සභා පිය ඉතිහාසය

සභා පිය ඉතිහාසය

✝️සභා පියවරුන් යනු කවුරුන්ද?

සභා පියවරුන් යනු දේවවචනය (Sacred Scripture) සහ අපෝස්තොලික ඉගැන්වීම් (Apostolic teachings/ Didachē) හී පදන්ම මත ගොඩනැගෙමින්, නිර්මල කිතුණු  දහමේ ඇති ධර්මතාවයන්ට පටහැනිවූ මිතයා මත (වේධභේධික සහ දර්ශනවාදී මත) ව්‍යර්ථ කිරීම තුළින් කිතුණු විශ්වාසය ආරක්ශා කිරීම සදහා ඉගැන්වීමෙන්, දේශනාවෙන් සහ ලේඛනයෙන් (Apologetic writings) දායක වූ මුල් (පළමු සියවස් සයක කාලය තුළ) උගතුන් පිරිසයි. මේ නිසාවෙන් ශුද්ධවූ සභා ඉතිහාසය තුළ සභා පියතුමෙකුගේ කාරයභාරය ඉතා වැදගත් ස්ථානයක් හිමිකරගෙන තිබේ. ඔවුන්ගේ ඒ සේවාව තුළ ප්‍රධාන පරමාර්ථයන් කිහිපයක් ගැබ්වී ඇතිබව පැහැදිලිවම අපට දැක්ගත හැක. ඒ අතුරින්;

🔸 ජුදා බැතිමතුන් සහ අන්‍යාගමිකයන් (Pagans) විසින් කිතුණුවන්ට විරුද්ධව එල්ල කල චෝදනාවන්ට පිළිතුරු ලබාදීම,
🔸 කිතුණු දහමේ නිර්මලත්වය නව ගිවිසුමට අනුව ආරක්ශා කිරීම,
🔸  කිතුණුවන්ට පීඩා කරන්නන්ට සත්‍ය ධර්මයේ වටිනාකම පෙන්වාදීමට කටයුතු කිරීම,
🔸අධිරාජ්‍යවරුන් විසින් කිතුණු බැතිමතුන්ට සිදුකරන හිංසා පීඩනයන්ට හේතු නොමැති බවට පෙන්වාදීමට,
🔸 අන්‍යාගමික උගතුන්ට ක්‍රිස්තු ධර්මය තේරුම් ගැනීමට මග සැලසීම වැනි කාරනා ඉතා වැදගත් වේ.

✝️සියලුම මුල් කිතුණු ලේඛකයන් සභා පියවරුන් ලෙස නම් කළ හැකිද?

සියලුම මුල් කිතුණු ලේඛකයන් සභා පියවරුන් ලෙස නම් කළ නොහැක. ඒ මන්දයත් සභා පියතුමෙකු ලෙස ප්‍රකාශ කිරීම සදහා ශුද්ධවූ සභාව විසින් පාදක කොට ගන්නා කරුණු කිහිපයක් ඇති හෙයිනි. ඒ අතුරින්,

🔸 ජීවත් වූ කාල වකවානුව,
🔸 ඉදිරිපත් කල ධාර්මීක ඉගැන්වීම්වල නිර්වදයභාවය,
🔸 ශුද්ධවූ සභාවේ අනුමැතිය,
🔸  ඔවුන් ගතකළ ශුද්ධවත් ජීවිතය, යන කරුණු ඉතා වැදගත් වේ.

සැ:යු:- ඉහත සදහන් කල සතරවන කාරණාව වන ශුද්ධවත් දිවි පෙවෙත යන්න පදන්ම් කරගෙන සියලුම සභා පියවරුන් සාන්තුවරයන් යැයි අපට ප්‍රකාශ කළ නොහැක. ඒ මන්දයත් විවිධ කරුණු කාරණාවන් පදන්ම් කරගනිමින් ටර්ටූලියන්, ඔරිජන් වැනි සභා පියවරුන් සාන්තුවරයන් වශයෙන් නම් කර නොමැති නිසාවෙනි. කෙසේ වෙතත් කිතුණු දහමේ උන්නතිය උදෙසා ඔවුන් විසින් සිදු කරන ලද ඉගැන්වීම් සහ ලේඛනයෙන් පදනම් කොට ගනිමින් ඔවුන්ගේ නාමයන් සභා පිය නාමාවලියට ඇතුලත් කර තිබේ.

✝️ලතින් සහ ග්‍රීක සභා පියවරුන්

භූගෝලීය පසුබිම සහ ඉගැන්වීම් සදහා භාවිතා කල භාශාව පදනම් කරගනිමින් සභා පියවරුන්ව  ලතින් සභා පියවරුන් (Latin Fathers) සහ ග්‍රීක සභා පියවරුන් (Greek Fathers) ලෙස කොටස් දෙකකට බෙදා වෙන්කල හැකිය.

