මූලධර්මවාදීන් විසින් විකෘති කරන ස්වාමින්වහන්සේගේ භෝජනය

මූලධර්මවාදීන් විසින් විකෘති කරන  ස්වාමින්වහන්සේගේ භෝජනය
Photo by Shalone Cason / Unsplash

ස්වාමින් වහන්සේගේ  භෝජනය (1කොරෙන්ති 11:20)

〽️ මෙම ස්වාමීන්වහන්සේගේ භෝජනය  පිළියෙල කලේ  ජේසුතුමා බැවින් එය ස්වාමින්වහන්සේගේ  භෝජනය ලෙස හැදින්වේ . මෙහිදී  ජේසුතුමා ක්‍රියාකරන්නේ ආරාධිතයකු ලෙස නොව සංග්‍රහ  කරන්නා ලෙසයි. 1කොරින්ති 11:20 දී පාවුළු තුමා  භාවිතා  කරන්නේ "ක්‍යුරියාකෝන් ඩෙයිප්නොන්ය" (Kuriakon Deipnon) ඩෙයිප්නොන් යනුවෙන්  හැදින්වූයේ දවසේ  ප්‍රධාන ආහාර  වේලයි. මෙය වාර්තා කරන හැම අවස්ථාවකම දක්නට ඇත්තේ සමුගැනීමේ  භෝජන සංග්‍රහයක ඇති සිද්ධීයන්ය.

උදා:- "මා වද විදීමට පළමුවෙන්, මම එය තවත් නොවලදමි. මිදියුෂ  පානය නොකරන්නෙමි.

〽️ මෙය සමුගැනීමේ භෝජනයක් මෙන්ම ගෝලයන්ගේ  ලෞකික  බලාපොරොත්තු සුනු විසිනු කල භෝජන  සංග්‍රහයකි. එමෙන්ම මෙම භෝජනය දේව රාජ්‍යයේ නියම ස්භාවය  පිළිඹිබු  කල මහගුම අවස්ථාවකි.

〽️ මෙහිදී  පාවුළුතුමාගේ  වදනක්  භාවිතා  කලේ මෙම  භෝජනය  පිළිබද  අපට ලැබී තිබෙන වර්තා අතරින්  පැරණිතම  වාර්තාව ශු.පාවුළු  තුමා විසින්  කොරෙන්තිවරුනට ලියූ  පළමු  හසුනේ 11 වෙනි පරිච්ඡේදය  නිසාවෙනි. එම වාර්තාව  ජේසුතුමා අවසන් රාත්‍රී භෝජනය  පවත්වා  වසර 25කින් පසුව  ලියවී ඇත.

〽️ මා සිහිකිරීම  පිණිස  මෙය සිදුකරන්නැයි කියා ජේසුතුමා තම ගෝලයන් අතර මතු නොසිටියත් පූප කැඩීමේ පිලිවෙත අඛණ්ඩව සිදු කිරීමට  නියෝග කලහ.
ග්‍රීක් ව්‍යාකරණ අනුව  ජේසුතුමා කල නියමය එක් වතාවක්  නොව නැවත නැවත කිරීම අගවයි. බයිබලයේ  සිහිකිරීම යනු  හෙබ්‍රෙව්  සන්දර්භය තුළ හුදෙක්  සිතින් කරන දෙයක් නොව එය ක්‍රියාවකට  සම්බන්ධ  වූවකි. ගණන් 15:39 , ගීතාවලිය 25:6-7, 78:39 ආදී වේ. බයිබලයේ  සිහිකිරීම  පරිස්මරණයක්  මිස අනුස්මරණයක් නොවේ. දිව්‍ය  පූජාව ජේසුතුමාගේ යාගික මරණයේ  සිහිවටනයක් මෙන්ම උන්වහන්සේගේ  තේජමාන උත්ථානයේද සිහිවටනයකි. එම නිසා අපි උන්වහන්සේ ගේ මරණය හා උත්ථානය සිහිකරමු.

〽️ මෙය සිදුකල යුත්තේ කවරෙක්දැයි විමසා බලමු . මෙය මුළු ජනතාවගේම ක්‍රියාවකි. අන්තිම රාත්‍රී භෝජනයේදී   නායකත්වය  දැරුවේ  ජේසුතුමාය. අන්තියෝකියේ  ඉග්නාසියුස් තුමා සහ වේද සාක්ෂික ජස්ටින්  තුමා යන මුල් යුගයේ  සභා පියවරුන්ගේ  ලේඛනවල  තුති පිදුම සදහා එක් වූ නායකයා හදුන්වන්නේ  මුලසුන දරන්නා (Presider) ලෙසය.

