එඩිත් ශ්ටයින්

එඩිත් ශ්ටයින්

මුළු ආත්මයෙන් ම වෙනස් වී, කුරුසිය වැළදගෙන ස්වර්ග රාජ්‍යයට ඇතුළු වනු පිණිස මේ ලෝකයේ වන්දනාගමන ගමන් කරන්නේ කෙසේදැයි කුරුසියේ ශු. තෙරේසා බෙනඩික්ටාගෙන් (එඩිත් ශ්ටයින්ගෙන්)  ඉගෙන ගනිමු..

ඇය ගැන කෙටියෙන් ලියා අවසන් කළ නොහැකි වුවත් ඇය ගැන වචන කීපයක් ලියන්නෙමි..

එඩිත් ශ්ටයින් යනු පෝලන්තයේ උපන් ජර්මන් යුදෙව් ජාතිකයෙකි. ඉතාමත් විශාල යුදෙව් පවුලක බාලම දරුවා ඇය විය.
ජිවිතයේ අර්ථය කුමක්දැයි විමසමින් ඇය නිතරම නොසන්සුන් ස්වභාවයකින් සිටි තරුණියක් වූවාය. නව යොවුන් වියේදී ඇය දෙවියන්වහන්සේ කෙරෙහි තිබුණු විශ්වාසය අත් හැරියාය.

පාසැලේ දී මෙන් ම විශ්ව විද්‍යාලයේ දී ද ඇය ඉතාමත් දක්ෂ ශිෂ්‍යයාවක් වූවාය. ඇය ෆ්‍රයිබුග් විශ්ව විද්‍යාලයේ ( University of Freiburg) තම doctoral thesis එක සම්පුර්ණ කළේ තම thesis එකට 'The Problem of Empathy' ගැන ලියා අවසන් කරමින්ය. එහිදී ඇය ඉතාමත් උසස් ලෙස සමත් වූවාය. ( summa cum laude )

අවිල්ලාහි ශු. තෙරේසාගේ ජිවිතය ගැන කියවන්නට පටන් ගත් විට ඇයගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් විණ. 1922 දී බව්තිස්ම-ස්නාපනය ලැබුවාය. පසුව ජර්මනියේ කොලෝන්හි Convent of Discalced Carmelites එකට ඇතුළු වුවාය.
1942 දී නාසිවරුන් විසින් ඇයව මරා දැමුවාය.. (වයස 51 දී)

එඩිත් ශ්ටයින්ගේ ජීවිතය දෙස බැලුවම, ඇය තුළ මුලදී ඉඩ දී තිබුණේ තම බුද්ධිය ට පමණක් බවත්, පසුව ඇයගේ ජීවිත පරිවර්තනය තුළ ඇය ශුද්ධාත්මයාණන් වහන්සේගේ ප්‍රඥාවටත් ඇය තුළ ඉඩ දුන් බවත් පෙනේ. ඇය කොතරම් ඒ ප්‍රඥාවෙන් ආලෝකමත් වුණා ද යනවග, ඇය කුරුසිය ට ආදරය කරමින් එය වැලදගත් ආකාරය තුළින් ඉස්මතු වේ..

මුළාව යන්නට හැකි සම්භාවිතාව අප තුළ වැඩි නිසා, මුළාව නොයන්නට උත්සාහ කරමින්, යහපත් එඩේරාණන් වන ජේසුගේ කුරුසිය ට ආදරය කරමින් එය වැළදගන්නා ආකාරය එඩිත් ශ්ටයින්ගෙන් ඉගෙන ගනිමු..

තරුණ තරුණියනි කුරුසියේ ශු. තෙරේසා බෙනඩික්ටා (එඩිත් ශ්ටයින්) ගැන ඔබ කියවිය යුතුමයි

ඇය විසින් වරෙක තම මිතුරියකට ලියන ලද්දකින් අවසන් කරමි .

"පුද්ගලයෙකුට කුරුසිය පිළිබද දැනුම (scientia crucis)ලැබෙන්නේ, ඒ පුද්ගලයා කුරුසිය හොදින් අත්දැක ඇත්නම් වේ."

උපුටාගැනීම - දේවවචනයේරසයඅත්දකිමු, DRCUES2023