ලොයොලා හි ශු. ඉග්නාෂියුස් තුමා

ලොයොලා හි ශු. ඉග්නාෂියුස් තුමා
Photo by Kirill Mikhaylyuk / Unsplash

ජේසු නිකායේ (Society of Jesus) නිර්මාතෘ වන්නේ, ලොයොලා හි ශු. ඉග්නාෂියුස් තුමා ය.

ජේසුස් වහන්සේගේ සොල්දාදුවෙක් වන්නට පෙර, ඔහු හමුදා සොල්දාදුවෙක් විය. 1521 මැයි 20 දී පම්ප්ලෝනා සටනේ දී, ඔහු බරපතළ ලෙස තුවාල විණ. ශල්‍යකර්ම කිහිපයක් ඔහුට කරන්නට සිදුවිණ. අවසානයේ දී ඔහුගේ පාදයේ (වමි) කොටසක් ඉවත් කරන්නට (amputated) විණ.

ඔහුගේ ශරීරිය යහපත් පැත්තට හැරෙන කාලයේ දී, ජේසුස් වහන්සේගේ ජිවිතය සහා සාන්තුවරයන්ගේ ජිවිත සම්බන්ධයෙන් පොත් කියවන්නට පටන් ගත්තේය. ප්‍රධාන වශයෙන් ම ඔහුගේ ජිවිතය ට බලපෑවේ ජේසුස් වහන්සේගේ ජිවිතයයි

ඒ නිශ්චිත මොහොත ඔහුගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කෙරිණ. තම සිත ක්‍රමක්‍රමයෙන් හැරෙන්නට පටන් ගත්තේ ඊට පසුවයි.. ඒ නිසා ම ජේසුස් වහන්සේගේ සොල්දාදුවෙක් බවට පත්වන්නට ඔහු තුළ ආසාවක් ඇතිවිණ..

ඔහු ක්‍රමක්‍රමයෙන් ජේසුස් වහන්සේගේ සොල්දාදුවෙක් වන විට, ඔහු ජේසුගේ ආදරයේ ගින්දර තව තවත් අත්දකින්නට ඇති. ඒ ආදරයේ ගින්දර මුළු ආත්මයට දැනුන නිසා තමයි සෑම දෙයක් ම දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා කරන්නට ඔහු උනන්දු වුණේ..

ශු. ඉග්නාෂියුස් මංගල්‍යය වන අද දින, ඔහුගෙන් ඉගෙන ගන්නට හැකි මොනවාදැයි අපි බලමු.. ඔහුගේ ජීවිත කතාව ගැන අද කියවන්නට උනන්දු වෙමු.. ඔහුගේ ජිවිතයෙන් අවම වශයෙන් එක් දෙයක් හෝ ඉගෙන ගන්නට උත්සාහ කරමු .

තවද, ඔහුගේ ආදර්ශ පාඨය ම අපෙත් ආදර්ශ පාඨය කරගන්නට උනන්දු වෙමු

Ad maiorem Dei gloriam
ශු. ඉග්නාෂියුස් තුමෙනි, ජේසුස් වහන්සේගේ ධෛර්යමත් සොල්දාදුවන් වන්නට අපට සහාය වුව මැනව..

උපුටාගැනීමකි, මුල් අයිතිය කතෘ සහිතය

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව