් (කිු,ව 1467-1536) පැවසුවේ "ලුතර් ගෙ මත ගණන් නොගෙන ඔහුට පාඩුවේ සිටිමට ඉඩදි්ම මගින් ප්‍රශ්න ඉබේම සමථයකට පත්වන බවය."

ලුතර් සභාවට විරුද්ධ වුණේ පුර්ණඵල විකිණීමේදි පමණද?

එයට පෙර ඔක්හැම්හි විලියම්(කිු,ව1285-1349), දර්ශනය පිළිබද ගැඹුරු ලෙස හදාරා නිමකළ ලූතර් බියෙල්ගේ දර්ශනය පිළිගත් කෙනෙකි. එම නිසා ඔහු නිවැරැදි දේ පිළිබද පටලැවිල්ලක සිටි බව අළුත් සභාවන් නොදනි.

කිු,ව 1508,දි් විටන් බර්ග් වල උගන්වන කාලයේ ඔහු දෙවියන් වහන්සේව ඉතා දරදඩු කෙනෙක් විදිහට හදුනා ගැනිම ,ඔහුගෙ විකෘති ඉගැන්වීම් වල ආරම්භය විය.මේ ගැන කිු,ව 1515දි අගුස්තිනු නිකායේ නායකයානන් විසින් ලුතර් ට අවවාද කළ බව සදහන් ය.

ලුතර්, ශු. ඇන්සලම් තුමාගෙ ඉගැන්වීම් වැරදියට තෙරුම් ගත්තෙ කිු,ව1512දිය. ඉන්පසුව ශු,පාවුළු තුමාගෙ ලේඛන හැදැරු ලුතර් තුමා . එහි තිබෙන ඉගැන්වීම් තමාගෙ පෞද්ගලික අදහස් සමග පටලවා ගත්තේය.උදා රෝම 1/17,3/24 සදහන් කළ හැකිය. එවැනි තවත් නිදසුන් ඇත.හේ මෙම වැරදි වැටහිම් තම ගොලයන්ට ඉගැන්වු බවට සාක්ෂි ඇත.

පටලවා ගත් කරුණු 95

මෙම කරුණු 95 ගැන සොයන්නේ බලන්නේ නැතුව අළුත් සභාවල් වල උදවිය බොහො අය නොමග යවා ඇත.ඔහු පලමු කරුණු 95 ප්‍රසිද්ධ කළ විට ඊට වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ නැත.

ලුතර් පසුව නැවත එම කරුණු 95ට "පුර්ණඵල" සම්බන්ධ කර යළි ප්‍රසිද්ධ කලේය. ලුතර් මෙයටද සැලකිල්ලක් නොලැබෙන බව සිතා සමාන්‍ය දැන්විම් අළවන විටන්බර්ග් කාසලයේ දොරෙ ඇලෙවුවේය. එහි මාතෘකාව වුයේ පුර්ණඵල විකිණිමය.

පුර්ණ ඵල පිළිබද කරුණු 95 ප්‍රසිද්ධියට පත්වි්ම

පුර්ණ ඵල වෙළදාම හදුනාදෙන ලද්දේ දෙවන ජුලියස් පාප් තුමා විසිනි(කිු,ව1443-1513), ඇල්බෙුටෙව් රදගුරු තුමා තමාගෙ පෞද්ගලික කාරණාවක් සදහා ණය මුදලක් ෆුගර් පවුලේ බැංකුවකින් ලබාගෙන තිබුනි. එම නිසා මෙම වෙළදාමෙන් කොටසක් එම බැංකුවටද අනික් කොටස පාප් තුමාටද ලබා දුනි මෙය බාර දෙන ලද්දේ ජොන් ටෙට්සල් නැමති දොමිනිකාන නිකායේ පියතුමාටය.

නමුත් මෙම පුර්ණඵල වෙළදාම සැක්සනියේ පාලක ෆෙඩ්රික් තම ප්‍රදේශය තුල තහනම් කරන ලදි. ජර්මනිය තුල මානව වාදි අදහස් පැතිරෙන යුගයක කිු,ව 1492දි Ingolstadt විසින් රෝමයට බදු ගෙවි්ම පිළිබදව ජර්මනිය ලැජ්ජා විය යුතු යන කියු කියමන පැතිරි ගියේය. එම නිසා පුර්ණ ඵල විකිණිමෙන් රෝමයට බුදු ගෙවිමක් ලෙස සලකන ලදි්. මෙකල ජර්මනියේ පල්ලි නටබුන් වි තිබුනේය. ඒවා හදන්නේ නැතුව රෝමයේ පල්ලිය සැදිම සදහා මුදල් යැවිම ගැන ජර්මනිය තුල, තිබුනෙ අකමැත්තකි.,මොකද පුර්ණඵල විකුනා ලැබෙන මුදලින් රෝමයේ ශා. පිතර බැසිලිකාව ගොඩනගන්නට මුදල් සොයා ගැනිමේ ක්‍රමයකි.

ලුතර් ගේ කතෝලික විරෝධය

එයට හේතුව වන්නෙ ජොහාන් එක් කියන දේවධර්මාචාර්ය වරයා සමග ලුතර් සහ ඔහුගෙ ප්‍රධාන මිත්‍රයෙක් වු ලයිප්සිග් සමග වාදයකට කිු,ව 1519 දි පරදා , ඔවුන් දුර්මත ධාරින් ලෙස ඔප්පු කිරීමය. නමුත් ලුතර් තම පෞද්ගලික මතයේ රැදි සිට කතොලික සබාවට විරුද්ධව පොත් ලිවිය. ඉන් ප්‍රධාන පොත් තුනක් ඇත.

  1. ජර්මන් ජාතියේ කිුස්තියානි ප්‍රභුපංතිය ඇමති්ම(An den christlich Adel deutscher Nation)
  2. සාස⁣නේ බැබිලොනිය විප්‍රවාසය (Von der babylonischen Gefangnis kirche 1520)
  3. කිුස්තු භක්තිකයෙකුගෙ නිදහස(Von der Freiheit eines christenmenschen)

ලුතර් ගෙ ජුදෙව් විරෝධය - ජුදෙවුවන්ට විරුද්ධව ලියූ පොත්

  1. වචන 6000කින් යුදෙව්වන් සහ ඔවුන්ගෙ බොරු ( Von den juden und thren Lugan)
  2. කිුස්තුස් වහන්සේගෙ ශුද්ධ නාමය හා පරපුර ගැන(Von Schem Hamphoras und vom Geschlecht christ)

මේ පොත් ලුතර් ගෙ මරණයට පෙර ලියා ප්‍රසිද්ධ කරන ලදි.ඉන් එක පොතක මෙසේ සදහන් විය "සිනගොග පුළුස්සා, ජුදෙව් යාච්ඤා පොත් වනසා, රබ්බිවරුනට දේශනා කිරිම් තහනම් කොට ඔවුන්ගෙ ගෙවල් වනසා විෂකුරු පණුවන් මෙන් වනසාදැමිය" යුතුය යන්නය. මෙය නාසිවාදි් හිට්ලර්ගේ යුගයේදී එලෙසම සිදුවිය. දෙවන ලෝක මහා යුද්ධය අවාසානයේදි පැවති නිවුරම්බර්ග් නඩු විභාගයේදිද ලුතර් ගැන සදහන් විය.

කතොලික සභාව ලුතර් ගෙ කරුණු 95න් 45 කට එකග විය. නමුත් ලුතර් ට ලැබුනු දේශපාලන මැදිහත් විම් නිසා එය පසකට විය. අවසානයේදි කිු,ව1520,ජනවාරි මාසයේ ලුතර් ව සභාවෙන් නෙරපන ලදි.

ලුතර් ගෙ දේශපාලන ගැති කම හා පි්ඩකයන් සමග එක්වි පි්ඩිතයන්ට පහර දි්ම

කිු.ව. 1525දි ලුතර් ගෙ ⁣පුධාන දේවවේදි මතය වන "සැම බැතිමතෙක්ම පූජක වරයෙක්" යන්න ගොවියන් ගෙ සිත් ඇදගත්තෙය, නමුත් පාලක පංතිය ගොවියන්ට අසාධාරණ ලෙස සලකන ලදි්. නමුත් ලුතර් මෙහෙදි ⁣තමන්ට ලැදි ගොවියන් අයින් කර පාලක රදලයන් ගෙ පැත්ත ගෙන. මෙසේ කියේය, "මිණිමරු හොරමුලක් වන ගොවියන්ට විරුද්ධව අවිගන්න" එහිදි ගොවියන් විශාල සංඛ්‍යාවක් මරණය⁣ට පත් කරන ලදි.

ලුතර් ගෙ අවසාන කාලය

එතුමා අවසාන කාලයේදි මානසික පිඩනයකින් පසුවු බව එතුමාගෙ බිරිද වන කැතරින් වොන් බෝරා පවසා ඇත. කිු.ව. 1546-2-15 දින ලුතර් මෙසේ ලිවේය. "ජුදෙවුවන් ජර්මනියෙන් පන්නා දැමිය යුතුය. ඔවුන්ට යැදිය යුතුය ,නමුත් ඔවුන් නරක බැවින් දිනක අප සියළු දෙනාව මරා දමන්න පුළුවන් ය" කිු.ව. 1546-02-18 දින අළුයම 1.00 පමණ වේදනාවෙන් නැගිට ගිතාවලියේ 31:5 පදය කියා මිය ගියේය.