දෝමිණී කෝවාදෙස් (ස්වාමින් ඔබ කොහෙද මේ යන්නේ)

දෝමිණී කෝවාදෙස් (ස්වාමින් ඔබ කොහෙද මේ යන්නේ)

පේදුරු තුමා ඔන්න නැව් නැගලා මධ්‍යධරණීය මුහුදෙන් එහාපැත්තට ඇවිත් රෝමයට ගොඩ බහිනවා රෝමයේ තිබෙන පැරණිම වරායක් (ඔස්තියන්සී වරාය)



මේ වරායෙන් බැහැල හරියටම රෝමයේ මැද තියනවා කොලෝසියම් කියන ඇන්ෆිතියේටර්


එක තියෙන්නේ ඔබ දන්නවා ඇතී නීරෝ අධ්රාජියා මේ කොලෝසියම් එකේ තමයී කිතුනුවන්ට පීඩාවට ලක් කරලා මරණු ලැබුවේ ඉතිං මේ වටේ තමයී පැරණි රෝමානු නගරය පිහිටා තිබෙන්නේ මේ ඔස්තියන්සී වරායේ ඉදලා කෙලින්ම රෝමයේ මැදට තියන පාර තමයී ලෝකයේ පැරණිම පාර මේ පාරේ නම තමයී




(වීයා අපියා ආන්තිකා) මේ පාර තවමත් තියනවා ඉතිං පේදුරු තුමා මේ පාර දිගේ තමයි රෝමය එහෙමත් නැත්නම් රෝමානු අධ්රාජ්‍යායට ඇතුළු වුනේ..ඉතිං පේදුරු තුමා එතුමාට පක්ෂපාති දෙතුන් දෙනෙක් එකතුකරගෙන මේ ධර්මය ප්‍රචාරය ආරම්භ කරන්න පටන් ගත්තා..
හැබැයි මේ දේ හිතන තරම් ලේසි වුනේ නම් නැහැ මොකද රෝමය ( ඉතාලිය ) කිව්වහම මිත්‍යදුෂ්ට්ක ආගම් දෙව්වරු බොහෝ දෙව්වරු ඇති ව්ජාතිකයින් සිටින රටක් ඔවුන් යාවේ දෙව්යන් වහන්සේ ගැනවත් ජේසු ක්‍රිස්තුස් වහන්සේ ගැනවත් දැනගෙන හිටපු අය නම් නෙවෙයි
අදට උනත් ඔයාලා දන්නවා ඇති ඉතාලියේ තියනවා පැන්තියන්,පියස්ස වැනිසියා වගේ තව තව බොහෝ කලාවන් තියනවා ඉතිං ඒ කලාවන් වලින් බිහිවුන බොරු දෙව් වරු බොහෝ ආගම් මේ ඉතාලියේ තිබුනා

මේ ඒ වගේ මිත්‍යදුෂ්ට්ක ඇදහිල්ලක් මේක තියෙන්නෙ කොලෝසියම් එකට ටිකක් දුරින් තමයි තියෙන්නෙ

(බොක්කා දෙල්ලා වෙරිතා)




ඔවුන් විශ්වාස කරනවා බොරු කියපු කෙනෙක් නම් මේ කට ඇතුලට ඇතදාපුවාම ඒ අත මේ කටින් අල්ල ගන්නා බවට...
ඉතිං ඔය එකක් ඔය වගේ මහ විකාර ආගම් හා දෙව් වරු තමයි එදා ඉතාලියේ රෝමානු අය  ඇදහුවේ ඉතිං මේ වගේ මිනිසුන්ට ඒක දේව වාදය කියන දේ තේරුම් කරලා ජේසු තුමන් ගැන තේරුම් කරලා කිතුනුවන් කරන එක නම් පේදුරු තුමාට පොඩ්ඩක්වත් ලේසි වුනේ නැහැ හැබැයි පේදුරු තුමා තනිව සාමාන්‍ය  මිනිසෙක් හැටියට නම් නෙවෙයි මේ කාර්‍ය්යට එලබුනේ මොකද මේ දේව කාර්‍ය්ය මැද පේදුරු තුමා සමග උත්තාන ජේසු සමිදු හිටියා ඒක අමතක කරන්න එපා.මොකද පේදුරු තුමා ක්‍රිස්තුස් වහන්සේගේ නියෝජිතයෙක් ඉතිං ජේසු සමිදුන්ගේ මරණයෙන් පසුව මේ අය රෝමයට පැනලා ඇවිත් මේ සුභආරංචිය රෝමයට බෙදා දෙන්න හැදුවත් ඒක හොද දෙයක් නම් වුනේ නැහැ ඉතිං මුලදි මේ පේදුරු තුමා සමග බොහෝම සුළු පිරිසක් එකතු වුනා හැබැයි මේ නීරෝ කියන අධ්රාජ්‍යා ඒ සුළු පිරිසට බොහෝ පීඩා කරන්න ගත්තා

(නීරෝ අධ්රාජ්‍යා )


ක්‍රිස්තු වර්ෂ 60 ක කාලය ඉදන් මේ නීරෝ කියනේ බොහෝම මේනියා කාරයෙක් මොකද මෙයාගේ සහෝදරයන් පවා මරපු කෙනෙක් මේ නීරෝ කියන්නේ ඉතිං මේ නීරෝ මොකද කරන්නේ මේ කිතුනුවන්ට එන්න එන්න වැඩි වෙන එක නවත්වන්න හා රෝමානුවන් හා කිතුනුවන් අතර භේදයක් ඇති කරන්න මේ නීරෝ රෝමයට ගිණි තියනවා






අහලා ඇති නේ මේ කතාව

රෝමය ගිණි ගනිද්දී නීරෝ වීනා වාදනය කලා කියන කතාව අන්න ඒක තමයී ඒ සිද්දියේ කතාව ඉතිං මේ රෝමයට ගිණි තියලා මෙයා ප්‍රචාරයක් යවනවා සුළුතරයක් වුන කිතුනුවන් හා පේදුරු තුමා තමයි මේ දේ කලේ කියලා.රෝමානු වැසියන් ඇව්ස්සෙනවා ලොකු කලබලයක් ඇතිවෙනවා.

මේ නීරෝගේ කුළුණ උඩ ඉදන්




වීනා වාදනය කරමින් මෙතන ඉදන් රෝමය දෙස බලාගෙන ඉන්නවා.මොකද මෙතනට හොදට මුළු රෝමයම පේනවා අදට උනත් ඔබට ගියොත් පැරණි රෝම නගරය බලාගන්න පුලුවන්
ඉතිං මේ පේදුරු තුමා බොහොම අමාරුවෙන් කිතුනුවන් රැස්‍කරනවා ඒ වගේම බොහෝ පිරිසක් මේ පේදුරු තුමා වටා එකතු වෙනවා


විශේෂයෙන් කිව්වොත් රෝමානු හමුදාවේ සොල්දාදුවන් රෝමානු සෙනේටයේ,රෝමන් ෆෝරම් එකේ විශේෂ අය මේ පේදුරු තුමා හා සමග එකතු වෙනවා.ඉතිං මේක නීරෝට ලොකු අභියෝගයක් නීරෝ මොකද කරන්නේ මේ කිතුනුවන් වැඩිවැඩියෙන් මරණනව හැබැයී මේක දකින රෝමානු වැසියන් තවතවත් කිතුනුවන් ලෙස පේදුරු තුමා වටා එකතු වෙනවා.