🔸ලතින් සභා පියවරුන් යනු රෝම අදිරාජ්‍යයේ බටහිර පෙදෙසේ  (Western part of the Roman Empire) වාසය කරමින් ලතින් බසින් කිතුණු ධර්මය ප්‍රචලිත කිරීමට වෙහෙසවූ මුල් (පළමු සියවස් සයක කාලය තුළ ජීවත් වූ) කිතුණු පියවරුන්.
උදා: ශු. ඉරේනියස් තුමන්(ක්‍රි:ව:120-202) , රෝමයේ ශු. ක්ලෙමන්ට් තුමන් (ක්‍රි:ව:35-99), මිලාන්හී ශු. අම්බ්‍රෝස් තුමන් (ක්‍රි:ව:337-397) ,හිප්පෝහී ශු. අගුස්තීනු තුමන් (ක්‍රි:ව: 354-430), ප්‍රාණපරිත්‍යාගී ශු. ජස්ටින් තුමන් (ක්‍රි:ව: 100-165), ඔරිජන්  තුමන් (ක්‍රි:ව:185-253), ශු. ජෙරොම් තුමන් (ක්‍රි:ව:347-420), ටර්ටූලියන් තුමන් (ක්‍රි:ව:160-240), මහා ග්‍රෙගරි පාප්තුමන්(ක්‍රි:ව:540-604).

🔸 එලෙසම ග්‍රීක සභා පියවරුන් යනු රෝම අදිරාජ්‍යයේ පෙරදිග (Eastern part of the Roman Empire) පෙදෙසේ වාසය කරමින් ග්‍රීක බසින් කිතුණු ධර්මය ප්‍රචලිත කිරීමට වෙහෙසවූ මුල් (පළමු සියවස් සයක කාලය තුළ ජීවත් වූ) කිතුණු පියවරුන්.

උදා: ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු. සිරිල් තුමන් (ක්‍රි:ව:376-444), ශු. බැසිල් තුමන්(ක්‍රි:ව:330-379), නිසියාවෙහි ශු. ග්‍රෙගරි තුමන් (ක්‍රි:ව:329-389), ශු. ජෝන් ක්‍රිසොස්තම් තුමන්(349-407), ශු. ජෝන් දමස්කස් තුමන් (ක්‍රි:ව: 675-749).

✝️අපෝස්තොලික පියවරුන් (Apostolic Fathers) යනු කවුරුන්ද?

සභා පියවරුන් අතුරින් ක්‍රිස්තු වර්ශ පළමුවන සහ දෙවන සියවස්වල ජීවත් වූ මුල් පියවරුන් අපෝස්තොලික පියවරුන් (Apostolic Fathers) ලෙසද නම් කරනු ලබයි. එයට ප්‍රධානතම හේතුව නම්, මේ පියවරුන්, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් වූ අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීම් වලට සවන් දී ඒවා ලේඛනගත් කිරීමෙහි නිර්ත වූ ප්‍රථම පරම්පරාවෙහි කොටස්කරුවන් වීමයි. මේ අතුරින් රෝමයේ ශු. ක්ලෙමන්ට් තුමන් (ක්‍රි:ව:35-99), අන්තියෝකියේ ශු. ඉග්නාසියුස් තුමන් (ක්‍රි:ව:50-108), සමාරියාවේ ශු. පොලික්‍රාප් තුමන් (ක්‍රි:ව:69-155) ඉතා වැදගත් වේ.

✝️මහා සභා පියවරුන් යනු කවුරුන්ද?

අටවන බොනිෆස් පාප්තුමන් විසින් කිතුණු සභාවේ උන්නතිය උදෙසා සිදුකළ සුවිශේෂී මෙහෙවර අගයමින් වර්ශ 1298දී ලතින් සභා පියවරුන් සිව්නමක් වූ මිලාන්හී ශු. අම්බ්‍රෝස් තුමන්,හිප්පෝහී ශු. අගුස්තීනු තුමන්, ශු. ජෙරොම් තුමන් සහ ශු. මහා ග්‍රෙගරි තුමන්ව "සභා ධර්මවේදීන් හෙවත් මහා සභා පියවරුන්" (the First Doctors of the Church) ලෙස නම් කරන ලදි.

සැකසුම : ලියෝ මදුශාන් සහෝදරතුමන්
මූලාශ්‍ර : විශ්ව සභා ඉතිහාසය (2011), රජරට කිතු දහම් නිකේතනය. Church Fathers: From Clement of Rome to Augustine (2008) by Pope Benedict XVI