ජොත්තො ඩි බොන්දෝනේ (Giotto di Bondone)

ජොත්තො ඩි බොන්දෝනේ (Giotto di Bondone)

ඉතාලි චිත්‍රකලා ඉතිහාසය තුල ජොත්තො ඩි බොන්දෝනේ සදකාලික නොමැකෙන නාමයක් තැබු චිත්‍ර ශිල්පියෙක් වු අතරම, මොහු විසින් නිර්මාණය කරන ලද කලා කෘතීන් ලොව සුපතළ නිර්මාණයන් අතරට එක්කොට ගත හැකිය. ක්‍රි.ව. 1266 දී ෆ්ලොරෙන්ස් නගරයෙහි උපත ලද ජොත්තො, ලෝක කලා ඉතිහාසයට කල අනුපමෙය මෙහෙය කියා නිම කල නොහැකිය.

පාදුආ නුවර, ඇරීනා දේව මන්ධිරය තුල ඔහු විසින් නිම කෙරු " The Lamentation over Christ” (1305-1506), බිතු සිතුවම ඔහුගේ කලා කුසලතා මොනවට ප්‍රදර්ශනය කරන්නෙකි. මෙම සිතුවම තුල අපට දක්නට ලැබෙන්නෙ ජෙසුස් ක්‍රිස්තුස් වහන්සෙගේ අප්‍රානික මළසිරුර වටා ඒකරාශි වූ කන්‍යා මරියතුමිය අතුලු පිරිසකි; Byzantine කලා සම්ප්‍රදායෙන් වෙනස්ම වු ආරකට සිතුවම් කොට ඇති මෙම කලා කෘතිය, මුල් කාලීන ඉතාලි පුනුරුද සමයේ කලකරුවා සතුව තිබූ මානව රූප ඇඳීමේ කුසලතාවය කියාපාන කදිම නිදර්ශනයකි.

මානව සිරුරේ ඇති ඝනත්වය සහ විවිද වු අංග චලනයන් කදිමට නිරූපණය කර ඇති මෙම බිතුසිතුවම ප්‍රේක්ෂකයා තුල ඇතිකර වන හැඟීම් උද්වෙගය දනවන සුලුයි.
තවද, මනුෂ්‍ය රූප තුල ඇති වටකුරු ස්වභාවය සහ අධික ලෙස බර ගතියකින් සම්පින්ඩනය කර ඇති නිසා , මිනිස්‍ රූපයන්ගෙ ස්වාභාවික ගති ලක්ෂණවලින් යම්තාක් දුරකට බැහරව ඇතැයිද පැවසීමට හැකිය. මෙම පැවසූ කරනා නිසාම තවත් ලෙසකින් මෙම සිතුවමේ ඇති රූප ගලින් කල ප්‍රතිමා ලෙසද අර්ථනිරූපණය කිරීමට හැකියාවක් ඇත. එසේම , සෑම රූපයක්ම සිතුවම් තලය පුරා ඉතා හොදින් ස්ථානගත කර ඇති අතරම, පර්‍යවලෝකන මුලධර්මයන්ද ජොත්තො විසින් අනුගමනය කර ඇතැයි සිතීමට ප්‍රේක්ෂකයාට අවස්තාවක් ඇත.

ජොත්තොගේ " The Lamentation over Christ” සිතුවමෙහි ඇති අනෙක් විශේෂිත ලක්ෂණයක් වන්නේ, සැම තැනකම පැතිර පවත්නාවූ දුඃඛදායක ස්වභාවයයි, මෙය සෑම අයකුගේම අංග චලනයන් සහ වෙදිකා නාට්‍යානුසරයෙන් සිත්තරුවා සාර්ථකව නිර්මාණය කර ඇතැයි පැවසිය යුතුමය. Gothic සහ Romanesque සම්ප්‍රදායික චිත්‍රවල ඇති අඛන්ඩ කථනයෙන් බැහරවී, සමස්ථ සිතුවම පුරාවටම ප්‍රේක්ෂකයාගේ ඇස යොමුවන ලෙස නිර්මාණය කර ඇති නිසාවෙන් අපහට තව තවත් නාට්‍යයක ඇති ගුණාත්මක බව නිදර්ශනය කරවයි.

සටහන - Nishan Dimithra Wimalasuriya, Art & Design Teacher.