කතෝලික සභාව හා භූතවාදය/Exorcism

කතෝලික සභාව හා භූතවාදය/Exorcism
Photo by Mateus Campos Felipe / Unsplash

කතෝලික පියතුමෙකුට හිතුමතේ භූතවාදයකට සම්බන්ධ විය හැකිද?

කතෝලික සභාවේ කැනොන් නීතිය අනුව අදාළ ප්‍රාදේශීය බිශොප්වරයාගේ අනුමැතියකින් තොරව සහභාගී විය නොහැක.

ඇයි කතෝලික පියතුමෙකු අවසර නොමැතිව සම්බන්ධ නොවන්නෙ?

වර්තමානයේ පරීක්ෂණ මගින් පෙනී යන්නේ යක්ෂාවේශය වූ යැයි හැදින්වූ බහුතරයක් මානසික ව්‍යාදි වලින් හා වෙනත් රෝග වලින් පෙළෙන අය බවයි. මේ හේතුවෙන්ම කතෝලික සභාවේ කැනොන් නීතිය මගින් උපදෙස් දෙන්නේ නිසි පරීක්ෂණයකින් පසු භූතවාදයකට යොමු වන ලෙසයි. නිසි ප්‍රතිකාර නොකර හිතු මතේ ක්‍රියා කිරීම හේතුවෙන් වින්දිතයන් මරණයට පත් වීම පවා දරුණු සිදුවීම් අතීතයේ කතෝලික සභාවෙන් හා මෑතකදී ලංකාවේ පාස්ටර් කෙනෙකු අතින් පවා සිදු වීම හොදම උදාහරණයි.

වතිකානුව මගින් අනෙක් කිතුනු සභාවල සාමාජිකයන්ට පවා "Exorcism and Prayer of Liberation" නමින් යකුන් පළවාහැරීම පිළිබද පුහුණු පාඨමාලාවක් ලබා දීම මෑතකදී ආරම්භ කරන ලදි.

ලෝක ප්‍රසිද්ධ යකුන් පළවා හරින්නෙකු වන Fr. Vincent Lampert සමග සාකච්ඡාව මෙතනින් නැරඹිය හැක (https://youtu.be/nhhi7Fk3ueI). එහි එතුමා සදහන් කරන විශේෂ කරුණක් වන්නේ එතුමන්ගේ පදවියේ සිටින පාස්ටර් වරුන් සමග එතුමා සහයෝගයෙන් කටයුතු කරන බව හා, පාස්ටර්වරුන් ඇතැම් අවස්තා වල පියතුමාගෙන් උදව් ඉල්ලූ විට එතුමා පාස්ටර්වරුන්ට සහයට යන බවයි.

එමෙන්ම භූතවාදයන් වලට කිතුනුවන් භාවිතා කරන ප්‍රධාන formula එකක් වන "Vade retro satana" යන යාච්ඤාව නිර්මාණය කළේ හදි හූණියම් වලට එරෙහිව ක්‍රියා කරන ශුද්ධ වූ බෙනඩික් මුනිදුන් විසිනි. එය කොච්චර බලවත්ද කිවහොත් එම යාච්ඤාව ඕර්තඩොක්ස්, ලූතරන්, ඇන්ග්ලිකන්, මේතෝදිස්ත ආදී විවිධ සභාවන් රැසකද භාවිතයට ගනී.

අවසාන කරුණ වන්නෙ යක්ශාවේශ වූවන් යැයි සැලකෙන බහුතරයක් පුද්ගලයන් ඇත්තටම යක්ශාවේශ වූවන් නොව මානසික ආබාධ වලින් පෙලෙන්නන් බව හා මෙය පටලවා ගැනීම හා නිසි පළ පුරුද්දක් නොමැති පුද්ගලයන් භූතවාදයන් මෙහෙයවීම හේතුවෙන් මරණයන් පවා සිදුවීම් වාර්තා වී ඇත. මෙම හේතු නිසාවෙන් කතෝලික සභාව අනෙක් මූලධර්මවාදී සභාවන් මෙන් භූතවාදය සෙල්ලමක් ලෙස නොගනී. කතෝලික සභාව ප්‍රොතෙස්තන්ත්‍ර සභාවන් ආරම්භ වීමට පෙර ජේසුස් වහන්සේ සභාව ආරම්භ කළ දවසේ පටන් අවුරුදු 1500කට අධික කාළයක් යකුන් පළවාහැරීම සිදු කරන ලදි. තවමත් සිදුකරයි, අනාගතයේදීත් සිදු කරයි.

මහා භූතවේදී ශුද්ධ වූ බෙනඩික් මුනිදුනි,
අප නිසා යාච්ඤා කළ මැනව 🙏

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව