ජපමාලය නිවැරදිව උච්චාරණය කරන ආකාරය

ජපමාලය නිවැරදිව උච්චාරණය කරන ආකාරය
Photo by James Coleman / Unsplash

ජපමාලය උච්චාරණය කිරීමේදී එහි ඇති පබළු කතෝලිකයන්ට ඔවුන්ගේ යාච්ඤා ගණන් කිරීමට උපකාර කරයි. වැදගත්ම දෙය නම්, කතෝලිකයන් ජපමාලය උච්චාරණය කරන්නේ විවිධ කරුණු හේතු කොට ගෙන ඒ සඳහා දෙවියන් වහන්සේගෙන් විශේෂ අනුග්‍රහයක් ඉල්ලා සිටින ලෙස මරිය තුමියගේ මැදහත් පිහිට බලාපොරොත්තුවෙනි. එනම්, එදිනෙදා ජීවිතයේ අපට මුහුණපෑමට සිදුවන විවිධාකාර ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට දෙවියන් වහන්සේගේ උපකාරය පැතීමට හෝ ලැබුණු ආශීර්වාදවලට දෙවියන් වහන්සේට ස්තූති කිරීමටයි.

◾පළමුව, කුරුසිය මත අත තබාගෙන කුරුසියේ ලකුණ අඳින්න. ඉන්පසු දයාධික මනස්ථාපය යාච්ඤාවද, සුරන පරාපර යාච්ඤාව හා විශ්වාස ලක්ෂණයද කියන්න.

◾කුරුසියෙන් පසුව ඇති තනි පබළුව මත පරමණ්ඩලයද, ඉන්පසුව ඇති පබළු තුන මත නමෝ මරියනි යාච්ඤාව එක පබළුවට එක බැගින් තුනක්ද, දම්වැල මත ත්‍රීත්ව ස්තෝත්‍රයද කියන්න.

◾බොහෝ කතෝලිකයින් ත්‍රීත්ව ස්තෝත්‍රයට පසුව හා ඊළඟ පරමණ්ඩලයට පෙර පාතිමාවේ යාච්ඤාව කියනු ලබයි.

◾ඊළඟ තනි පබළුව මත පළමුවන අභිරහස හා පරමණ්ඩලය කියන්න.

💠 ජපමාලය කොටස් පහකට බෙදා ඇති අතර සතියෙ ඒ ඒ දිනට නියමිත අභිරහස්, මෙම කොටස් පහ තුළ සිහි කළ යුතුය.

🔸සඳුදා , බ්‍රහස්පතින්දා හා ආගමන කාලයේ ඉරුදිනවල සිහි කළ යුතුය.
< සොම්නස් අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ උපත පිළිබඳව සිහිපත් කරයි.
- කුමරි මරියාවන්ට මංගලම් කීම.
- එලිසබෙත් තුමිය බැහැ දැකීමට යාම.
- ජේසු තුමා බෙත්ලෙහෙමේ ඉපදීම.
- ජේසුතුමාණන් දේව මාලිගාවේ ඔප්පු කිරීම.
- ජේසුතුමා දේවමන්දිරයේ දින තුනකට පසු නැවත හමුවීම.

🔸අඟහරුවාදා සහ සිකුරාදා දිනවලත් චතාරික කාලයේ ඉරුදිනවලත් සිහි කළ යුතුය.
< දොම්නස් අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා මරණය පිළිබඳව සිහිපත් කරයි.
- මල් උයනේ යාච්ඤාව.
- ගල් කණුවේ බැඳුම්කා කස පහර විඳීම.
- කටු ඔටුන්න පැළඳවීම.
- කුරුසිය කර තබා කපාල කන්දට නැගීම.
- කුරුසියේ ඇණ ගැසුම්කා උකුත් වීම.

🔸ඉරිදා දිනවලත්, බදාදා දිනවලත්, සෙනසුරාදා දිනවලත් සිහි කළ යුතුය.
< ජයග්‍රාහී අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ උත්ථානය හා ස්වර්ගාරෝහණයවීම පිළිබඳව සිහිපත් කරයි.
- ජේසුතුමා මළවුන්ගෙන් උත්ථාන වීම.
- ජේසුතුමා ස්වර්ගයට වැඩම කිරීම.
- ශුද්ධාත්මයාණන් වහන්සේ ගෝලයින් වෙත වැඩම කිරීම.
- දේව මාතාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගයට රැගෙන යාම.
- දේවමාතාවන්ට ස්වර්ගයේදී ඔටුනු පැළඳවීම.

🔸 බ්‍රහස්පතින්දා දිනවල සිහි කළ යුතුය.
< දෙවෙනි ජුවාම් පාවුළු සුදතුම් පියාණන් විසින් 2002 වසරේදී ආලෝකයේ අභිරහස් ලෙසින් තවත් කොටසක් එක් කරන ලදී. ඒ අනුව එම අභිරහස් තුළින් ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය පිළිබඳව සිහිපත් කරයි.
- ජේසුස් වහන්සේගේ බෞතිස්ම ස්නාපනය.
- කානා නුවර විවාහ මංගලොත්සවය.
- දේව රාජ්‍යය ප්‍රකාශ කිරීම.
- ජේසුස් වහන්සේ අන්‍යරූප විලාශ වීම.
- ජේසු සමිඳාණෝ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම.

◾කේන්ද්‍රීය පදක්කම අතහැර දකුණු පස සිට ඇති පබළු දහය මත නමෝ මරියනි යාච්ඤාව එක පබළුවට එක බැගින් දහයක් කියන්න.

◾පසුව දම්වැල මත ත්‍රීත්ව ස්තෝත්‍රය හා පාතිමාවේ යාච්ඤාව කියන්න.

◾ඉදිරි කොටස් හතරද උච්චාරණය කර අවසන් කිරීම සඳහා ඉහත පියවර තවත් හතර වතාවක් නැවත නැවත කරන්න.

◾කොටස් පහම කියා අවසන් වූ පසු ජපමාලය ඔප්පු කිරීමේ යාච්ඤාවද, මංගල්‍ය ආරාධනාව හා මරියතුමියගේ නිර්මල හෘදයට කැප වීමේ යාච්ඤාවද කියන්න.

◾ඉන්පසු දේවමාතා ප්‍රාර්ථනාව හා මිඛායෙල් අග්‍රදූතයන්ට යාච්ඤාව කියන්න.

◾ජපමාලය අවසන් කිරීමට කුරුසියේ ලකුණ අඳින්න.

ත්‍රිත්ව ස්තෝත්‍රය

පිතා පුත්‍රයා ස්ප්‍රීතුනම් ත්‍රිත්ව එක දෙවියොත්තමායාණන්ට ස්තෝත්‍ර වේවා. ආදි වුවාක් මෙන් දැනුත් නිති පතත් අනන්ත කාලයක් වේවා ආමෙන්!

විශ්වාස ලක්ෂණය

අහස පොලොව මැවූ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහිද, උන්වහන්සේගේ එකම පුත්‍ර වූ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ගැබබැස කන්‍යා මරියාවන්ගෙන් උපන් සේක. පොන්සියෝ පිලාත් යටතේ වද විද කුරුසියේ ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක. පාතාලයට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් නැගිට වදාරා, ස්වර්ගයට නැගී, සියලු බලැති දෙවිපියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. එහි සිට ජිවතුන්ද, මළවුන්ද විනිශ්චය කරන්නට නැවත වඩින සේක. ශුද්ධාත්මයාණන් කෙරෙහිද, ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහිද, සාන්තුවරයන්ගේ සහභාගිත්වය කෙරෙහිද, පාප ක්ෂමාව කෙරෙහිද, මළවුන්ගේ නැවත නැගිටීම කෙරෙහිද, මතු පැමිණෙන සදා ජීවිතය කෙරෙහිද, විශ්වාස කරමි. ආමෙන්!

ස්වර්ගයෙහි වැඩ සිටින

ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණෙනි,
ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා.
ඔබගේ රාජ්‍යය පැමිණේවා.
ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටු වේවා.
අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව.
අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන්,
අපගේ වැරදිද අපට කමා කළ මැනව.
පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී,
අයහපතින් අප මුදා ගත මැනව.
ආමෙන්!

නමෝ මරිය

නමෝ මරියනි, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි!
ස්වාමීන් වහන්සේ ඔබ සමඟය;
ස්ත්‍රීන් අතුරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය,
ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.

සාන්ත මරියනි, දේව මෑණියනි,
පාපිවූ අප උදෙසා,
දැනුත් අපගේ මරණ වේලෙහිදීත් යාච්ඤා කළ මැනව.
ආමෙන්!

මංගල්‍ය ආරාධනාව

මංගල්‍යස්තු රජේශ්වරියනි ක්‍රපදයා මාතාවෙනි,අපේ ජීවිතයෙනි,අපේ අමෘතයෙනි,අපේ ආධාරයෙනි,මංගල්‍යස්තු පරදේශවාසී වූ අපි ඒව අම්මාගේ පුත්‍රයෝ ඔබටම අඬගසම්හ.මේ කඳුළු විලෙහි අඬා වැලපී ඔබටම සුසුම් ලම්හ.එසේ හෙයින් අපගේ මධ්‍යස්තිනි මේ ඔබගේ දයාබර නේත්‍රා වල් අප දෙස යොමු කළ මැනව.තවද මේ පරදේශය පසුවූ ඉක්බිති ඔබගේ ශ්‍රී කුසෙහි ආශිර්වාද ලත් ඵලවන් ජේසු තුමන්ගේ දර්ශනය අපට ලබා දුන මැනව.දයාවන්තිනි,පරඃදුඛ්‍යා දුඃඛිතිනි මධුර වු නිත්‍යා කන්නි මරියනි,සාන්තවු දේව මෑණියනී,ක්‍රිස්තු වාක් දාත වලට අප හේතු වන්තයන් වන ලෙස කන්‍යා ශුද්ධ වූ දේව මාතාවෙනි,අප නිසා යාච්ඤා කළ මැනව. ආමෙන්!

Read more

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් හෙළි කරන ඇදහිල්ලෙ නව පැතිකඩ

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් හෙළි කරන ඇදහිල්ලෙ නව පැතිකඩ

ඇදහිල්ල යනු මිනිස් පැවැත්මේ හා අධ්‍යාත්මික ගමනේ පදනමයි. ශුද්ධ වූ බයිබලයේ, විශේෂයෙන්ම හෙබ්‍රව්වරුන්ට ලියූ ලිපියේ 11 වන පරිච්ඡේදය පුරාවට,