මාරවිල කුරුස පල්ලිය

පුත්තලම කොළඹ පාරේ මාරවිල ටවුමෙන් බැහැලා ටික දුරක් හලාවත පැත්තට ඇවිදගෙන ආවහම මාරවිල හතරමං හන්දියෙන් වම් අත පැත්තේ පාරෙන් කිලෝමීටර් එකහමාරක් විතර යද්දී මාරවිල කුරුස පල්ලිය දකින්න පුළුවන්.

පල්ලියේ ඉදිරිපස ගහලා තියෙන පාඨය තියෙන්නේ ලතින් භාෂාවෙන්. ඒකේ තේරුම "මේ සලකුණෙන් ඔබ ජය ගනී" කියන එකලූ. ඉංග්‍රීසියෙන් කියනවා නං In this sign you will conquer. කියන එකලූ.

මේක පල්ලියක් උනාට මීට කලින් තිබුනේ කුරුසයේ ඇන ගහපු ජේසු තුමාගේ සුරුවමක් (පිළිමයක්) විතරයි ලූ. මිනිස්සු ඒ සුරුවම ඉස්සරහා වැද වැටිලා යාච්ඥා කලා ලු. පස්සේ කාලෙක තමයි මේ සුරුවම වට කරලා පල්ලිය ගොඩ නගලා තියෙන්නේ.

සිනිඳු වැල්ලේ දෙපා තබමින් සිද්ධස්ථානය ඇතුළට යන ඔබේ දෙපයට පෑගෙන්නේ ටයිල් හෝ සිමෙන්ති ඇතිරූ බිමක් නොවේ. සිද්ධස්ථානය මැද පමණක් සිමෙන්ති තීරුවක් තිබෙන අතර එහි දෙපසම ඇත්තේ වැල්ලය. හිඳගන්නට බංකු හෝ අසුන් පනවා නැත. බොහෝ සිද්ධස්ථානවල මෙන් ලොකු පල්ලි, පොඩි පල්ලි කියා කොටස් දෙකතුනක් නැත. එකම ශාලාවක් ලෙසට ඉදිකර ඇති කුඩා පල්ලියේ අල්තාරය පිටුපසින් පෙනෙන්නේ කුරුසියේ ඇණ ගැසූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ විශාල ප්‍රතිමාවකි. සිද්ධස්ථානය දෙපස ඇත්තේ විවිධාකාර සොහොන්කොත් සහිත සුසානයයි. ජීවිතයේ විවිධාකාර ප්‍රශ්නවලින් සහනය පතා දෙවිඳුන් යදින්නන්ට එය සුසානයක් වීම කිසිසේත්ම ගැටලුවක් නොවන බව පසක් කරමින් දිවයිනේ නන් දෙසින් බැතිමත්හු දිනපතා වේලාවක් අවේලාවක් නැතිව මෙම ශ්‍රී කුරුස සිද්ධස්ථානය කරා පැමිණෙති. දෙව්මැදුර පිටුපසින් දිස්වන්නේ මුතු පන්තිය ලෙස විරුදාවලි ලත් හලාවත මුහුදු තීරයට අයත් සුන්දර මාරවිල මුහුදු වෙරළයි.

සාමාන්‍යයෙන් බොහෝ දේවස්ථානවල තිබෙන හුරුපුරුදු සංකේතයක් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැඩ සිටින ප්‍රතිමාවන්හි උන්වහන්සේගේ මුහුණ වේදනාත්මක සහ තැතිගන්වන සුළු ස්වරූපයක් පෙන්නුම් කරන අතර, බොහෝ එවැනි ප්‍රතිමාවල ජේසුස්වහන්සේ නිර්මාණය කර ඇත්තේ උන්වහන්සේ දෙනෙත් වසාගෙන ඉන්නා ආකාරයෙනි. එහෙත් මාරවිල ශ්‍රී කුරුස සිද්ධස්ථානයේ ඇති කුරුස ප්‍රතිමාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෘදුකමින් හා දයාවෙන් ලෝකය දෙස බලා සිටින බවක් පෙන්නුම් කරයි.
මාරවිල කුරුස පල්ලියේ වාර්ශික මංගල්ලය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසේ.
මාරවිල කුරුස පල්ලියට එන බැතිමතුන් බොහොමයක් මුහුදු වෙරළේ තියෙන දේව මෑණියන්ගේ සුරුවම බලන්න අමතක කරන්නේ නැහැ..

උපුටාගැනිමකි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව