ඝරසරප චිත්‍රපටය ට පසුබිම් වූ කුඩාගම පල්ලිය - රඹුක්කන

ඝරසරප චිත්‍රපටය ට පසුබිම් වූ කුඩාගම පල්ලිය - රඹුක්කන

1970 දශකයේ ලක්දිව පුරා රඹුක්කන ප්‍රකට වූයේ කුඩාගම පල්ලිය නිසාවෙනි . ඒ කුමක් නිසා ද යන පැනය ඔබගේ සිත් සතන් වල ඇති වන බැව් නම් නොරහසක්.

යක්ෂ ආත්ම, බන්ධන වලින් වෙලාගත් මිනිසුන් සුවපත් කර ඔවුන්ට නැවත ජීවය ලබාදීම මෙන්ම එහි පැමිණෙන ජනයාට දේව ආශිර්වාද ලැබීම යන කරුණු කාරණා හේතු කොට ගෙන රඹුක්කන කුඩාගම දෙස් විදෙස් පතල විය.

පල්ලියේ විසූ කැමිලස් ජයමාන්න නම් දේවගැතිවරයෙක් සිදුකරන ලද දේව පූජාව මේ සඳහා ඉවහල් වූ බැවින්, ලක්දිව නන් දෙසින් දහස් සංඛ්‍යාත ජනකායක් රඹුක්කන කුඩාගම පල්ලිය අවට ඉඩම් වලට පැමිණියෝය.

ඇතමෙක් පල්ලිය අසල කූඩාරම් ගසාගෙන නතර විය. තවකෙකු අසල නෑදෑ නිවසෙක නතර වූයේ කෙසේ හෝ දවසේ පැවැත්වෙන දේව මෙහෙයක් සඳහා සහභාගී වී දේව ආශිර්වාදය ලබා ගැනීමටය.

යක්ෂ බණ්ධනවලට ලක්ව සිහි විකල්ව පැමිණි ඇතමෙකු , කැමිලස් පියතුමාගේ දේව මෙහෙයෙන් දහස් සංඛාත ජනතාවක් ඉදිරියේ සුවපත් භාවයට පත්වූ නිසාවෙන් සැබවින්ම මෙය නම් දේව හාස්කමක් ම විය.

එකල කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට දේව ආශිර්වාද ලබා ගැනීම සඳහා රඹුක්කන පෙදෙසට පැමිණෙන දහස් සංඛාත ජනතාවක් වෙනුවෙන් වෙනමම දුම්රිය ක් පවා ධාවනය කර තිබී බැව් ඔබ අසා තිබුණා ද? එය සත්‍ය

මෙහි දේව පූජාවකට සහභාගී වීමට පැමිණි යක්ෂ ආත්මයක් අරක් ගත් තරුණියක් කැමිලස් පියතුමාගේ දේව පූජාවට පැමිණි එක් තරුණයෙක් සමග ඇති කරගත් හාද කමක් හා ඒ හා සිදුවූ සත්‍ය සිදුවීම් සමුදායක් අලලා මෑතකදී ජයන්ත ජන්ද්‍රසිරියන් ඝරසරප නම් සිනමා කෘතියක් නිපදවීය.

මෙවැනි ඉතිහාසගත තොරතුරු සමුදායකින් හා හාස්කම් රැසකින් සමන්විත කුඩාගම පල්ලිය ඔබ නැරඹිය යුතුම ස්ථානයකි.

මෙම විස්තරය උපුටා ගැනීමකි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව