කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා

කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා

කොළඹ අග්‍ර රාජගුරු පදවියට අයත් ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ නියමිත මංගල දින එනම් ජනවාරි මස 20දින (අද) වාර්ෂික මංගලෝත්සවය සමරනු ලබන දෙව් මැදුරු ත්‍රිත්වයකි. මොරටුව, කඳාන සහ කටුවාපිටිය එම දෙව්මැදුරු ත්‍රිත්වයයි. 2019 වසරේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දෙව්මැදුරේ ස්ථාපිත ඉපැරණි යයී අනුමාන කල හැකි ප්‍රතිමා දෙකකි.

1. ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහැර ප්‍රතිමාව - දේවස්ථානයේ ස්ථාපිත ඉපැරණිම ප්‍රතිමාව වන සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ මෙම දැවමය ප්‍රතිමාව 19 වන සියවසේ මුල් භාගයේදී ඉන්දියානු මූර්ති ශිල්පියෙකු විසින් නෙලන ලද ප්‍රතිමාවකි. රොකෝකෝ මූර්ති ශෛලියට අනුව නෙලන ලද මෙම ප්‍රතිමාව ඉන්දියානු සහ පෘතුගාල මූර්ති අභාෂයන්ට අනුව නෙලා ඇති හෙයින් Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දියහැක. ප්‍රතිමාවේ මුල් වර්ණ ගැන්වීම වෙනස් කර පසුකාලීනව වර්ණාලේප කර ඇත. බොහෝ සැදැහැවතුන්ගේ ගෞරව පුද සත්කාර ලබන්නාවූ  මෙම ප්‍රාතිහාර්යාත්මක ප්‍රතිමාව දේවස්ථානය තුල විශේෂිත මණ්ඩපයක ස්ථාපනය කර ඇත. වාර්ෂික මංගල්‍යය දින ග්‍රාමය පෙරහැර සඳහා මෙන්ම සැදැහැවතුන් ආසිරි ගැන්වීම සඳහාද මෙම ප්‍රතිමාව යොදාගනු ලබයි.

2. දේවස්ථානයේ ප්‍රධාන අල්තාරයේ  ඉහලින් ස්ථාපනය කර ඇති සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව - මෙම දැවමය ප්‍රතිමාව ඉන්දියානු මූර්ති ශිල්පියෙකුගේ නිර්මාණයකි. රොකෝකෝ මූර්ති  ශිල්පීය  ලක්ෂන  මෙන්ම කිසිදු විශේෂිත මූර්ති ශෛලියකට අයත් නොවන එනම් Popular Style මූර්ති (ඉතාලි: Stile Popolare) කාණ්ඩයට අයත්වන ලක්ෂනයන්ද සහිතව මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත. එසේම ඉන්දියානු සහ පෘතුගීසි මූර්ති අභාෂයන් අනුසාරයෙන් මෙම ප්‍රතිමාව නෙලා ඇති බැවින් Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දිය හැක. මූර්තිමය නිරූපණයන්ට අනුව ගත්  කල මෙම ප්‍රතිමාව 19 වන සියවසේ අවසාන භාගයට හෝ  20 වන සියවසේ මුල් භාගයට අයත් ප්‍රතිමාවකැයි අනුමාන කල හැක.

ප්‍රතිමාවන්හි මූර්තිමය ලක්ෂණ අනුසාරයෙන් කාල නිර්ණය කර ඇති බව සලකන්න. කටුවාපිටිය ග්‍රාමවාසී ඔබ සැමට සුභ මංගල්ලයක් වේවා.

සැකසුම : රොමේන් නිමන්ත / යොහාන් රොද්‍රිගෝ

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,