කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා

කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා

කොළඹ අග්‍ර රාජගුරු පදවියට අයත් ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ නියමිත මංගල දින එනම් ජනවාරි මස 20දින (අද) වාර්ෂික මංගලෝත්සවය සමරනු ලබන දෙව් මැදුරු ත්‍රිත්වයකි. මොරටුව, කඳාන සහ කටුවාපිටිය එම දෙව්මැදුරු ත්‍රිත්වයයි. 2019 වසරේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දෙව්මැදුරේ ස්ථාපිත ඉපැරණි යයී අනුමාන කල හැකි ප්‍රතිමා දෙකකි.

1. ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහැර ප්‍රතිමාව - දේවස්ථානයේ ස්ථාපිත ඉපැරණිම ප්‍රතිමාව වන සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ මෙම දැවමය ප්‍රතිමාව 19 වන සියවසේ මුල් භාගයේදී ඉන්දියානු මූර්ති ශිල්පියෙකු විසින් නෙලන ලද ප්‍රතිමාවකි. රොකෝකෝ මූර්ති ශෛලියට අනුව නෙලන ලද මෙම ප්‍රතිමාව ඉන්දියානු සහ පෘතුගාල මූර්ති අභාෂයන්ට අනුව නෙලා ඇති හෙයින් Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දියහැක. ප්‍රතිමාවේ මුල් වර්ණ ගැන්වීම වෙනස් කර පසුකාලීනව වර්ණාලේප කර ඇත. බොහෝ සැදැහැවතුන්ගේ ගෞරව පුද සත්කාර ලබන්නාවූ  මෙම ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව දේවස්ථානය තුල විශේෂිත මණ්ඩපයක ස්ථාපනය කර ඇත. වාර්ෂික මංගල්‍යය දින ග්‍රාමය පෙරහැර සඳහා මෙන්ම සැදැහැවතුන් ආසිරි ගැන්වීම සඳහාද මෙම ප්‍රතිමාව යොදාගනු ලබයි.

2. දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයේ  ඉහලින් ස්ථාපනය කර ඇති සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව - මෙම දැවමය ප්‍රතිමාව ඉන්දියානු මූර්ති ශිල්පියෙකුගේ නිර්මාණයකි. රොකෝකෝ මූර්ති  ශිල්පීය  ලක්ෂන  මෙන්ම කිසිදු විශේෂිත මූර්ති ශෛලියකට අයත් නොවන එනම් Popular Style මූර්ති (ඉතාලි: Stile Popolare) කාණ්ඩයට අයත්වන ලක්ෂනයන්ද සහිතව මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත. එසේම ඉන්දියානු සහ පෘතුගීසි මූර්ති අභාෂයන් අනුසාරයෙන් මෙම ප්‍රතිමාව නෙලා ඇති බැවින් Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දිය හැක. මූර්තිමය නිරූපණයන්ට අනුව ගත්  කල මෙම ප්‍රතිමාව 19 වන සියවසේ අවසාන භාගයට හෝ  20 වන සියවසේ මුල් භාගයට අයත් ප්‍රතිමාවකැයි අනුමාන කල හැක.

ප්‍රතිමාවන්හි මූර්තිමය ලක්ෂණ අනුසාරයෙන් කාල නිර්ණය කර ඇති බව සලකන්න. කටුවාපිටිය ග්‍රාමවාසී ඔබ සැමට සුභ මංගල්ලයක් වේවා.

සැකසුම : රොමේන් නිමන්ත / යොහාන් රොද්‍රිගෝ

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව