ජේසු මං හරි අසරණයි මට සමාව දෙන්න😭😖

ජේසු මං හරි අසරණයි මට සමාව දෙන්න😭😖

විඩාබරයි මගේ ගතට වේදනාකාරී මගේ හදවතට මට තේරුන්  නෑ මං ජීවිතේ කොහෙද මේ නැවතෙන්න හැදුවේ කියලා.

ජීවිතේ මං බලාපොරොත්තු උන සියලුම දේම මගේ ඇස් ඉස්සරහම බොද වෙලා යද්දි බැදීම් මාව රිද්දද්දි ජීවිතේ හීන නොහිතන විදියට කඩාගෙන වැටෙද්දි මං හරිම අසරණයි කියලා මට දැනුනා ජේසුට ලං වෙලා හිටපු මම ජේසුගෙන් ඈත් වෙන්න පටන් ගත්තා මං හිතුවා මෙච්චර ජේසුට ආදරේ කරලත් ජේසුට මාව වටින් නැතුව ඇති කියලා මං හිතුවා මං මගෙන් පලි ගන්න ජේසුව ඈත් කරල මං නරක පාරේ යන්න පටන් ගත්තා ඉමක් කොනක් දන් නැතුව ඔහේ පිස්සෙක් වගේ ඇවිදින්න පටන් ගත්තා බේබදු කමට ඇබ්බැහි වෙන්න පටන් ගත්තා මං දන් නෑ මං බිව්වම මොකද කරන්නේ කියලා.

මගේ විනාසය ආරම්භ වෙන්න පටන්ගත්තා කියලා මං හිතුවේ. මං හිතුව නෑ ජේසු මගේ හෙවනැල්ල වගේ මං ලගින් ඉදිවී කියලා.  ඒ වගේම මට දැනුනේම හැම මොහොතෙම මේ ජීවිතේ මට වැඩක් නෑමයි කියලා. ඒ වගේම මං එක දෙයක් දැක්කා මට ලොකු විනාසයක් වෙන්න යන හැම මොහොතේම ඒ දෙයින් මං බේරෙන බව.

දවසක් මං ටිකක් තනි උනා මං මගේ ඇතුලාන්තයෙන් ප්‍රශ්න කරන්න ගත්තා ජේසු ඇයි මට මෙහෙම වෙන්න දුන්නේ කියලා. මට දැනෙන්න පටන් ගත්තා මං ගොඩක් ජේසුට ලං වෙලා හිටපු කෙනෙක් නමුත් මගේ අරගල වලදී ඇයි මං ජේසුගෙන් ඈත් උනේ කියලා. මට තේරෙන්න ගත්තා මාව ගොඩක් විනාස වලදී බේරුවේ ජේසු තමයි කියලා. මට ටිකෙන් ටික තේරුම් ගියා මං මේ අරගල වලදී කරේම ජේසුට බැනලා ජේසුගෙන් ඈත් උන එක ඒ වගේම  මං යාච්ඤාව කරේ නෑ.

මට ඇඩෙන්න ගත්ත මට දැනුනා මං ජේසුව ඈත් කරත් ජේසු කවදාවත් මාව ඈත් කරේ නෑ මට තනි වෙන්න දුන් නෑ කියලා . මට දැනුනා ජේසු එක්ක මේ යන ගමනේ මට සෑහෙන්න පරික්ශා එනවා ඇයි මං මේක තේරුම් ගත්තේ නැත්තේ කියලා සාතන් කොහෙන් හරි බාදා එල්ල කරනවා කියලා මට දැනුනා ජේසුගෙන් ඈත් වෙන්න. මට එතකොට තේරුනා මං මාව රිද්ද ගන්නවා කියලා මෙච්චර කල් මං  ජේසුව රිද්දලා තියෙන්නේ කියලා තෙරුනා මං සෑහෙන්න ඇඩුවා කෝ මගේ විස්වාසය කොහෙද ගියේ කියලා මට දරා ගන්න බැරි උනා මං ජේසුගෙන් ඈත් උන එක ඒ වගේම ජේසුව රිද්දපු එක ගැන ජේසු කොච්චර නම් දරා ගෙන ඉන්න ඇතිද ඒ වේදනාව නමුත් ජේසු කවදාවත් මාව දාල ගිය නෑ.

මට මං ගැනම ලැජ්ජ හිතුනා මං මෙච්චර කල් රිද්දලා තියෙන්නේ ජේසුව නමුත් ජේසු මං ලගින් මගේ පසු පසින්ම ආවා ඒ වේදනාව දරාගෙන මාව තනි කරේ නෑ මට තනි වෙන්න් දුන් නෑ . ජේසු අපිට ආදරේ නිසා ඕන වේදනාවක් දරා ගනී හරියට එදා අපිට ආදරේ නිසා ජේසු අපි වෙනුවෙන් කුරුසයට පත් වී ජීවිතය පූජා කරා වගේ

මං ජේසුගෙන් සමාව ගත්තා තවත් ජේසුට ලං වෙන්න ගත්තා ජේසුට තිබ්බ ආදරේ තව වැඩි උනා. මං ජේසුගේ ආදරේන් පිරුන කෙනෙක් උනා.

මං තේරුම් ගත්තා සාතන් අපිව ජේසුගෙන් ඈත් කරන්න විවිධ බැමි දානවා ජේසු එක්ක යන ඒ මාර්ගය වහන්න නමුත් අපි තුල ජේසු ගැන විස්වාසය හා ඇදැහිල්ල තියෙනකං ඒ බැමි නිකන්ම නිකම් බැමි විතරයි සාතන් කියන්නේ ජේසු ඉදිරියේ නිකන්ම නිකන් කුනු රොඩ්ඩක් විතරයි .

ජේසු ඔයාට මට ගොඩක් ආදරෙයි♥️

සටහන:- අචිනි ප්‍රේමින්දිනි

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව