ලෝකය පැතලීද?🌎

ලෝකය පැතලීද?🌎
Photo by ActionVance / Unsplash

⭕ මුලින්ම කියන්න ඕනෙ ලෝකෙ පැතලී කියලා සෘජු මතයක් බයිබලයේ කොතනක වත් නෑ.ජෝබ්, යෙසායා පොත් වල තියෙන සමහර පද වල තියෙන සමහර කාරනා සාහිත්‍යමය ගතියකින් ලියලා තියෙනවා.ගීතාවලියේ ගීතමය පසුබිමකින්.නමුත් කිසිම තැනක ඍජු ගෝලයක් ගැන හෝ තැටියක් ගැන සඳහනක් නෑ.එක එක විද්‍යාත්මක දැනුම් පද්දති අනුව බයිබලයේ කොටස් විවිද විදියට අර්තකතනය කරන්න පුලුවන්.මුල් කාලීනව බයිබලය යම් ආකාරයක Flat earth theory එකකට support කලා වගේ වුනා නම් ඒක වුණේ බයිබලය අර්තකතනය වුණේ ග්‍රීක,රෝම චින්තයනය තුල වීම නිසා.ඒ කාලෙ තිබ්බ ප්‍රසිද්ද්ම විද්‍යාත්මක පිලි ගැනීම වුනේ ලෝකය තැටියක් කියන එක.ඒ නිසා ඒ මතධාරී සමාජය බයිබලය flat earth theory එකට support කියලා හිතුවා වෙන්න පුලුවන්.ඒත් පල්ලිය කිසිම දවසක ලෝකය තැටියක් කියලා කිව්වෙ නෑ.ලංකාවෙ ඉන්න ලිං මැඩි Science යන්තන් උඩින් අත ගාලා සියල්ල දත් ඔස්තාර්ලා කියලා හිතන් ඉන්න කට්ටිය කියන්නෙ නම් ලෝකෙ පැතලී කියලා පල්ලිය කිව්වා,ඒක හින්දා විද්‍යාඥයෝ මැරුවා,ගැලීලියොත් එක වින්දිතයෙක් bla bla bla.... වගේ බයිලා කතා.කොටිම්ම ගැලීලියෝ කිව්වෙ ලෝකෙ ගෝලාකාරයි කියලා නෙවේ.එයා ගෙනාවෙ heliocentrism නැත්නම් සූර්‍යකේන්ද්‍රවාදය .ඒක වත් හරියට දන්නෙ නැති කට්ටිය තමා පල්ලිය ලෝකෙ ගෝලාකාරයි කිව්වා කියලා නහින්නේ.ඔය මතේ තනිකර අර ගොබෙල්ස් න්‍යායට අනුව නිර්මාණය වෙච්ච දෙයක්.එකම බොරුව සියවස් කිහිපයක් තිස්සෙ එකම විදියට කීම නිසා ඒක සත්‍යක් වෙලා තියෙන්නෙ.කොටිම්ම ඔය බොරුවෙ මූලාරම්භය තමා A History of the Life and Voyages of Christopher Columbus කියන පොත.මේකෙ කියන විදියට පල්ලිය ලෝකෙ පැතලී කියලා මුල් යුගයේ සිට හිතාගෙන් හිටියා කොලොම්බස් නවලෝකය එහෙම නැත්නම් ඇමරිකන් මහද්වීපය හොයා ගන්නකන් ඒ මතේ promote කලාලු.ඒ උනාට මේක සනාථ කරන්න කිසිම පිලිගතහැකි සාක්ශියක් ඉදිරිපත් කරන්නෙ නෑ.

⭕ Early Middle ages වලදි පල්ලියෙ ලෝකෙ හැඩය ගැන මතය කතා කරනකොට සල්ස්බර්ග් වල බිශොප් වෙලා හිටපු වර්ජිලස් මුනිතුමා ප්‍රමුඛයි.මෙතුමගේ view එක ගැන ලොකු සාක්ශි ගොඩක් ඉතුරු වෙලා නැත්තත් තියෙන ටිකෙන් කියවෙන්නෙ ලෝකෙ ගෝලාකාරයි කියන මතය පාප්තුමාට ඉදිරිපත් කරපු කෙනෙක් කියලා.

⭕ඒ වගේම Late middle ages වල ගෝලාකාර පෘතිවියක් ගැන කතා කරපු ප්‍රධානම කතෝලික විද්වතා තමා ඇක්වයිනාස් තුමා.ඇක්වයිනාස් තුමා වගේ සුපිරි මොලයක් වගේම බයිබලය ගැන හසල දැනුමක් තිබ්බ කෙනෙක් ගෝලාකාර පෘතුවියක් ගැන විස්වාස කරනවා කියන්නෙම පල්ලිය හෝ බයිබලය flat earth theory එකට support කරන source එකක් කියන එකට සැර කනේ පාරක්.👍

⭕ තව ඔය කාලෙම තමා අර globus cruciger (අර ගෝලයක් උඩ කුරුසෙ ගහලා තියෙන සංකේතෙ.රැජින මැරුණ වෙලාවෙ පේන්න තියලා තිබ්බ කකුධ භාණ්ඩෙ)එක රජවරු අභිශේක කරන්න පාවිච්චි කලේ.ඒ සංකේතයේ තේරුම වෙන්නෙ ලෝකය කෙරෙහි වෙන ක්‍රිස්තුස් වහන්සේගෙ පරම අධිකාරීත්වය සහ ක්‍රිස්තුස් වහන්සේගෙන් අධිකාරීත්වය ලබා උන්වහන්සේ වෙනුවෙන් ලෝකය පාලනය කරනවා කියන එක.ඉතින් ලෝකෙ පැතලී කියලා පල්ලිය සැලකුවා නම් ලෝකය සංකේතවත් කරන්න ගෝලය වෙනුවට තැටියක් ගන්නවනේ😉

Image

⭕ ඒක හින්දා ලෝකෙ පැතලී උණත් ගෝලාකාර උනත් කතෝලික නිල ඉගැන්වීම් වලට නම් අබමල් රේණුවක වත් ප්‍රශ්නයක් නෑ.හැබැයි බයිබලය වචනාර්ථයෙන් අර්ථකථනය කරන සමහර මූලදර්මවාදි සබා වලට නම් ඕක ලොකු ප්‍රශ්නයක්

- රයන් මීදුම්

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;