ක්‍රිස්තු රජාණන්ගේ මංගලෝත්සවය

දේව වන්දනා වර්ෂයක අවසන් ඉරුදිනට යෙදෙන මෙම මංගලෝත්සවය මඟින් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ රාජ්‍යත්වය සමරනු ලබයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මිනිසුන්ට සහ දේවදූතයන්ට පමණක් නොව සකල මැවිල්ලටම රජාණන් බවද උන්වහන්සේගේ රාජ්‍යත්වය සදාකාලික බවද මෙමඟින් තවදුරටත් අවධාරණය කෙරේ.

පළමු වන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ වූ ප්‍රධාන රාජාණ්ඩු බිඳ වැටීමත්, ඒ සමඟම වර්ධනය වූ අදේවවාදයට සහ ලෞකිකවාදී අන්ත-ජාතිකවාදයටද (Secular ultra-nationalism) ප්‍රතිචාර වශයෙන් 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ක්‍රි.ව. 1925දී යෙදුණු ජුබිලි වසරේදී 'Quas Primas' යන විශ්ව චක්‍රලේඛනය මඟින් මෙය 'අප සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුස් රජාණන්ගේ මංගල්‍යය (Festum Domini Nostri Jesu Christi Regis)' ලෙස ස්ථාපිත කළ අතර 1926දී මුල්වරට සමරනු ලැබීය.

එසේම 1926 - 1969 දක්වා මෙය ඔක්තෝම්බර් මස අවසන් ඉරුදිනදී සමරනු ලැබූ අතර 1969දී VI(06) වන පාවුළු ශුද්ධෝත්තම පියතුමන් (Pope, St. Paul VI) විසින් සිය 'Mysterii Paschalis' නම් Motu proprio (ශුද්ධෝත්තම පියතුමෙකු වෙනත් බාහිර පාර්ශ්වයක නිල ආයාචනයකින් තොරව තමන් විසින්ම නිකුත් කරනු ලබන නිල ප්‍රකාශනයකි) අපෝස්තලික ලේඛනය මඟින් මෙය 'විශ්වීය රජාණන් වන ජේසුස් ක්‍රිස්තුස් අප සමිඳාණන් වහන්සේගේ මංගලෝත්සවය (Sollemnitas Domini Nostri Iesu Christi Universorum Regis)' ලෙස උසස් කර දේව වන්දනා වර්ෂයේ අවසන් ඉරුදිනදී සැමරීමට නියම කරනු ලැබීය.

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;