〽️ තුති  පිදුම යන වදන සදහා  ග්‍රීක බසින්  යෙදෙන්නේ "එවුකරිස්ටයින් (Eucharistein) ලෙසය. මෙම වදන  බිදී  ඉංග්‍රීසි  භාෂාව තුළ  යූකරිස්ට් (Eucharist ) යන වදන සෑදී ඇත.  එහි සිංහල බසින්  දිව්‍ය  සත්ප්‍රසාදය වේ. දිව්‍ය  සත්ප්‍රසාදයට භාවිතා වූ ප්‍රශංසාව යන අරුත ඇති "එවුකරිස්ටියා" ( Eucharistia) නැමති ග්‍රීක වචනයද අපට ලැබෙන්නේ ක්‍රි.ව පළමු ශතවර්ෂයට  අයත් "ඩිඩාකේ" ( Didache) යන ජනවන්දනා පොතෙහිය. අන්තියෝකියේ ඉග්නාසියුස් තුමාද , ජස්ටින්  තුමාද එම වචනය භාවිතා කර ඇත.

〽️ මෙය සිදු කළ යුත්තෙ කොපමණ කාලයකට වරක්ද යන්න විමසා බලමු. ජුදා පාස්කු ව මෙන් කිතුනුවන් "තුති පිදීමේ පිළිසැමරුම වර්ෂයකට එක වතාවක් සීමා කලේ නැත.1965 දී දෙවන  වතිකාන මන්ත්‍රණ සභාව  දිනපතා පිළිසැමරීම යෝජනා කළේය . රෝමානු කතෝලික  සභාවේ  කිතිනුවන් ඉරුදිනවල  "තුති පිදුමට" සහභාගී  විය යුතු  බවට නීතියක්  මුලින්ම  පනවන ලද්දේ 1917 දීය. ඒ සභා නීති සංග්‍රහයේය. තවම එම නීතිය එලෙසම පවතී.

〽️ මෙය සිදුකල යුත්තේ කොතැනකදැයි විමසා බලමු.  ජුදා සිරිතට අනුව  පාරම්පරික  චාරිත්‍රයක්  වූ ආගමික  ආහාර වේල සැමවිටම පවත්වන ලද්දේ ගෙදරකදීය. එහි මුල් ස්ථානය හිමි වූයේ ගෘහයේ මූලිකයාටයි. එම පිලිවෙත් සදහා ධර්ම සභා මණ්ඩප  හා දේවස්ථාන  යොදා නොගත්තේය. (1 කොරෙන්ති 16,19, කොලොස්සි 4:15) නමුත්  ක්‍රිස්තියානින්ගේ  රැස්වීම්  සදහා යොදාගත් ගොඩනැගිල්ලක  නටබුන්  මෑතක  සිරියාවේ දී අනාවරණය  වී ඇත. මෙය ක්‍රි.ව 232 ට අයත් බව  විශාරදයන්  නිගමනය කර ඇත.

〽️  මෙය සිදු කල යුත්තේ  කුමක්  සමගදැයි විමසා බලමු. අතීතයේ  සිට ජේසුතුමාගේ දේශයේ ප්‍රධාන  ආහාරය පූපයි. පූප කැඩීම පිලිබද  රබ්බි ලේඛනවලද සදහන්වේ. පූප සාදන්නේ බාර්ලි  හෝ තිරිගු පිටි වලිනි.ජේසු  තුමා පූපය රැගෙන පැවසුවේ "මෙය මාගේ ශරීරයයි.  මා සිහිකිරීම  පිණිස  මෙය සිදු කරන්න ." යනුයි. එතුමා  පූපය ගෙන සලකුණක් ලෙස පැවසුවේ නැත. මේ මාගේ  ශරීරය යි පැවසූහ. "මේ මාගේ ශරීරය"  යන  යෙදුම සදහා  යෙදෙන  ග්‍රීක් පදයේ (Soma) අදහස වන්නේ  ජේසුතුමාගේ අභිලාෂය  වූයෙ උන්වහන්සේගේ මාංශය  ලෞකික  ආහාරයක්  ලෙස පූපය මගින් දානය කිරීම නොවේ. එතුමා  මෙමගින්  එතුමාගේ  මුළු  ජීවිතයම  දානය කිරීම සිදුවිය.

මිදි යුෂ

〽️ පලස්තීනය මිදියුෂ  නිපදවන රටක්විය. කෑම මේසයේ දී ජුදෙව්වන්  බීමට ගත්තේ මිදියුෂ  වේ.ජුදා චාරිත්‍රයට අනුව  රුධිරය  යාගික බවත්  මරණය සිහිකරන සංකේතයක්  බවත් සදහන් කල  යුතුයි. පුරාණ  ගිවිසුමේ  සතාගේ රුධිරය  පව් සමාව උදෙසා පුදනු ලැබූ බව සදහන් වේ. ලෙවී ව්‍යවස්ථාව 17:11 හිදී අදහස්  කලේ  ජේසුතුමාගේ ශරීරය හා රුධිරය අනුභව කරන හා පානය කරන ඕනෑම කෙනෙකුට නව ගිවිසුමේ  පංගුකාරයෙක්  විය හැකි බවයි. එය සිදු කිරීමට නියෝග කිරීමෙන් එතුමාගේ මරණය පමණක්  නොව උත්ථානය මගින් ද ගිවිසුමකට බැදෙයි. මෙය නැවත මරණයක් නොවන බව හා උත්ථානය සැමරීමකි. මෙය අනුස්මරණයක්  නොව පරිස්මරණයක්ද වේ.

