පාස්කුවට සූදානම් වීමේ උපවාසය

සිදුකරන ආකාරය - නිශ්චිත විදියක් නැත, රටින් රටට වෙනස් වේ (හේතු - දේශගුණය හා ආහාර රටා)

සිදුකරන ආකාර - එක්වරු රැකීම (informal එක්වරු ඇල්ලීම), එකහමාරෙ වරු රැකීම, දෙවරු රැකීම

ශ්‍රී ලංකාවේ සිදුකරන ආකාරය - එක්වරු රැකීම

⁠අනිවාර්යයෙන් කළ යුතු දවස් - අළු බදාදා, මහ සිකුරාදා

අනිවාර්ය වන වයස්⁠ සීමාව - අවුරුදු 14 සිට 59 දක්වා (14 පිරෙන දිනයේ පටන් නීතියෙන් බැඳේ, 60 පිරෙන දිනයේ පටන් නීතියෙන් නිදහස් වේ)

එක්වරු, එකහමාරේ වරු, දෙවරු රැකීම යනු

එක්වරු - තමන් සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය පමණක් අදාළ දිනය තුළදී අනුභව කිරීම

එකහමාරේ වරු - තමන් සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය හා එයින් බාගයක ප්‍රමාණය පමණක් අදාළ දිනය තුළදී අනුභව කිරීම

දෙවරු - තමන් සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණක් අදාළ දිනය තුළදී අනුභව කිරීම

එක්වරු රැකීම ප්‍රායෝගිකව සිදුකරන ආකාර

සාමාන්‍යයෙන් ගන්නා ආහාර වේලක ප්‍රමාණය පාන් රාත්තලෙන් තුන් කාලක් (3/4 ක්) යයි සිතමු. එසේනම්, එක්වරු රකින විට දිනයක් තුළදී අනුභව කළ යුතු ප්‍රමාණය වනුයේ මෙයයි.

  1. ප්‍රධාන වේල් තුනෙන් කැමති වේලක් තෝරාගෙන, එහිදී පාන් රාත්තල් 3/4 අනුභව කිරීම. අනෙකුත් වේල් දෙකේදී කිසිවක් නොකා සිටීම.
  2. ප්‍රධාන වේලකදී පාන් රාත්තල් කාලක් 1/4 (පාන් කාලක්) සිටින ලෙස ප්‍රධාන වේල් තුනම ගැනීම.
  3. ප්‍රධාන වේලකදී පාන් කාලක් හා තවත් ප්‍රධාන වේලකදී පාන් බාගයක් ගැනීම. අනිත් වේල කිසිවක් නොකා සිටීම.

සටහන : Supun Lahiru Fernando

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව