ජේසුස් වහන්සේ කතෝලික සභාව ස්තාපිත කලාද?

ජේසුස් වහන්සේ කතෝලික සභාව ස්තාපිත කලාද?
Photo by Fr. Barry Braum / Unsplash

බයිබලයේ කිසිම තැනක කතෝලික සභාව යන වචනය නොමැති කියා කෑ ගැසීම වර්තමාන බයිබලය හා සභා ඉතිහාසය හරි හැටි නොදන්න කතෝලික නොවන ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ප්‍රධානතම තර්කයක් බවට පත්ව ඇත.

නමුත් ඒ තර්කයම ඔවුන්ගේ පසුපසින් එන බව ඔවුන් නොදනී.මන්ද ශුද්ධ ලියවිල්ල තුල ජේසුස් වහන්සේ කිසිදු අවස්තාවක බයිබලයක් ලිවීමට අණ කර නැත.එමෙන්ම ත්‍රිත්වය පිලිබද ඉගැන්වීම තිබුනාට ත්‍රිත්වය යන වචනය බයිබලයේ කිසිදු ස්ථානයක සදහන් නොවේ.
ජේසුස් වහන්සේ ස්තාපිත කලේ එක සභාවක් බව බයිබලය කියවා ඇති කිතුණුවකු දන්නා ඉතාමත් සුලු කරුණකි.

මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
ශුද්ධවර මතෙව් 16:18 NRSV

මෙහි සදහන් වන්නේ කුමක්ද?ජේසුස් වහන්සේ තම සභාව ස්තාපිත කළේ ජේසුස් වහන්සේ ප්‍රධාන අපෝස්තුලුවරයානන් වූ පේදුරු තුමන් මතයි.එමෙන්ම ජේසුස් වහන්සේ පේදුරු තුමන්ට තුන් ප්‍රාකාර වගකීමකුත් භාර දෙනවා.

උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.
ශුද්ධවර ජොහන් 21:17 NRSV

කතෝලික සභාව පැමිනෙන්නේ කොහේ සිටද කවුද ප්‍රථම කතෝලික පාප් තුමන් ?
මුල් කිතුණු සභාවේ සදහන් පරිදි ජේසුස් වහන්සේ ස්තාපිත කල සැබෑ ක්‍රිස්තියානි සිටි සභාව කතෝලික සභාව ලෙස පළමු සියවසේ සිටම හැදින්විය.
එයට සාක්ෂි පහලින් දක්වා ඇත.

Ignatius of Antioch

“Let no one do anything of concern to the Church without the bishop. Let that be considered a valid Eucharist which is celebrated by the bishop or by one whom he ordains [i.e., a presbyter]. Wherever the bishop appears, let the people be there; just as wherever Jesus Christ is, there is the Catholic Church” (Letter to the Smyrneans 8:2 [A.D. 110]).

The Martyrdom of Polycarp

“And of the elect, he was one indeed, the wonderful martyr Polycarp, who in our days was an apostolic and prophetic teacher, bishop of the Catholic Church in Smyrna. For every word which came forth from his mouth was fulfilled and will be fulfilled” (Martyrdom of Polycarp 16:2 [A.D. 155]).

The Muratorian Canon

“Besides these [letters of Paul] there is one to Philemon, and one to Titus, and two to Timothy, in affection and love, but nevertheless regarded as holy in the Catholic Church, in the ordering of churchly discipline. There is also one [letter] to the Laodiceans and another to the Alexandrians, forged under the name of Paul, in regard to the heresy of Marcion, and there are several others which cannot be received by the Church, for it is not suitable that gall be mixed with honey. The epistle of Jude, indeed, and the two ascribed to John are received by the Catholic Church (Muratorian fragment [A.D. 177]).

Tertullian

“Where was [the heretic] Marcion, that shipmaster of Pontus, the zealous student of Stoicism? Where was Valentinus, the disciple of Platonism? For it is evident that those men lived not so long ago—in the reign of Antonius for the most part—and that they at first were believers in the doctrine of the Catholic Church, in the church of Rome under the episcopate of the blessed Eleutherius, until on account of their ever restless curiosity, with which they even infected the brethren, they were more than once expelled” (Demurrer Against the Heretics 30 [A.D. 200]).

Cyprian of Carthage

“You ought to know, then, that the bishop is in the Church and the Church in the bishops; and if someone is not with the bishop, he is not in the Church. They vainly flatter themselves who creep up, not having peace with the priest of God, believing that they are secretly in communion with certain individuals. For the Church, which is one and catholic, is not split or divided, but is indeed united and joined by the cement of priests who adhere to one another” (Letters 66[67]:8 [A.D. 253]).

Council of Nicaea I

“But those who say: ‘There was [a time] when he [the Son] was not,’ and ‘before he was born, he was not,’ and ‘because he was made from non-existing matter, he is either of another substance or essence,’ and those who call ‘God the Son of God changeable and mutable,’ these the Catholic Church anathematizes” (Appendix to the Creed of Nicaea [A.D. 325]).
“Concerning those who call themselves Cathari [Novatians], that is, ‘the Clean,’ if at any time they come to the Catholic Church, it has been decided by the holy and great council that, provided they receive the imposition of hands, they remain among the clergy. However, because they are accepting and following the doctrines of the catholic and apostolic Church, it is fitting that they acknowledge this in writing before all; that is, both that they communicate with the twice married and with those who have lapsed during a persecution”

Cyril of Jerusalem

“[The Church] is called catholic, then, because it extends over the whole world, from end to end of the earth, and because it teaches universally and infallibly each and every doctrine which must come to the knowledge of men, concerning things visible and invisible, heavenly and earthly, and because it brings every race of men into subjection to godliness, governors and governed, learned and unlearned, and because it universally treats and heals every class of sins, those committed with the soul and those with the body, and it possesses within itself every conceivable form of virtue, in deeds and in words and in the spiritual gifts of every description” (Catechetical Lectures 18:23 [A.D. 350]).
“And if you ever are visiting in cities, do not inquire simply where the house of the Lord is—for the others, sects of the impious, attempt to call their dens ‘houses of the Lord’—nor ask merely where the Church is, but where is the Catholic Church. For this is the name peculiar to this holy Church, the mother of us all, which is the spouse of our Lord Jesus Christ, the only-begotten Son of God” (ibid., 18:26).

සභා නායකයන් නම් කරද්දී ඔවුන් සභා නායකයන් ව නම්කලේ කතෝලික සභාවේ නායකයෙකු ලෙස මිසක් ක්‍රිස්තියානි සභාවේ නායකයකු ලෙස නොවේ.

මීලගට ලොව පිලිගත් විශ්වකෝෂයන් කතෝලික සභාව ගැන දක්වන අදහස සොයා බලමු

ᏴᎡᏆͲᎪΝΝᏆᏟᎪ ᎬΝᏟᎽᏟᏞϴᏢᎬᎪᎠᏆᎪ

"The Roman Catholic Church traces its history to Jesus Christ and the Apostles. Over the course of centuries, it developed a highly sophisticated theology and an elaborate organizational structure headed by the papacy, the oldest continuing absolute monarchy in the world."

ලොව ප්‍රධාන පෙලේ විශ්වකෝශ සියල්ලම පාහේ සදහන් කරන පරිදි කතෝලික සභාව ජේසුස් වහන්සේ හා අපෝස්තුලුවරයන් ජීවත් වූ කාලය දක්වාම ඉතිහාසයක් පවතී.

කතෝලික සභාව ගැන තවත් කරුණු දැක්වූ තවත් විශ්වකෝෂයන් කොමෙන්ට් ලිස්ට් එකේ දැක්වේ.

ඉහත කරුණු අනුව තහවුරු වන්නේ ජේසුස් වහන්සේ පේදුරු තුමන් මත තම සභාව ගොඩ නැගූ බවත් එම කාලයේ සභාවට කිසිදු නමක් නොතිබූ බව හා නමුත් විවිධ මිත්‍යාදෘශ්ටික ක්‍රිස්තියානි කණ්ඩායම් බිහිවීමත් සමගම පලමු සියවස අවසානයටත් පෙර අපෝස්තලික යුගයේම සැබෑ සභාව කතෝලික සභාව ලෙස හැදින්වු බවයි.

ශුද්ධ බයිබලයට නව ගිවිසුම එක් කලේ කුමන සභාවද ?

බයිබලය එක් කලේ කවුද යන්න ගොඩක් දෙනෙකු නොදන්නා ප්‍රශ්නයකි.නමුත් කතෝලික නොවන ක්‍රිස්තියානින් සියලු දෙනාම කතෝලික සභාව ප්‍රතික්ෂේප කලාට කතෝලික සභාව නිර්මාණය කල ශුද්ධ බයිබලය නමැති ග්‍රන්ථය භාවිත කරයි.

‍ක්‍රි.ව 4 වන සියවස තෙක් නිසි බයිබලයක් නොතිබිනි.ක්‍රි ව 382 දී කතෝලික මන්ත්‍රණ සභාවක් වූ රෝම මන්ත්‍රණ සභාව තුල දේවානුභාවයෙන් රචිත පොත් ලැයිස්තුවක් ලෙස පේදුරු තුමන්ගේ 37 වන අනුප්‍රාප්තිකයාන් වූ දමසස් පාප් තුමන් විසින් බයිබලයේ දේවානුභාවයෙන් රචිත පොත් ලැයිස්තුව නම් කරන ලදි.

නමුත් අපට ඇති ප්‍රධානතම ගැටළුව වන්නේ කිසිදු බලතලයකින් තොර කතෝලික පියතුමෙකු වූ මාටින් ලූතර් හට බයිබලයෙන් පොත් ඉවත් කිරීමට අයිතිය දුන්නේ කවුරුන්ද යන්නයි.මෙහි බරපතල බව ගැන ශුද්ධ බයිබලය තුලම පැහැදිලි ව සදහන් වේ.

මේ පොතේ සඳහන් දිවැස් වැකි අසන සියල්ලන්ට මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක. යමෙක් මේ පොතේ දිවැස් වැකිවලින් යමක් අහක් කරන්නේ නම්, මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේ ද ශුද්ධ නුවරේ ද පංගුකාරකමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක.  මේ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ, “සැබැවින් ම මම ඉක්මනින් එමි”යි වදාරන සේක. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව!
එළිදරව්ව 22:18‭-‬20 NRSV

වර්තමානයේ තවත් ප්‍රධාන තර්කයක් බවට පත්ව ඇත්තේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් කතෝලික සභාව නිර්මාණය කල බවයි.මෙවැනි ප්‍රකාශ සිදු කරන කිතුණුවන්ගේ ලාමක දැනුම පිළිබදයි.

මන්ද කොන්ස්ටන්ටයින් අධිරාජයයාට පෙර කතෝලික පාප් වරුන් 30 අදික පිරිසක් සිටි බවට මුල් කිතුණු සභා ඉතිහාසය යාන්තමින් අධ්‍යනය කර ඇති පුද්ගලයන් පවා දන්නා කරුණකි.
දැන් කතෝලික නොවන ක්‍රිස්තියානි සභා ආරම්භ වූ ආකාරයට හා කවුද ආරම්භ කළේ යන්න සොයා බලමු.

පෙරදිග ඕර්තඩොක්ස් සභාව - පෙරදිග ඕර්තඩොක්ස් සභාව යනු ක්‍රිව 1054 තෙක් පාප් තුමාගෙ පාලනය මත තිබූ කතෝලික සභාවේ කොටසකි.නමුත් එකල පාප් ධූරයේ තිබූ අක්‍රමිකතාවන් , filioque හා යම් යම් කරුණු මත ඕර්තඩොක්ස් වරුන් කතෝලික සභාවෙන් වෙන් විය.නමුත් ඔවුන් 90% වඩා කතෝලික ඉගැන්වීම් හා සමානවේ.
ලූතරන් සභාව - 16 වන සියවසේ විසූ කතෝලික පියතුමකු වූ මාටින් ලූතර් විසින් එකල කතෝලික නායකයන්ගේ තිබූ අක්‍රමිකතාවන් හේතුවෙන් ඔහුට බයිබලය වැටහුනු ආකාරයට තම සභාව සැබෑ ක්‍රිස්තියානින් කියා නව සභාවක් ජේසුස් වහන්සේගේ කුරුසපත් වීමෙන් වසර 1500 කින් පමණ පසු ගොඩ නැගීය.
මෙතෝදිස්ත සභාව - වෙස්ලි සහෝදරයන් විසින් ක්‍රි ව 18 වන සියවසේ මෙතෝදිස්ත සභාව නිර්මාණය කරන ලදි.
ඇන්ග්ලිකන් සභාව - 16 වන සියවසේ එංගලන්තයේ  8 වන හෙන්රි රජුට දික්කසාදය දීමට කතෝලික සභාව ප්‍රතික්ෂේප කල හේතුවෙන් ඔහු ඔහුටම කියා ඔහුට අදාල ඉගැන්වීම් දමා සභාවක් ගොඩ නගන ලදි.

අවසානයට සභා බෙදීම් ගැන ශුද්ධ ලියවිල්ල තුල දක්වා ඇත්තේ කුමක්ද කියා සොයා බලමු.

සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.
රෝම 16:17 NRSV

සහෝදරයෙනි, ඔබ සියලු දෙනා එක දෙය ම කියන ලෙස ද ඔබ අතර භේද නැති ව, එක සිතින් හා එක කල්පනාවෙන් සම්පූර්ණයෙන් එකඟ ව සිටින ලෙස ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගෙන් උදක් ම ඉල්ලා සිටිමි.
1 කොරින්ති 1:10 NRSV
එසේ කෙළේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක් ම අනෙක් අවයවයන් එකාකාර ව සලකන පිණිසත් ය.
1 කොරින්ති 12:25 NRSV
“අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ. ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය. එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න.
ජූද් 1:18‭-‬20 NRSV
යම් රාජ්‍යයක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ රාජ්‍යයට පවතින්න නොහැකි ය. යම් ගෙදරක් ඊට ම විරෝධී ව භේද වුවහොත්, ඒ ගෙදරට පැවැත්මක් නැත්තේ ම ය.
ශුද්ධවර මාක් 3:24‭-‬25 NRSV
පෙර කාලයේ ජනතාව අතර බොරු දිවැසිවරුන් පහළ වූවාක් මෙන් ඔබ අතර බොරු ගුරුවරුන් පහළ වනු ඇත. ඔව්හු විනාශකාරී අසත්‍ය ධර්ම උපදවමින්, තමන් මිදූ සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට හදිසි විනාශය පමුණුවාගන්නෝ ය.
2 පේදුරු 2:1 NRSV

සාමාන්‍ය මිනිසෙකුට සභාව භේද කිරීමට අයිතිය දුන්නේ කවුරුන්ද?
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද නැත්නම් සාතන්ද?
තීරණය ඔබ සතුයි.
සත්‍ය සොයන ඔබට ජේසු පිහිටයි.