〽️  නීති සංග්‍රහයේ අංක 924 කියා පාන්නේ තුති පිදීම  පූපවලින් හා මිදියුෂයෙන්  සැමරිය යුතුය කියායි.

තුති පිදුම යාගික ලෙස

〽️  රෙපරමාදු  විප්ලවය සිදු  වූ දසවැනි ශත වර්ෂයේ  තුති පිදුම යාගයක්ද නැද්ද යන්න දැඩි තර්කයට ලක්වූ කරුණකි. අද දිව්‍ය පූජාව (Sacrifice of the Mass) යන වාක්‍ය කණ්ඩය රෝමානු  කතෝලිකයන් මෙන්  අනික්  සභා  පිළි  නොගනී. මාටින් ලූතර්ගේ තර්කය  වූයේ මානවයන්  දෙවියන්වහන්සේට  කිසිවක්  පිළිගන්වා  හෝ යාග කර  එමගින් ධර්මිෂ්ඨ  විය නොහැකි  බවයි. මෙය වැරදි අර්ථ  කථනයකි. 1982 දී  රෝමානු කතෝලික  සභාවේ දේවධර්මාචාර්යවරුන්ගෙන්  යුක්ත ජගත්  ක්‍රිස්තියානි ශාසන  නිකාය සංගමය ( World Council  of  Churches)  විසින්  නිවේදනයක්  නිකුත්  කරන ලදී.  එය "ලිමා" ලේඛනය (Lima Document ) යනුවෙන් හැදින්වේ.  එය " තුති පිදීම  කුරුසියේ ඇණ ගසනු ලැබුවාවූද  උත්ථානවූ ද ක්‍රිස්තුන්වහන්සේ  සිහිකිරීමයි."  ලෙස පවසයි.  මේ අනුව  වර්තමානයේ  අප සහභාගී  වන දිව්‍ය  පූජා   යාගය තුළ  සිදු කරන්නේ ජේසුතුමාගේ දුක්ප්‍රාප්තිය, මරණය හා උත්ථානය  අඩංගු  වූ පාස්කු  අභිරහසේ  පෙර දැක්ම ලෙස  සැලෙකෙන උන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය  සැමරීමයි.  මූලධර්මවාදීන්  පවසන ලෙස ජේසුතුමාව  නැවත  මැරීමක් නොවේ. තුති  පිදුම  කල්වාරි  යාගයේ පුනරුක්තියක්  ලෙස කතෝලික  සභාව අර්ථකතනය කර නැත. එය නිතැතින්ම අප තේරුම් ගත යුතුයි.

"අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුයයි විශ්වාසකරමුව" - රෝම 6:9

එම නිසා  උත්ථාන වු ජේසුතුමා  නැවත නොමැරෙන  බව ශුද්ධ ලියවිල්ල තුල පවසා ඇත. ඒසේම ක.ස.ධ 1367 විකෘති  ලෙස අර්ථකථනය නොකරන්න.

නිගමනය

"මා සිහිකිරීම  පිණිස  මෙය සිදුකරන්න" - ලුක් 19:26

මෙය ජේසුතුමා දෙන ලද  ආඥාවක් වේ. එනම් උන්වහන්සේ  කල දෙයම  සභාව කල  යුතුය යනුවෙනි. ජේසුතුමා පූප සහ මිදිරස  මගින්  උන්වහන්සේගේ  ස්භාවය  සත්‍ය  ලෙස පූප හා මිදිරස  තුළ පිහිටවූවාක්  මෙන්ම උන්වහන්සේගේ  නාමයෙන්  මෙම ක්‍රියාව සිදු කරන සභාවද පූප සහ මිදිරස කැප කිරීමෙන් එහි  ජේසුතුමාගේ නියම ස්භාවයට  උසස්  කරනු ලබයි. මෙය  ක.ස.ධ 1367 හි විග්‍රහ  කර ඇති අතර 1කොරෙන්ති 10:16 හි ද සදහන් කර ඇත. මෙය 1කොරෙන්ති 11:24-25 ⁣දෙවරක්  අර්ථකථනය කරයි . එහි සදහන් ග්‍රීක වචනය Anamnesis වේ. එය ජේසුතුමා තුල  දෙවියන්වහන්සේ  විසින්  සිදු කරන ලද මහෝත්තම  ක්‍රියාවන්ගේ  සැමරීමක්  වශයෙනි .

ස්තූතියි
ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව