මටත් ආසයි ජෝබ්තුමා වගේ වෙන්න...

මටත් ආසයි ජෝබ්තුමා වගේ වෙන්න...

ජෝබ් තුමා එයාගේ ජීවිතේ මුල් තැන දුන්නේ දෙවියන් වහසේට එයාගේ ජීවිතේ එයාට ගොඩක් දේවල් අහිමි උනා එයාගේ පවුල එයාට නැති උනා එයාට වසංගත රෝග ඇති උනා එයාගේ නෑදෑයෝ හැමෝම එයාව දාලා ගියා ඒත් එයා වැටුන් නෑ එයා දෙවියන් වහසේ එක්ක හිටියා එයාගේ ජීවිතේ එයා දැඩි ලෙස විශ්වාස කරේ දෙවියන්ව.....

ඔයයි මමයි අපේ ජීවිතේ අපි කැමති, අපි ආදරේ ,අපේ හීන, අපිට නැති වෙනකොට ජේසුට ඇගිල්ල දිග් කරනවා අපි බනිනවා  ඇයි ඔයා මට මෙහෙම කරේ කියලා ජේසුව අත අරිනවා ඒත් ජෝබ්තුමා හැමදේම නැති උනත් දෙවියන් වහසේ ළඟ හිටියා අපේ ජීවිතේ අපිට දේවල් තියෙද්දි අපි ජේසු ලගට යන්නෑ ඒ දෙවල් අහිමි වෙනකොට ජේසූට දොස් පවරනවා පුතේ දුවේ අපි ජේසූට ලං වෙන්න ඕනේ අපිට පුලුවන් හැම මොහොතෙම.

සමහරක් අවස්ථා එනවා ජීවිතේට අපි ජේසු එක්කම ඉන්නවා අපිට ගොඩක් දේවල් අහිමි උනාම අපි විශ්වාසය කඩ කරල ජේසූව අත අරිනවා....

ඒත් එදා ජෝබ් තුමාට ඒ නැති උන සේරම දේවල් ආයේ දෙවියන් වහසේ දුන්නා ඊට වඩා හොද ලෙස...එයා දෙවියන් ගැන විශ්වාසයෙන් හිටියා එයා දෙවියන් වහසේට අසීමාන්මිතව ආදරේ කරා දෙවියන් වහසේව අත ඇරිය නෑ මගේ පවුල මට නැති උනා නෑදෑයෝ නැති උනා මට ලෙඩ හැඩුනා කියලා අත ඇරිය නෑ එයා ඒ දේවල් තියෙද්දි වගේම නැති උනාමත් දෙවියන් වහසේට ආදරේ කරා දෙවියන්ව විශ්වාස කරා.....

බලන්න එයාගේ විශ්වාසය , අපේ ජීවිතේ අපිට අපේ හීන වලට යන්න බැරි උනාම , පෙම්වතා පෙම්වතිය දාලා ගියාම යාලුවෝ තරහා උනාම අම්මා තාත්තා අපිට අහිමි උනාම ජීවිතේ වැටෙන්න ඕනේ අන්තෙටම වැටුනම රස්සාව නැති උනාම අපි ජේසුගෙන් ටිකෙන් ටික ඈත් වෙනවා ඒත් වැටෙන්න එපා පුතේ ජේසූ අද ඔයාට මට කියන්නේ අල්ලන් ඉන්න බැරි තැනත් දරාගෙන ඉන්න බැරි තැනත් අමාරුවෙන් හරි අල්ල ගන්න අමාරුවෙන් හරි පුතේ දරා ගන්න බැරි තැනත් දරා ගන්න ඔයාට ඔය නැති උන හැමදේම දෙනවා...... ඔයා ලග ඉන්නවා නැති උන දේට වඩා හොද දෙයක් ඔයාට දෙනවා........

පුතේ ඔයත් ජෝබ් කෙනෙක් වෙන්න. මොන දේ නැති උනත් විශ්වාසයෙන් ඉන්න. හැමදේම ඔයාට නියමිත වෙලාවට ලැබෙනවා.......

ජේසූ පිහිටයි !

සටහන - අචිනි ප්‍රේමින්දිනී

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;