ශුද්ධවන්තයින්ගෙ මැදිහත්කාරකම

ශුද්ධවන්තයින්ගෙ මැදිහත්කාරකම
Photo by Josh Applegate / Unsplash

මූලධර්මවාදීන් නිතරම අභියොගටලක්‌ කරන දෙයක් තමා ශුද්ධවන්තයින්ගෙ මැදිහත්කාරකම,

  1. අවසාන විනිශ්චය තෙක් ශුද්ධවන්තයින් ස්වර්ගයට නොනගින බවත්,
  2. ඔව්න් අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මැදිහත්කාරකම් නොකරනබවත්,
    එයාල ගේන බොහොම ජනප්‍රිය තර්ක.

°මේකෙ පලවෙනි කරුණ මීට කලින් ගොඩක් තැන්වලදි ප්‍රතික්ෂේප වෙලා තියෙනව,  ක්‍රිස්තුස්වහන්සේගෙ උත්ථානයෙන් පසු, ඊට පෙර ජීවත් වූ ශුද්ධවන්තයන් ස්වර්ගයට නැගි බවත්,  උන්වහන්සේ ප්‍රාණ පූජාවෙන් ගෙවූ මිලය නිසා ඉන් පසු සියළු ශුද්ධවන්තයින් ස්වර්ගයට නගින බව මින් පැහැදිලි වෙනව.⬇️

" 52 පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව,
53 ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය."
(ශුද්ධවර මතෙව් 27:52-53)

මේ post එකෙන් විශේෂයෙන් කතා කරන්න යන්නෙ මේ දෙවෙනි කාරණේ ගැන.

° ශුද්ධවන්තයින් ස්වර්ගයට නගිනව කියල ඔප්පු කරාට පස්සෙ මෙයාල ගේන තර්කෙ තමා, ඔව්න් ස්වර්ගයට නැගුනත් මැදිහත් කාරකම් කරන්න බැරි බව. එලිදරව්වෙ මේ ගැන මොනාද තියෙන්නෙ කියල දැන් බලමු.⬇️

" එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළු පැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය."
(එළිදරව් 5:8 )

මේ පාටයෙන් ඕනෑවටත් වඩා පැහැදිලියි ශුද්ධවන්තයින්  ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙ අප වෙනුවෙන් මැදිහත් වෙන බව..

°ඉන්පස්සෙ කරකියා ගන්න දෙයක් නැතිකොට මූලධර්මවාදීන් තව ලස්සන තර්කයක් ගේනව,  එ තමා ' ශුද්ධවන්තයින් යාඥා කරන්නෙ අපි වෙනුවෙන් නෙමේ ' කියන එක.
අපි ආයෙත් එලිදරව්ව පැත්තට යමු බලන්න ⬇️

" 3 තවත් දේවදූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පුකරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙනලද්දේය.
4 සුගන්ධ ද්‍රව්‍යයේ දුම ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ දේවදූතයාගේ අතින් දෙවියන්වහන්සේ ඉදිරියට නැංගේය.
5 දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලියද පොළෝකම්පාවක්ද විය."
(එළිදරව්ව 8: 3-5 )

(මේ පාටය සම්පුර්ණයෙන් තේරුම් ගන්න එළිදරව්ව 8, 9, 10, 11,  පරිච්ඡේද පරිශීලනය කරන්න)

ශුද්ධවන්තයින්ගේ යාඥා සුවද දුම් සමග දෙවියන් වහන්සේ ඉදිරියට ගෙන ගොස්,  දුම්  රැගෙන, පූජාසනයෙ ගින්නෙන් එය පුරවා පොලවට හෙළුව කියන්නෙ ශුද්ධවන්තයින් අපි වෙනුවෙන් කරපු යාඥා උන්වහන්සේ පිළිඅරන් උන් වහන්සේගේ බලයෙන් එ යාඥා සපල වෙන්න සැලැස්සුව කියන එක නෙමේද??   එව පොළොවට හෙළුවෙ ඒවා කා වෙනුවෙන් කරපු යාඥා නිසාද??
මොලයක් තියෙනවනම් දැනටමත් තේරෙන්න ඕනෙ..

බුද්ධිමත් කිතුනුවෙක්ට තේරුම් මේ ඇති, post එක තව දික් කරන්න ඕනෙ නෑ.

~ නේහාන් දීනාත්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව