දිව්‍ය බිළිඳාණන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය

දිව්‍ය බිළිඳාණන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය

දිව්‍ය බිළිඳාණන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගල්‍යය හෙවත් රජ තුන් කට්ටුවෙ මංගල්‍යය. ජනවන්දනා දින දසුනට අනුව වාර්ෂිකව මෙම මංගල්‍යය සිහිපත් කරනු ලබනුයේ ජනවාරි 06 වැනි දිනය, එනම් අද දිනය, නමුත් සිරිලක දින දසුනට අනුව එය ජනවාරි 07 වන දින එනම් හෙට දිනදී සමරනු ලබයි.

ශුද්ධවර මතෙව් තුමන්ගේ සුභාරංචියට අනුව හෙරෝද් රජ සමයේ බෙත්ලෙහෙම් නුවරට පෙරදිගින් පැමිණි ශ්‍රාස්ත්‍රවන්තයින් තිදෙනෙකු අලුත උපන් ළදරුවෙකු පිළිබද හෙරෝද් රජුගෙන් විමසූ බවත් ළදරුවා ශ්‍රේෂ්ඨ උත්තමයෙකු වන බවත් සැල කල බව ශුද්ධ ලියවිල්ලේ සදහන් වේ..දීර්ඝ ගවේෂණයකට පසු දීර්ඝ ගමනක් එදා පෑයූ අමුතුම තාරකාව ඔස්සේ ඔවුන් පැමිණියේ මෙම ශ්‍රේෂ්ඨ ළදරුවා බැහැ දැකීමටය, එසේ ඔවුන්ගේ අභිප්‍රාය අනුව මරියතුමී හා ජුසේ තුමා සමග ළදරුවා හිදිනු දැක පසඟ පිහුටුවා වැද ඔවුන්ගේ කරඬු හැර රන්ද, රිදීද, ගන්ධරසද යන පඬුරු බිළිදාණන්ට ඔප්පු කල බව සුභාරංචිය සාක්ෂි දරයි, එම පඬුරු මගින් දෙව් බිළිදාණන්ගෙ දේවත්වය,රාජකීයත්වය හා මනුෂ්‍යත්වය සංකේතවත් කෙරේ.

එමෙන්ම පෙරදිගින් පැමිණි මේ පඬිවරුන් තිදෙනා බල්තසාර්,මෙල්කියෝර් සහ ගස්පාර් බව ජනප්‍රවාද සාක්ෂි දරයි. කතෝලික සභාව ඔවුන් සාන්තුවරයන් ලෙස බුහුමන් නොකලද අතීතයේ සිට ඔවුන්ට විශේෂ ගෞරවයක් බැතියක් දක්වනු ලබයි. එලෙසම ඔතඩොක්ස් ක්‍රිස්තියානි සභාවන් තුල ඔවුන් සාන්තුවරයින් ලෙස ගෞරව බුහුමානයන්ට පාත්‍ර වේ. එමෙන්ම බටහිර බොහෝ රටවල් මෙම මංගල්‍යය මහත් හරසරින් සමරන අතර අද සැදෑ යාමය වන විට අසිරිමත් නත්තල් සමය අවසන් වන අතර නත්තල් සැරසිලි හා නත්තල සදහා ඉදි කරනු ලැබු සියලුම සංකේත ඉවත් කරනු ලබයි.එලෙසම ඔවුන් සිහිපත් කරමින් බොහෝ රවවල කුඩා දරුවන්ට තෑගී බෝග ලබා දීමද රජවරුන් මෙන් හැදපැළද නගරයෙ වීදී වල සංචාරය කරනු දක්නට ලැබීමද සුලබ දසුනකි, ඔවුන් වටා නොයෙක් ජනප්‍රවාද සම්ප්‍රදායන් බැදී පවතින අතර රටවලින් රට වලට ඒවා වෙනස් ස්වරූපයක් ගනී.

එමෙන්ම ඔවුන්ගේ ශුද්ධ ධාතූන් කිහිපයන් ප්‍රංශයේ 'කොලොන් ආසන දෙව් මැදුරේ තැන්පත් කොට ඇති අතර, ඔවුන් ජේසු බිළිඳුන් හට ඔප්පු කල මිල අධික ත්‍යාගයන් ග්‍රීසියේ 'අතොස්' නුවර ශාන්ත පාවුළු ආරාමයේ තැන්පත් කොට ඇති අතර ඒ සියල්ල අදද සැදැහැවතුන් හට දැක බලා ගැනීමට ලැබීම මහත් භාග්‍යයකි. ඔබ සැමට ලෝකයට ප්‍රත්‍යක්ෂ වූ දෙව් බිළිදාණන්ගේ සුවය සාමය සැනසීම බහුලව ලැබෙන නව වසරක් වේවා  ..❤️👑❤️

𝑯𝒂𝒑𝒑𝒚 𝑬𝒑𝒊𝒑𝒉𝒂𝒏𝒚 𝑫𝒂𝒚 👑
ශාන් ගුණසේකර