පෙරදිග කතෝලික සභා

පෙරදිග කතෝලික සභා
Photo by Dave Herring / Unsplash

ශුද්ධවූ සභාව යනු හුදෙක් රෝමානු කතෝලික සභාව නොව ඊට තව කොටස් 23 ක් අයත් බව බොහෝ කතෝලිකයෝ නොදනිති. ලොව වෙසෙන කතෝලික ප්‍රජාවෙන් මිලියන 18ක් එනම් 1.5%ක් අයත් වන්නේ මේ පෙරදිග කතෝලික සභාවන්ටය. ප්‍රතිශතයක් ලෙස එය සංඛ්‍යාත්මකව අඩුවූවත් මේ පෙරදිග කතෝලික සභා අපෝස්තලික මූලයකට උරුමකම් කියන ඉතා පැරණි සභාවන්වේ.

මෙම සභාවන් තමන්ගේම පිළිවෙතක් සහිත, ස්වාධීන එහෙත් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අතර  ඒවා පැරණි රෝමයේ නැගෙනහිරට වන්නට ඊසාන දිග අප්‍රිකාව,මැද පෙරදිග , බෝල්කන් අර්ධද්වීපය හා ඉන්දියාව ආදි ප්‍රදේශ කේන්ද්‍ර කොට පවතී.

පෙරදිග පිළිවෙත් 5 ක් ඔස්සේ මේ සභා සංවිධානය වී ඇති අතර රෝමානු සභාවේ ලතින් පිළිවෙතින් ඒවා වෙනස් වේ. මෙම පෙරදිග කතෝලික සභා 23 ඒවායේ පිළිවෙත අනුව මෙලෙස ඉදිරිපත් කළ හැක.

ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත

  1. කොප්ටික් කතෝලික සභාව - ඊජිප්තුව මූලස්ථානය වේ.
  2. එරිත්‍රියානු කතෝලික සභාව -
  3. ඉතියෝපියානු කතෝලික සභාව -

අර්මේනියානු පිළිවෙත

  1. අර්මේනියානු කතෝලික සභාව -මූලස්ථානය ලෙබනනයේ බීරුට්

බයිසැන්ටියානු පිළිවෙත

  1. ඇල්බේනියානු ග්‍රීක කතෝලික සභාව -
  2. බෙලරුසියානු ග්‍රීක කතෝලික සභාව -
  3. බල්ගේරියානු ග්‍රීක කතෝලික සභාව-
  4. ක්‍රොඒෂියානු හා සර්බියානු ග්‍රීක කතෝලික සභාව
  5. බයිසැන්ටියානු ග්‍රීක කතෝලික සභාව - ග්‍රීසිය හා තුර්කිය
  6. හංගේරියානු ග්‍රීක කතෝලික සභාව
  7. ඉතාලි ඇල්බේනියානු ග්‍රීක කතෝලික සභාව
  8. මැසිඩෝනියානු ග්‍රීක කතෝලික සභාව -
  9. මෙල්කයිට් ග්‍රීක කතෝලික සභාව - මූලස්ථානය සිරියාවේ දමස්කස්
  10. රුමේනියානු ග්‍රීක කතෝලික සභාව
  11. රුසියානු ග්‍රීක කතෝලික සභාව
  12. රුතේනියානු ග්‍රීක කතෝලික සභාව - මූලස්ථානය ඇ.එ.ජ. පිට්ස්බර්ග්
  13. ස්ලොවැකියානු ග්‍රීක කතෝලික සභාව
  14. යුක්‍රේනියානු ග්‍රීක කතෝලික සභාව -

නැගෙනහිර සිරියානු පිළිවෙත

  1. කල්දියානු කතෝලික සභාව - ඉරාකයේ බැග්ඩෑඩ් හී මූලස්ථානය
  2. සීරෝ මලබාර් කතෝලික සභාව - ඉන්දියාවේ කේරලේ මූලස්ථානය

බටහිර සිරියානු පිළිවෙත

  1. මැරෝනයිට් කතෝලික සභාව - ලෙබනනයේ මූලස්ථානය
  2. සිරියානු කතෝලික සභාව -
  3. සීරෝ මලන්කරා කතෝලික සභාව - ඉන්දියාවේ කේරලය

මේ සභා සියල්ල එකම කතෝලික සභාවේ කොටස් වන අතර ඔවුන්ගේ පිළිවෙත් ඔවුන්ගේ නිල භාෂාවෙන් පවත්වනු ලැබේ. ඒවායේ පිළිවෙත් රෝමානු සභාවේ අයටද වලංගු වේ.

✍️ මාධව ජයකොඩි

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,