නූතන රෝහල් ක්‍රමයේ කතෝලික සම්භවය

නූතන රෝහල් ක්‍රමයේ කතෝලික සම්භවය
Photo by Marcelo Leal / Unsplash

වර්තමානයේ දැකිය හැකි "නූතන රෝහල් ක්‍රමය" සොයාගනු ලැබුවේ ශුද්ධවූ කතෝලික සභාව විසිනි.

කතෝලික සභාවට පිං සිදුවන්නට අද අදේවවාදීන්ට පවා කොරෝනා වෛරස් රෝගය සැදුනු විට කතෝලික සභාව විසින් සොයාගත් නූතන රෝහල් ක්‍රමය යටතේ ඉතා පහසුවෙන් ප්‍රතිකාර ලැබීමට හැකිය.

අතීතයේදී විවිධ සංස්කෘතීන් යටතේ විවිධ වූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන් දැකගත හැකි වූවත්, බොහෝ විට ඒවා විවිධ මිත්‍යාදෘෂ්ටීන් සමඟ මිශ්‍රව පැවතුණි. එලෙසම බොහෝ විට එම ප්‍රතිකාර ක්‍රමයන් පවා සීමාවී පැවතුනේ රාජකීයයන්ට සහ ධනවත් පුද්ගලයන්ටය.නමුත් වර්තමානයේ දැකිය හැකි දුප්පතුන්ටද නොමිළේ විධිමත් ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමය ( නිදහස් සෞඛ්‍ය සේවාව ) සඳහා පුරෝගාමී වූයේද කතෝලික සභාවයි.

එලෙසම ක්‍රි.ව.325 දී පවත්වන ලද පළමුවැනි නිසියානු ( නයිසෙන් ) කතෝලික මන්ත්‍රණ සභාව විසින් සෑම ආසන දෙව්මැදුරකම දුප්පත්වූ රෝගීන් සඳහා රෝහලක් ඉදිකිරීමට නියෝග කළේය.එය නූතන රෝහල් ක්‍රමයේ ආරම්භය විය.එම රෝහල් ක්‍රමය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපවූයේද කතෝලික සභාව විසිනි.එලෙසම ඒවාහි කාර්යමණ්ඩලය ලෙස සේවය කළේ ස්වෙච්ඡා ගිහි කතෝලිකයින් හා කතෝලික නිකාය වල පූජක පැවිදි උතුමන්ලාය. මොහුන් විසින් එකතුවී ආරම්භ කරන ලද නූතන රෝහල් ක්‍රමය ඉතා ක්‍රමානුකූලව පරිණාමය වීමෙන් අද ඔබට දැකිය හැකි රෝහල් දක්වා දියුණුවී ඇත.

කතෝලික සභාව මේ සඳහා පුරෝගාමී ලෙස කටයුතු කිරීමට පෙළඹී ඇත්තේ, කතෝලික ඉගැන්වීම් වල එන ශාරීරික පුන්‍ය ක්‍රියා කෙරෙහි කතෝලික සභාව දැඩි අවධානයක් යොමු කළ නිසාය.රෝගීන්ව රැක බලා ගැනීම එම පුන්‍ය ක්‍රියා වලින් එකකි.

මූලාශ්‍රයන් ( වැඩිදුර තොරතුරු සදහා );

(https://www.newadvent.org/cathen/07480a.htm?fbclid=IwAR0hNTVcoiBE2iZtDyfavnE7l6rTVyowiqRgOjvaebd2-jtMq0UjWvMKUS4)

(https://www.catholic.com/magazine/online-edition/the-christian-origins-of-the-hospital?fbclid=IwAR1zTI2CUSP--5UGAmzi13-1o9HrxI5xlcfhKPRdO-JnIy_EMAM00cDs0BE)

(https://ucatholic.com/blog/did-you-know-the-catholic-church-invented-hospitals/?fbclid=IwAR22rt5dPg8CNbzZWPm27fGMnd7VtEq_goB2hPC1pU6B-Sw5npn7qOPm4XY)

කිතුනු අපේ දේවධර්ම දිනපොත

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව