සාන්තුවර බැතිය පිළිබඳව ශුද්ධ බයිබලය ඉගැන්වීම තේරුම් ගනිමු

සාන්තුවර බැතිය පිළිබඳව ශුද්ධ බයිබලය ඉගැන්වීම තේරුම් ගනිමු
Photo by Ivan Zhuldybin / Unsplash

කතෝලික සභාවේ ඇති  සාන්තුවරයන් කෙරෙහි ඇති ගරුත්වය නොයෙක් මූලධර්මවාදී කණ්ඩායම්  විසින්  වැරදි ආකාරයෙන් නිර්වචනය  කරමින් සිටී. එනිසා මෙම ලිපිය කියවා අවබෝධ කර ගනිමින් එය සෙසු කතෝලික සහෝදරයන් අතර බෙදා යවන මෙන් ඉල්ලමි.

"මා හැර අන් කිසිදු දෙවියකු කෙනෙකු ඔබට නොසිටිය යුතුය." (ද්විතීය නීතිය 5:7, නික්මයාම 20:3). මෙම දේව  වචන මය ඉගැන්වීම පිළිබඳව කතෝලික සභා මාතාව දැඩි ස්ථාවරයක සිටි. එහෙත්

මෙම පාඨයන්  විමර්ශනාත්මකව කියවීමේ දී  පෙනී යන්නේ දෙවියන් වහන්සේ මිනිසාට තහනම් කරන්නේ රූප ඇඹීම  නොව දෙවියන් වහන්සේට විකල්පයක් ලෙස වන  රූප නිර්මාණය කිරීමය . එම බයිබලය තුළ ම තුළම තවත් ස්ථාන කිහිපයක දෙවියන් වහන්සේ විසින්ම රූප ඇඹීමට  ජනතාවට අනකරණ සේක.

(1)(නික්මයාම 34:4) ගල් පුවරු නිර්මාණය කිරීමට අණ දෙන්නේ දෙවියන් වහන්සේය.

(2) (ගණන් කථාව 21:8) ලෝකඩ සර්පයා සාදන්නට අණ දෙන්නේ දෙවියන් වහන්සේය.

(3)(නික්මයාම37:7)  කෙරූබ රූප  නිර්මාණය කරන්නට අණ දෙන්නේ දෙවියන්සේය.

එසේම නිර්මාණය කරන්නට යෙදෙන මේ සෑම දෙයක් ආශ්‍රයෙන්ම දෙවියන් වහන්සේ සංකේතාත්මකව ජනතාව අමතන සේක.

සාන්තුවරයන් යනු මෙලොව වේදනාවේ යහපත් බවේ හා පරිත්‍යාගයේ ජීවිතයක් ගතකර  දෙවියන් වහන්සේගේ මහිමයට ඇතුළු වූවෝ ය. එනිසා එවැන්නන්ට ගරු කළ යුතුය.  නව ගිවිසුම ස්වර්ගයට පිවිසුණු ශුද්ධවන්තයන් පිළිබඳ ඉතා මනහර ඉගැන්වීමක් කරයි.

(1)(රෝම13:7) පිදිය යුත්තාට පුදන්න.ගරු කළ යුත්තාට ගරු කරන්න". සාන්තුවර බැතිය ලෙස කතෝලික සභාව උගන්වන්නේ මෙම කාරණයයි.

(1ජොහාන් 3: 2-3)

(2)මෙලොවින් වෙන්ව ස්වාමීන් වහන්සේ වෙත පැමිණි අය උන් වහන්සේව මුහුණට මුහුණ දර්ශන කරන  අය වෙති. එසේම උන්වහන්සේගේ සුවිශුද්ධ භාවය පංගුකාරයෝ වෙති. එසේම දෙවියන්වහන්සේට සමාන වෙති. (1ජොහන් 3:2-3). එවන් උත්තරීතර තත්ත්වයකට පත් වූවන්ට ගරු කිරීමේ ඒ වැරැද්ද කුමක්ද?

