කොළඹ අගරදගුරු පදවියේ නව පදවි ලාංඡනය

ශාසනික ලාංඡන ශාස්ත්‍රයේ ඉතිහාසය 11 වන සියවසේ මධ්‍යතන යුගය දක්වා දිව ගිය ද, ක්‍රිස්තියානි ධජයන්ගේ ඉතිහාසය බයිබලීය යුගය දක්වාම දිව යයි. රදගුරු පදවි ලාංඡනයක් සහ ධජයක් මඟින්, යම් නිශ්චිත දේශීය සභාවක් යටතේ පවතින බල ප්‍රදේශයක් ස්ථාපිත කිරීම සංකේතවත් කරයි. එය රදගුරු පදවියේ අනන්‍යතාව, සාරධර්ම සහ මෙහෙවර දෘශ්‍යමාන ලෙස නිරූපණය කරයි. මෙම සංකේත මඟින් රදගුරු පදවියක් ස්ථාපිත කිරීමේ සහ එහි අරමුණෙහි දේවධර්මාත්මක, නෛතික, සංස්කෘතික සහ ඓතිහාසික පැතිකඩයන් පිළිබිඹු කරයි.
1887 දී ස්ථාපිත කළ දින සිට, කොළඹ අගරදගුරු පදවියට නිල පදවි ලාංඡනයක් හෝ ධජයක් නොතිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රධානම පදවිය ලෙස එහි අනන්‍යතාවට මෙම අංග ඒකාබද්ධ කිරීමට 2025 ජුබිලි වර්ෂය කදිම අවස්ථාවක් උදා කරයි.
ලාංඡනයේ සංකේත පැහැදිලි කිරීම
මෙම පදවි ලාංඡනය ප්‍රධාන කොටස් හතරකට බෙදා ඇත:
• පලිහට ඉහළින් ඇති කොටස
• පලිහ - ඇතුළත සහ ඉහළින්
• පලිහට පිටුපසින් ඇති කොටස
• පලිහට පහළින් ඇති කොටස
අ) පලිහට ඉහළින් ඇති කොටස
අප ස්වාමිදූවගේ ස්වර්ගාරෝපණය සහ එතුමියගේ රාජකීයත්වය නියෝජනය කරන ඒකාබද්ධ සංකේත හතරක් මෙයට ඇතුළත් වේ:
• නාම ලාංඡනය - ආවේ මරියා (ශු. ලූක් 1:28)
• අඩසඳ (එළිදරව් 12:1)
• වලාකුළු (ක්‍රියා 1:9)
• දේවදූත පියාපත් (ශු. ජොහාන් 1:51)
කිරුළෙහි අන්තර්ගතය:
• කෘක්ස් ක්වඩ්‍රාටා (Crux Quadrata) (සමචතුරස්‍ර කුරුසි දෙකක්)
• ෆ්ලර්-ද-ලිස් (Fleur-de-lis) (නිර්මලත්වය සංකේතවත් කරයි)
° අනර්ඝ ගල් දොළස (එළිදරව් 12:1)
ආ) පලිහෙහි කොටස
පලිහ, අගරදගුරු පදවියේ විවිධ සංස්කෘතික සහ එඩේරික මානයන් නියෝජනය කරන වර්ණවත් ක්ෂේත්‍ර හතරකට බෙදා ඇත:
• කහ පැහැති ක්ෂේත්‍රය: කස්තාන කඩුවක් සහිත සිංහයා - කෝට්ටේ රාජධානිය සහ බර්ගර් කතෝලික උරුමය
• කොළ පැහැති ක්ෂේත්‍රය: ශාන්ත ලුසියා - අරාබි, පර්සියානු සහ සෙමිටික් කතෝලික ප්‍රජාව
• රතු පැහැති ක්ෂේත්‍රය: ශාන්ත ලෝරන්ස් - දේශීය සිංහල කතෝලිකයෝ
• තැඹිලි පැහැති ක්ෂේත්‍රය: 'කැරක්' නැව - දෙමළ කතෝලිකයන් සහ පෘතුගීසි මිෂනාරිවරුන්ගේ පැමිණීම
නිල් පැහැති මායිම මඟින් කතෝලික ධර්මය ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වූ මුහුදුබඩ තීරය සංකේතවත් කරයි. මෙම ක්ෂේත්‍ර හතර මඟින් අගරදගුරුතුමන්ගේ මෙහෙවර වන ශුද්ධවන්තභාවයට පමුණුවීම, ඉගැන්වීම, එඬේර මෙහෙවර සහ ශුභාරංචිය ප්‍රකාශ කිරීම යන කාර්යයන් පිළිබිඹු වේ.
පලිහට ඉහළින්:
• පල්ලියම සහිත කුරුසිය: අගරදගුරු පදවියේ අධිකාරී බලය සහ එඬේර වගකීම පිළිබඳ සලකුණකි (ශු. මතෙව් 11:28-30, 16:24-26)
• නා මල: ජාතික වෘක්ෂයේ පුෂ්පය, තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් භාවිතා කරන ලද, ලංකා අප ස්වාමිදුව සමඟ සම්බන්ධ සංකේතයකි.
ඇ) පලිහට පිටුපසින් ඇති කොටස
• අගරදගුරු කුරුසිය: රදගුරු අධිකාරී බලය සහ උත්ථානය සංකේතවත් කරන ද්විත්ව තිරස් දණ්ඩක් සහිත කුරුසිය.
• පූජක උතුරු සළුව: පදවියේ සියලුම පූජක පක්ෂය නියෝජනය කරයි.
• ගැට තුනක් සහිත ඉණ පටිය: කැපවුණු ශාසනිකයන් සහ ඔවුන්ගේ ප්‍රතිඥාවන් සංකේතවත් කරයි.
ඈ) පලිහට පහළින් ඇති කොටස
• පාච්මන්ට් ලියවිල්ල: අගරදගුරු පදවියේ ලතින් නාමය ප්‍රදර්ශනය කරයි