දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම

එහෙත් දේව වන්දනාත්මකව

රජුන්ට ❌
රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌
ලොවට ✅

දේව වන්දනාත්මක තේරුම සරලව

ලොවට = ජුදා නොවන අයට = අපට

මෙබැවින්, මෙය දේව වන්දනාවේ මංගල්‍ය වල තෙවන ස්ථානය ගනියි (උඩින්ම පාස්කු දින ත්‍රිත්වය, ඊලඟට නත්තල). හුදෙක් ඓතිහාසික සිද්ධිය සිහිකළේ වී නම් මෙම තැන ලැබෙන්නේ නැත. එබැවින් මෙය රජතුන් කට්ටුවේ (තුන යන්නද doubtful ය) මංගල්‍යය ලෙස ලඝු කොට දැක්වීම වැරදිය. එය ජුදා නොවන අප සියලුදෙනාගේ මංගල්‍යය වන අතර, එම නිසා එය අතිශය වැදගත්ය.

මෙදින සාම්ප්‍රදායිකව සිදුවන දෑ:

  • ගවලෙනේ රජතුන් කට්ටුව තැබීම හා එඬේරු අයින් කිරීම (කලාතුරකින් ගවලෙන නොවන ගෙයක් හා Baby Jesus වෙනුවට Toddler Jesus සිටිනා setups දැකගත හැකිය - මෙයින් ඔවුන් ගවලෙනේ නොව ගෙයක සිටි බවත්, ජේසු බිළිඳා ඉපදුණු ගමන් දරුවෙක් නොව, දෑවුරුදු වයස් වූ බවත් කියාපාන සුවිශේෂ පණිවුඩය තහවුරු වේ)
  • ⁠ගෘහමූලිකයා විසින් ගෙදර මහදොර සළකුණු කිරීම
  • දේවස්ථානයේදී අදාළ දේව වන්දනා වසරේ පාස්කු මංගලෝත්සවය ප්‍රකාශයට පත්කිරීම

සටහන : සුපුන් ලහිරු

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

රාගමට ගුවන් පාලම ලැබීමට මැදිහත් වූ කාදිනල් කුරේ හිමිපාණන්

ලංකා ඉතිහාසයේ ප්‍රථම කාදිනල් ස්වාමිපාදයාණන් වශයෙන් රටට ඉමහත් කීර්තියක් ගෙන දී විශ්‍රාම ගිය කුරේ හිමියන් බැහැ දැකීමට අගමැති රණසිංහ ප්‍රේමදා