අද වික්ෂෝප සිකුරාදා දිනයයි

දේව මාතාවන් වහන්සේ වික්ෂෝප වූ අවස්ථාවන් හත පිළිබඳව මෙනෙහි කරමින් ඕතුමිය සමඟින් වික්ෂෝප වෙමු.

ජේසුස් වහන්සේව දේව මාලිගයේ පුද කළ අවස්ථාවේ සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ කඩු සතකින් දේව මාතාවන්ගේ හදවත් සිදුරු කරනවාක් මෙන් දැනෙන වේදනාව පිළිබඳ ප්‍රකාශයේ අන්තර්ගත වන වික්ශෝප සත මෙසේය.

  1. සිමියොන් දිවසවරයාගේ "ඔබේ හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් වනු ඇතැ"යි පැවසීමේ දී දැනුනු වේදනාව.
  2. දරුවා රැගෙන ඉජීප්‍තු දේශයට පලා යද්දී හෙලු කඳුළු.
  3. වයස අවුරුදු 12 දී ජේසු තුමන් දේව මාලිගාවෙ නැති වීම.
  4. කුරුස ගමනේදී ජේසුස් වහන්සේ හා මරිය තුමිය මුණ ගැසුණු විට ඕතුමිය හෙලූ කඳුළු සහ දැනුනු වේදනාව.
  5. ජේසු තුමා කුරුසයෙදී විඳි වේදනා හා උකුත් වූ විට දේව මාතාවන්ට ඇති වූ වේදනාව
  6. කුරුසයෙන් බාන ලද ජේසුගේ ශ්‍රී සිරුර උකුලට තබා ගත මොහොතේ දැනුනු වේදනාව.
  7. ජේසුස් වහන්සේගේ සිරි සිරුර ගල්ලෙනෙහි තැම්පත් කළ මොහොතේ ඇති වූ වේදනාව.

~ උපුටාගැනීමකි

Read more

දෙසැම්බර් මාසය සඳහා ශුද්ධෝත්තම පියතුමන්ගේ යැදුම් අරමුණ

ගැටුම් පවතින ප්‍රදේශයන්වල සිටින කිතුනුවන් සඳහා යුද්ධ හෝ ගැටුම් පවතින ප්‍රදේශවල, විශේෂයෙන් මැද පෙරදිග ආශ්‍රිතව ජීවත් වන කිතුනුවන්ට සා

නොවැම්බර් 29 - ප්‍රාණපරිත්‍යාගි රාජගුරුප්‍රසාදි ටූලූස්හි සා. සැටර්නින් මුනිතුමා

Saturnin of Toulouse (Latin: Saturninus; ක්‍රි.ව. 03 වන සියවස) 'ගෝල්වරුන්ගේ අපෝස්තුළුවරයෙකු (an Apostle to the Gauls)' ලෙස හඳුන්වන මෙතුමන් ක්‍රි.ව. 03 වන සියවසේදී ගෝල් දේශයේ