(3)එසේම ස්වර්ග වාසීන් වන ශුද්ධවන්තයන්   උන්වහන්සේගේ ශුද්ධත්වයේ පංගුකාරයන් වන්නටය කැද වූවන්ය.(හේබ්‍රව්  12:10)  එවැන්නන්ට ගරු කිරීමේ ඇති වරද කුමක්ද?

(4) ඔවුන්  ස්වාමින්වහන්සේගේ මහිමාන්දයට ඇතුළු වූවන්ය . ඔවුන්ට ගරු කිරීමේ ඇති වරද කුමක්ද ?

(1පේදුරු5:1)

එසේම ඔවුහු දෙවියන් (5)වහන්සේ පිළිබඳව පූර්ණ දැනුමට ඇතුළු වූවෝය. ඔවුන්ට ගරු කිරීමේ ඇති වරද කුමක්ද ? (1කොරින්ති 13:12).

මෙහි දී දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය කිසිසේත් එතුමන්ලාට පිදිය යුතු යන ස්ථාවරය සභා ඉගැන්වීම් තුළනැත. එම උත්තරීතර භාවය හිමි විය යුත්තේ දෙවියන්වහන්සේට පමණි. එහෙත් සාන්තුවරයන් සඳහා ඔවුන් ගතකල හා වර්තමානයේ අත්දකින උත්තරීතර ජීවිතය වෙනුවෙන් ගරු කළ යුතුය. එහි ඇත්තේ ගරු කිරීමක් මිස වන්දනාමාන කිරීමක් නොවේ.  දේව වචනය තුළ තමන්  නොදන්නා දෙය ගැන කතා කිරීමේ වරද ජූද් තුමා පෙන්වයි.(  ජූද් 1:8-10)"එසේම ඔවුන් නොදන්නා සිහින කරුණු කොටගෙන ශරීරය කිලුටු කර ගනිති. දේව ආධිපත්‍යය හෙළාදකිති. සුර ලොව වාසීන්ට නින්දා කරති......... එනිසා මොවුන් නොදන්නා කොයි දේටත් ඔවුහු නින්දා  කරති."

සභාව සාන්තුවරයන්ගේ ප්‍රතිමාවලට වන්දනාමාන කිරීමට උගන්වන්නේ නැත. ප්‍රතිමාවකින් ආශිර්වාද කිරීමක් සිදු වන්නේද නැත. ප්‍රතිමාවක්  දෑතට ගන්නා  පියතුමෙකු විසින් කරනුයේ එය ඔසවා පෙන්වීමය. එවිට ඒ දෙස බලන්න කිතුනුවා ශාන්තුවරයාගේ ශුද්ධවූ ජීවිතේ මතක් කර ගනිමින් ස්වර්ගය වෙත සිත් යොමුකරයි. පරණ ගිවිසුමේ කරුණා ආසන යන සංකල්පය තුළ ද සිදු වන්නේ මෙයයි.

ලෝකඩ සර්පයෙකු නිර්මාණය කර ඒ දෙස බලන්නැයි පවසන විට සිදුවන්නේ ද මෙයය . එනිසා ප්‍රතිමාවකින් ආශිර්වාද කරන විට හිස පහත් කර ආචාර කරනවා විනා දණින් වැටීමක් අවශ්‍ය නැත . දෙවියන් වහන්සේගේ රූපයක් නිර්මාණය කිරීමට නොහැකි වන්නේ උන් වහන්සේව කිසිවකු දැක නැති නිසාය. ඒහෙත් සාන්තුවරයන් ව අප දැක ඇත . ජේසුස් වහන්සේව හා දේවමාතාවන් වහන්සේව අප දැක  ඇත . එනිසා සාන්තුවර බැතිය යන්න බයිබලීය පදනමකින් යුතු දෙයක් විනා රූප වන්දනාවක් නොවේ.

සටහන :- නිශාන්ත කුරේ (පැ.තු.නි) පියතුමා