මූලධර්මවාදීන් විසින් විකෘති කරන මරිය මාතාවන්ගේ මැදිහත්වීම

මූලධර්මවාදීන් විසින් විකෘති කරන මරිය මාතාවන්ගේ මැදිහත්වීම
Photo by Ashwini Chaudhary(Monty) / Unsplash

✳️ මෙම මැදිහත්කරුවාණන් පිලිබද අදහස  ශුද්ධ  බයිබලය තුළ සදහන් වන්නේ මෙසේය.

"ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදිහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය."
(1 තිමෝති 2:5 NRSV)

〽️මූලධර්මවාදීන්  විසින්  නව  ගිවිසුම  රචනා  වූ  මුල්  භාෂාව  අමතක කර  කතෝලික  සභාවට  මඩ ගැසීමට  මෙම  ශුද්ධ  ලියවිලි  පාඨය ඉතාමත්  පහත්  ලෙස භාවිතා  කිරීම කනගාටුවට කරුණකි. ඔවුන්  මේ  පාඨය හරහා  දේවමතාවන්  වන මරිය තුමියගේ මැදිහත් යාච්ඤා පිහිට ඉල්ලීම විවේචනයට බදුන් කරයි . එම විකෘති විවේචන පෙන්වා දීම මෙම ලිපියේ  අරමුණයි.

〽️මැදිහත්කාරකම  ශුද්ධ  ලියවිල්ලේ පුරාණ  සහ නව ගිවිසුම  තුළ   දෙයාකාරයකින් සදහන් වේ.
එනම් ;

(1) ලේ වලින්  අපේ ගැලවීම  දීම, සඳහා  මධ්‍යස්ථකාරයා  වන ජේසුතුමන්ගේ  මැදහත්කාරකම (Mediator )
(2) අප වෙනුවෙන්  යැදුමෙන් මැදිහත්වන්නා (Intercessor) යන දෙයාකාරයි.

දැන් අප  මේ දෙයාකාර මැදිහත්කම   වෙනම  වෙනම  සසදා  බලමු  .

මැදිහත්කරු (Mediator)

"එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත්කාරයාණෝ වන සේක."    (greek term-mesites).
- ( හෙබ්‍රෙව් 9 : 14 - 15 ) -

✴️මෙය මෙසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. උන්වහන්සේගේ  ලේ වලින්  අපට ගැලවීම ලබා දීම නිසා  නව ගිවිසුමේ  එකම මධ්‍යස්ථකාරයා  ක්‍රිස්තුන්වහන්සේ  පමණයි. ඒ නිසා  මධ්‍යස්ථකාරයා  යන වචනයට "Mesites" යන  ග්‍රීක පදයත් එකම යන වචනයට " Heiss" කියන ග්‍රීක  පදයත්  යොදා  ඇත .
1 තිමෝති 2/

✴️ඇත්තේ එක ම (HEISS  යන ග්‍රීක  පදය)     දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එකම (HEISS  යන ග්‍රීක  පදය) මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය.

එබැවින්  අපට මිදීමේ  මිලය දීම සඳහා  එකම මධයස්ථකාරයා  ලෙස  සිටින්නේ  එතුමා  පමණි.

අප වෙනුවෙන් යැදුමෙන් මැදිහත් වන්නා(Intercessor)

[1]I urge then, first of all that petitions, prayers, intercessions( Greek: ἔντευξις) thanksgiving should be offered for everyone,
δεήσεις προσευχάς ἐντεύξεις එන්ටකෂීස් εὐχαριστίας ὑπὲρ.
1 Timothy 2:1

සියල්ලට ම ප්‍රථමයෙන්, සෑම දෙනා වෙනුවෙන් අයැදුම් ද යාච්ඤා ද ඉල්ලීම් ද (  greek -ἔντευξις- intercessions ) ඔප්පු කළ යුතු බව මගේ අවවාදය යි.

He also said to the Ephesians: "...praying always with all prayer and supplication in the Spirit, being watchful to this end with all perseverance and supplication for all the saints - and for me" (Eph.6: 18,19)

සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න.

Greek: προσεύχομαι පරස්ඔකොමායි( pros-yü'-kho-mī (Key)

💠මෙහි  යයාච්ඤා  කිරීම  සඳහා  යොදා  ඇත්තේ  වෙනත්  ග්‍රීක  පදයකි.
ඉහත මෙම පද දෙකම  වෙනම සසදා බලා එය  විකෘති  කර ඇති  ආකාරය  පෙන්වා  දී  ඇත. ඔවුන්  Intercessor සහ Mediator  පටලාවාගෙන  විකෘති ලෙස ඉදිරිපත් කරන්නේ දේව  අම්මාට බව  පැහැදිලි  වනු ඇත.

💠මරියතුමිය  මිනිස්  වර්ගයාගේ  ගැලවීම සදහා අද්විතීය  මෙහෙයක්  ඉටු කල බව ශුද්ධ වු  සභාව පිලිගනී. "දෙවිදුන්  හා ජනතාව  අතර මැදිහත්කාරියක  වශයෙන් විශාල මෙහෙයක්  ඉටු කර ඇත. ශුද්ධ වු  ත්‍රිත්වය  මුලින්ම  එළිදරව්  කර ඇත්තේ මරියතුමියට බව  ශුද්ධ ලියවිල්ලේ සදහන් ය. ඒ ජේසුතුමාගේ  මංශගත  වීමේ අභිරහස තුළය. පුත්‍රයාණන්  කවුදැ යි  අනාවරණය  කර දීම සදහා  පියාණන් වහන්සේ  තෝරගත්  අය  අතර  ප්‍රථමයා  මරිය තුමිය  බව මූලධර්මවාදීන්  නොදනී.

පුරාණ  ගිවිසුමේ මැදිහත්කම

  • ආබ්‍රහම් තුමාගේ මැදිහත්වීම
    (උත්  28/20-23)
  • ලොත්ගේ  මැදිහත්වීම
    (උත් 19/17-22)
  • මෝසෙස්  තුමාගේ මැදිහත්වීම
    (ගණන් කථාව 21/4-9)
  • ජුදිත්ගේ  මැදිහත්වීම
    (ජුදිත් 8/30-10/2)

මේ අනුව  පුරාණ  ගිවිසුමට  අනුව  මැදිහත් වීම සුලභ තේමාවක් විය.

නව ගිවිසුමේ  මැදිහත් විම

නව ගිවිසුමේ  මැදිහත්වීම  පිළිබද  ආදර්ශය  දෙනු  ලබන්නේ ජේසුතුමා  විසින්ම වේ. ඊට හොදම නිදර්ශනය  ජුවාම් 17 පරිච්ඡේදය තුල තිබෙන උත්තම පුජක යැදුම තුළ සදහන්ව ඇත. මීලගට නව ගිවිසුම තුළ  ශු.පාවුළුතුමා පිලිප්පි ලිපියේත් ,   (පිලිප්පි 1/3-4) සියළුම දෙනාගෙ ගැලවිම වෙනුවෙන්  යැදුම 1 තිමෝති ලිපියෙහිත් සදහන් වේ. (1තිමති2/1-15).

මරිය  තුමියගෙ මැදිහත්  විම

🔻 මෙය  ඉතාමත්  පැහැදිලිවම  ශුද්ධ  ලියවිල්ල  තුළ  සදහන්ව ඇත. එනම්  කානා නුවර  වතුර  වයින්  කිරීමේ  ප්‍රාතිහාර්යය සිදු කිරීමේ  පසුබිම තුලයි.  එහිදී ජේසුතුමා තමන්වහන්සේට  නියමිත  පළමු මොහොත පවා  වෙනස්  කල සේක. එය ජේසුතුමාගේ  ප්‍රසිද්ධ ජීවිතයේ පළමු ප්‍රාතිහාර්ය වේ. එය සිදු කලේ  මරියතුමියගේ  මැදිහත්වීම  තුළ බව මතක තබා ගත යුතුයි .
(ජුවාම් 2/3-12)

🔺 මිනිස් පවුල වෙත දක්වන මරියතුමියගේ මාතෘක  ක්‍රියාකාරීත්වය  හේතුවෙන් ජේසු  තුමාගේ " මැදිහත්වීමේ" අද්විතීය  ක්‍රියාකාරීත්වය  කොහෙත්ම අඩු  නොවෙයි. එහිදී  සිදුවන්නේ ජේසුතුමාගේ මැදහත්වීමේ සාර්ථකත්වයයි. "ඇත්තේ එකම  දෙවියන් වහන්සේ  නිසාත් දෙවියන් වහන්සේ  හා මනුෂ්‍යයන්  අතර වනුයේ  එකම මැදිහත් කාරයෙකි" (1තිමති 2/5)

🔻 දෙවියන්වහන්සේම මරියතුමියව ගැලවුම්කරු  ලොවට බිහිකිරීමේ කාර්යයට තෝරා ගත් සේක. එම නිසා මරියතුමියගේ මැදහත්වීම රදා පවතින්නේ  ජේසුතුමා මතය.

🔺 එම නිසා බයිබලය විකෘති කරමින්  එකම මධ්‍යස්ථකාරයා (ලේ වලින්  මීදුම් මිලය දුන් mesistes greek word) )  හා    යැදුමෙන්  මධ්‍යස්ථ වීම යන දෙකම  එකක් ලෙස සලකා  ශු. බයිබලයෙන්  කරුණු  ඉදිරිපත්  කිරීම  තුළ වැරදි  මතයක්  ඇති වීමට ඉඩ කඩ ඇත. එම නිසා මූලධර්මවාදීන් විසින්   ලේ වලින්  මිදීම දුන් මධ්‍යස්ථකාරයා  හා අන් අය වෙනුවෙන්  යච්ඤාවෙන්  මැදහත් වන්නා යනු  කාරණා එකක් නොව දෙකක් බව ඉතා හොදින් වටහා ගත යුතුය. එම නිසා එවැනි විකෘති කිරීම්වලට නොරැවටී සත්‍ය අවබෝධයෙන් ජීවත් වන්න.

ස්තූතියි
ජේසු පිහිටයි ❤