JUDAIZER HERESY සහ කතෝලික සභාවේ ව්‍යූහය

JUDAIZER HERESY  සහ  කතෝලික සභාවේ ව්‍යූහය
Photo by Cole Keister / Unsplash

ඔබේ සභාව තුල යම් දේවධාර්මික කරුණක් පිලිබඳව මත කිහිපයක් පැවතුන හොත් ඒවා අතුරින් සත්‍ය   ඉගැන්වීම කුමක්දැයි  සොයාගන්නේ  කෙසේද ?

බොහෝවිට එම සභාවල සිටින අයවලුන්ගේ උත්තරය වන්නේ ශුද්ධාත්මයානන් තුල යාච්ඥා කරමින් නිවැරදි පිලිතුර ලබා ගැනීමයි.නමුත් එම ලැබෙන උත්තර පවා එකිනෙකට වෙනස්වේ .එබැවින් බොහෝ විට කතෝලික නොවන ප්‍රොතෙස්තන්ත්‍ර සභා වල මෙවැනි අවස්ථාවලදී ස්ථීර නිගමනයකට එළඹීමට නොහැකිව ,තමන් දරන මතය සහිත සභාවකට පිල් මාරු කරනවා ඔබ කොතෙකුත් දැක ඇත.

ක්‍රිස්තුස් වහන්සේගේ ශු සභාව යනු ශුද්ධාත්මයානන් වහන්සේ තුල ඒකීයත්වයක් අත්දකින ස්ථානයකි.නමුත් ශුද්ධාත්මයානන් නිසා සභාව විසිරී යනවා නම්, ඔබ ඔබගේ සභාව සහ එහි ඉගැන්වීම් ගැන දෙවරක් සිතිය යුතුය.

3 ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න.4 ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය; (එපීස 4 : 3-4)

ක්‍රියා පොතේ 15 පරිච්ඡේදය තුල ක්‍රිස්තුස් වහන්සේගේ සභාව කතෝලික සභාව බවත් එහි ඇති ඒකීයත්වය, ධූරාවලිය, අධිකාරී බලය සහ සභා නායකත්වය මැනවින් පෙන්වා දෙයි.
පාවුලු තුමා සහ බාර්ණබාස් තුමා අන්තියෝකියේ සුබ අස්න දේශනා කරමින් යනවිට අන්තියෝකියේ කිතුනු සභාව තුල අමුතු මතවාදයක් පැන නැගිනි.අන්තියෝකියේ සභාව තුල ජුදා ක්‍රිස්තියානීන් මෙන්ම විජාතික ක්‍රිස්තියානීන්ද සිටි පසුබිමක ජුදා ක්‍රිස්තියානීන් ගැලවීම සඳහා ජුදා සම්ප්‍රදායේ වත්පිලිවෙත් අනුව චර්මච්චේදනය අනිවාර්‍යෙ අංගයක් බවත් ප්‍රකාශ කලහ.(මෙය Judaizer Heresy ලෙස හඳුන්වයි.)

මෙම අවස්ථාවේදී එම කාරණය පිලිබඳව පාවුලුතුමා සහ බාර්ණබස් තුමා අතර ඉතාමත් තීව්‍ර වූ සංවාදයක් ඇති වූ බවට ශුද්ධ ලියවිල්ල පෙන්වා දෙයි.

2 එහෙයින් ඔවුන් ද පාවුලු හා බාර්ණබස් ද අතර වේගවත් වාද විවාද ඇති විය.........(අපෝස්තුලුවරුන්ගේ  ක්‍රියා 15:2)

එය නිරාකරණය කරගැනීමට ඔවුන් සිදු කලේ ශුද්ධාත්මයානන් වෙතින් අනාවරණ ඉල්ලීමවත් ,තමන්ගේ මතය දරන පිරිස රැගෙන වෙනත් තැනකට ගොස් වෙනත් සභාවක් පිහිටුවා ගැනීමවත් නොවේ.

ඔවුන් මේ මත දෙකම දරන පිරිස  ජෙරුසලමට රැගෙන ගොස් ප්‍රේරිතයන්ගෙන්  සහ සභා මූලිකයන්ගෙන් මේ ගැන විමසූහ.

2 ...... මේ ප්‍රශ්නය ගැන ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්ගෙන් විචාරන පිණිස පාවුලු සහ බාර්ණබස් ද අන්තියෝකියෙන් තවත් සමහරෙක් ද ජෙරුසලමට යැවීමට නියම කරනු ලැබූ හ.
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:2)

මෙහිදී වාද විවාද මගින් තීරණයකට එළඹීමට අපොහොසත් වූ අවස්තාවක සභාවේ ඒකීයත්වය වෙනුවෙන් සභා මූලිකයන් හා ප්‍රේරිතයන් වෙත ගොස් මේ පිලිබඳව සාකච්චා කිරීමට යොමුවීම ,එකල සභාව තුල තිබූ ව්‍යූහාත්මක සොභාවය හොඳින් පෙන්වයි.

තවද ප්‍රාදේශීය වශයෙන් විසඳුම් නොසොයා යම් කිසි ඉහල අධිකාරී බලතල ඇති ( Higher Authority ) අයවලුන් හට මෙම ප්‍රශ්නය යොමුකිරීම එකල සභාවේ තිබූ ධූරාවලි ව්‍යුහයට හොඳම උදාහරණයකි.

මෙහිදී  ඔවුන්ව අදාල කාර්‍යය සඳහා යොමු කරන්නේ සභාව වීමත් කැපී පෙනෙන ලක්ශණයකි.

3 මෙසේ ඔව්හු සභාව විසින් යවන ලදුව, පිනීසිය ද සමාරිය ද මැදින් ගොස්, විජාතීන්ගේ හැරීම ප්‍රකාශ කරමින්, සියලු සහෝදරයනට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:3)

එහිදී කැපී පෙනෙන ලක්ශණය වන්නේ  සභා මූලිකයන් සහ ප්‍රේරිතයන් මෙම පැනනැගී ඇති කාරණාව සම්බන්ධව සංවාදයක නිරතවූවා මිස  ඔවුන් යම් ශුද්ධවූ ලියැවිල්ලක් ඔවුන්ගේ පිලිතුර ලබා ගැනීම සඳහා පදනම් කරගත්තේ නැති වීමයි.

එසේ නම් අද මූළධර්මවාදී විසින් ගෙන්න Sola Scriptura කියන සංකල්පය එවකට තිබූ බවට පෙනෙන්නේ නැත❔

ඔවුන් මේ අවස්ථාවේ ජේසුස් වහන්සේ ඔවුන්ට උගන්වා වදාල ධර්මකාරණා අනුව තර්ක විතර්ක කල අතර එමගින් පැන නැගෙන ඔවුන්ගේ  නිගමනයන් තුල තීන්දු තීරණ ගැනීම මගින් ඔප්පු වන්නේ එකල තිබූ ඉගැන්වීමේ ගුරු බලයද කතෝලික සභාව තුල සිටි ප්‍රේරිතයන් සහ සභා මූලිකයන් අත  තිබූ බවයි.

මෙය කතෝලික සභාවේ ❄️ Magisterium එක ලෙස හඳුන්වයි.

6 ප්‍රේරිතවරයෝ ද සභා මූලිකයෝ ද මේ කාරණය ගැන කල්පනා කර බලන පිණිස රැස් වූ හ. (අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:6)

ප්‍රේරිතයන් සහ සභා මූලිකයන් ශුද්ධාත්මයානන් තුලින් නික්මෙන්නා වූ අපෝස්තලික සභා සම්ප්‍රදාය තුල ඇති, ඉගැන්වීම් අනුසාරයෙන් දීර්ඝ ලෙස  වාද විවාද කරද්දී පේදුරු තුමාගේ මැදිහත්වීම තුල මෙම වාදය අවසන් වීම, එතුමන්ගේ නායකත්වය පිලිබඳව කැපී පෙනෙන සාධකයක්  ලෙස පෙන්විය හැක.

එහිදී තමන්ව ජේසුස් වහන්සේ විසින් විශේශාකාරයෙන් පත් කල බවට පේදුරු තුමා ප්‍රකාශ කරයි.

7 දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, ''සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:7)
28 ඔවුන් අමතා, ''ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 10:28)

(ඉහත පාඨය තුලින් පේදුරු තුමා කොරනේලියස් බෞතීස්මය කිරන අවස්ථාවේ දෙවියන්වහන්සේගෙන් සැල වූ එළිදරව්ව ගැන කතා කරයි )

තවද පේදුරු තුමා එම ගැටලුවට උත්තරය එතුමාගේ අදහසක් ලෙස නොව, ශුද්ධාත්මයානන් තුලින් පැමිනි ඉගැන්වීමේ අනුසාරයෙන්  විශ්වාසයේ පැවතිය යුතු ආකාරය ❄️ප්‍රකාශයක්(declaration ) ලෙස පවසා සිටියේය.සැබැවින්ම කතෝලික සභාවේ පළමු පාප්වරයා විසින් සිදුකල ප්‍රථම ❄️වේද සත්‍යතා ප්‍රකාශනය ( Dogmatic Declaration ) ලෙස හැඳින්විය හැක.

11 එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු''යි කී ය.
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:11)

මෙම  ප්‍රකාශයෙන්  අනතුරුව සභාව තුල කිසිඳු විරෝධතාවයක් එයට නොනැඟුනු අතර ප්‍රේරිත සහ සභා නායක වරු පේදුරු තුමාගේ තීරණයට අවනත වීම ( ❔ඇතමුන්  මේ මොහොතේදීත් වෙනස් මත දැරුවත් ❔) මගින් එකල සිට පැවති සභා ❄නායකත්වයේ බලයට (❄️ Papacy ) සහ නොවරදිනසුලු භාවයට ( ❄️ infalliblity ) තිබූ කීකරු කම මැනවින් විදහා පායි.

12 එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ. (අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:12)

පසුව රැස්වීමෙහි අවසන් ප්‍රතිඵලය, ඉගැන්වීමක් ලෙස අනෙකුත් ප්‍රාදේශීය සභා වෙත දැනුම් දීමට නියෝග දෙනු ලබයි.මෙහිදී අපට පෙනෙන්නේ සභාවේ නායකයා විසින් ප්‍රකාශ කරන යම් ඉගැන්වීමක් අනෙකුත් සභා අතර පිලිපැදිය යුතු නියෝගයක් වශයෙන් වර්තමානයේ කතෝලික සභාව තුල සිදුවන්නාක් මෙන් එකලද සිදු වූ බවයි

26 එහෙයින් තමන්ගේ දිවි නොතකා, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා, ජීවිත කැප කළ අපගේ ප්‍රේමණීය බාර්ණබස් ද පාවුලු ද සමඟ, නියෝජිතයන් තෝරා ගෙන ඔබ වෙතට එවීම සුදුසු යයි රැස් වූ අපගේ ඒකමතික තීරණය විය. 27 එහෙයින් ජූදස් ද සීලස් ද ඔබ වෙත එවමු. ඔවුන් මේ කාරණා ම ඔබට කට වචනයෙන් ද කියනු ඇත. (අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15 : 26-27)
30 මෙසේ යවනු ලැබූ ඔව්හු, අන්තියෝකියට පැමිණ, සමූහයා රැස් කරවා ලිපිය භාර දුන්හ. 31 සමූහයා එය කියවා, ඒ අනුශාසනාව ගැන ප්‍රීති වූ හ. (අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15 : 30-31)

පාවුළු තුමා විසින් මින් පසුවට ඔහුගේ සුබාරංචිය පැතිරවීමේ කාර්‍යය තුල නව ඉගැන්වීම් එහි සිටින්නන්ට උගන්වන ලෙස බාර දෙනු ලබයි.

4 ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ. 5 මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි වර්ධනය වූ හ. දිනෙන් දින සෙනඟගේ ගණන ද වැඩි විය.
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 16 : 4-5)

මෙහිදී යමක් පැහැදිලි ලෙස ප්‍රකාශ කල යුතුය. ප්‍රේරිතයන් සහ සභා මූලිකයන්  ( ❄️church magisterium ) සහ ඔවුන්ගේ අධිකාරී බලය තුලින් ශුද්ධාත්මයානන් වහන්සේ ක්‍රියා කරන බව මුල් ක්‍රිස්තියානීන්  විශ්වාස කලහ.

29 එනම්, දේව පිළිමවලට පිදූ දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන් කෑමෙන් ද කාමමිථ්‍යාචාරයෙන් ද ඔබ වැළකිය යුතු බව මිස, වෙන කිසි බරක් ඔබ පිට නොතැබීම යහපතැ යි ශුද්ධාත්මයාණන්ටත් අපටත් පෙනී ගියේ ය. ඔබ මේවායින් වළකින්නහු නම් යහපති. ඔබට සෙත් වේ වා!''
(අපෝස්තුලුවරැන්ගේ ක්‍රියා 15:28)

මේ ආකාරයට ජෙරුසලෙම් මන්ත්‍රණ සභාව මූලාකෘතිය කරගෙන විවිද Heresies වලට එරෙහිව මන්ත්‍රන සභා 21ක් සහ ඒ හා සබැඳි වේදසත්‍යතාවයන් 225ක්ද  කතෝලික සභාව තුල ඇත..
අද මූලධර්මවාදීන් බොහෝ දෙනෙක් ප්‍රතික්ශේප කරන්නේත් එවැනි ප්‍රධාන ඝනයේ වේදසත්‍යතාවයන් වේ. සැබවින්ම ක්‍රියා 15 ගැඹුරින් අධ්‍යනය කල කෙනෙකුට කතෝලික සභාව යනු මුල් කිතුනු සභාවයි යන්න නොතේරේ නම්, ඔවුන් බයිබලය කියවා කුමක් තේරුම් ගන්නේද යන්න පිලිබඳව ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි.

පසුවදන

ඔබ සැබවින්ම Sola Scriptura  විශ්වාස කරන අයෙක් නම් ඔබේ සභාවේත් ක්‍රියා කලාපය ක්‍රියා 15 ට අනුගත විය යුතුය.ඒ අනුව වඩාත් බයිබලයට අනුගත ක්‍රියාකලාපය ඇත්තේ කතෝලික සභාවේද නැතිනම් ප්‍රොතෙස්තන්ත්‍ර සභා වලද යන්න තීරණය කිරීම බිද්ධිමත් ඔබටම බාර කරමි.

සංශිප්තය

ඉහත විග්‍රහය අනුව කතෝලික සබාවේ පහත ලක්ශන මැනවින් පෙන්නුම් කරයි.

විශ්වීයත්වය (CATHOLIC) -
ජෙරුසලම් මන්ත්‍රණ සභාවේ ගත් තීන්දු තීරණ ගෝලීය වශයෙන් පිලිගැනීම සහ ඉගැන්වීම (ක්‍රියා 16 : 1-5 )

අධිකාරී බලය (AUTHORITATIVE) -
දහමේ ඉගැන්වීම් පිළිබඳ අර්ථකතනය කිරීමට ඇති   දිව්‍යමය අවසරය තිබූ අතර, සියලුම ක්‍රිස්තියානීන්/ප්‍රාදේශීය සභාවන් එයට කීකරු වීමට දිව්‍යමය වශයෙන් පනවන ලද වගකීමක් තිබුණි.(ක්‍රියා15:23-29/ 16-18 , ආමෝස් 9:11-12)

නොවරදිනසුලුභාවය (INFALLIBLITY) -
පේදුරු තුමාගේ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශය බවට සියලු දෙනා පිලිගතහ .( ක්‍රිය 15:12 )

අපෝස්තලිකත්වය (APOSTALIC) -
සුබාරංචිය පතල කිරීම ( ක්‍රියා 15:22 -23/16:4)

15 සවන් ඇත්තෝ සවන් දෙත් වා!
(ශු. මතේව්  11:15)

~ Veritas