මේ කොලෝසියම් එක




ඔබ දන්නවා ඇති පාප්වහන්සේ මහ සිකුරාදා දින මෙහෙය සිදුකරන්නේ මෙතන




මොකද ඒකට හේතුව මං කියන්නම්

ඔය කොලෝසියම් එක වටේ හරියට පඩිපෙල් වගේ තියෙන්නේ ඒ මැද පිට්ටනියක් වගේ තියන තැන් වෙන සියළුම දේ හොදට ඔය වටේ වාඩි වෙලා ඉන්න අයට බලාගන්න පුලුවන් ඉතිං මේ කිතුනුවන්ව මේ කොලෝසියම් එක මැද්දට දාලා දවස් ගනනින් බඩගින්නේ ඉන්න සිංහයො,කොටි වගේ දරුණු සතුන් ඒ මැද්දට මුදා හරිනව.ඉතිං ඒ සතුන් අර කිතුනුවන්ව කෑලි කෑලි වලට ඉරා කා දමනවා මේ සියල්ල නීරෝ අධිරාජ්‍යවාදීයාගේ පක්ෂපාති අය නරඹමින් සතුටු වෙනවා.
හැබැයි මේ අතරේ මේ සාක්ෂිය දැකලා අධ්රාජ්‍යවාදීන්ගේ බිසෝවරු පවා මේ කිතුනු ආගම වැලද ගන්නවා ඉතිං නීරෝට ලොකු අභියෝගයක් කිතුනුවන් මරන්න මරන්න මේ කිතුනු සංහාරය වැඩිවෙනවා.
මේ නීරෝ අවසානයේ තීරන කරනවා පේදුරු තුමාව මරණ්න..හැබැයි මිනිහා ටිකක් බයයි මොකද දැන් මිනිහා ජේසු ගැන අහලා තියනවා ඊටත්වඩා නීරෝ බයවුනා මේක නිසා මිනිහට රටේ ලොකු කැරැල්ලක් බවට පත්වේදෝ කියා.ඉතිං මේ නීරෝ මොකද කරන්නේ මේ පේදුරු තුමාව මරණ්න නැතිව මේ පියොත්‍රෝ එන් කතේනා කියන මේ තැනට ගෙනත් එකේ තේරුම තමයි පේදුරු තුමාව දංවැල් දාලා බැදලා වද දුන් තැන



කියන එක ඉතිං මෙතන තියාගෙන පේදුරු තුමාට ගොඩක් වද දෙනවා ඒත් නීරෝට ඒකෙන් සැනසීමක් ලබන්න බැරි වෙනවා ඒත් එන්න එන්නම කිතුනු ජනතාව රෝමයේ වැඩිවෙනවා නීරෝ කල්පනා කරලා පේදුරු තුමාට අවස්ථාවක් දෙනවා මේ රෝමයෙන් පිට වෙලා නැවත ගලීලයට යන්න නැතිනම් මරණය වැලද ගන්න වෙන බව ඉතිං මේ පේදුරු තුමා කල්පනා කරනවා ඇත්තටම මම මේ මොහොතක් මැරුනොත් මේ සියල්ල නවතීවී මම මේ ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනයට අරං රෝමයෙන් පිට වෙලා ගිහින් වෙන ක්‍රමයකින් ආපහු එනවා කියලා හිතාගෙන පේදුරු තුමා  නැව් නගින්න පාන්දරජාමේ ආපහු අර වියාඅපියාන්තිකා කියන පාර දිගේ එනවා මේ එන අතරමගදී ඉතා ලස්සනම සිදුවීමක් වෙනවා

පේදුරු තුමාට හොදට දැකලා පුරුදු පුද්ගලයෙක් පේදුරු තුමා ඉදිරියට එනව එක පාරටම පේදුරු තුමා අදුරගන්නවා මේ උත්ථාන ජෙසු කියලා ඉතිං පේදුරු තුමාට එක පාරටම කියවෙනවා

දෝමිණී කෝවාදිස්
( ස්වාමින් ඔබ කොහෙද මේ යන්නේ )


මේ පාර මැද හදලා තියෙන්නෙ මේ පල්ලිය ඒ ඒ පල්ලියේ නමත් දෝමිණී කෝවාදි යන නම තමයි තියෙන්නේ ඒ ස්ථානය තමයී හරියටම ඒ පාර මැදි කරලා හදලා තියෙන්නෙ
ඒ පේදුරු තුමන්ට උත්ථාන ජේසු හමුවුනු තැන
මේ පල්ලියේ මැද ජේසු තුමන්ගේ අඩිපාරවල් සටහන් වෙලා තියනවා ඒක ගොඩක් සුවිශේෂී දෙයක්....


ඉතිං මෙතන පේදුරු තුමාව හමුවුන මොහොතේ පේදුරු තුමා අහපු ප්‍රශ්නයට ජේසු පොඩ් හින්ට් එකක් හිතට වදින්න දෙයක් කියනවා මොකද දැං මේ පේදුරු තුමා නීරෝට බයේ මරණයට බයේ රෝමය අතහැරලා ජේසුගේ ඒ කාර්‍ය්ය අතහැරලා ආපහු ගලීලයට යන ගමන් නේ මේ ජේසුව හම්බවෙන්නෙ ඉතිං ජේසු කියනවා පේදුරු තුමාට

" පියෙත්ත්‍රෝ යෝවාදෝ අංකෝරා වොල්තා මොරීරෙයා රෝමා අකුරුචීප්‍රීසෝ "

(පේදුරු මං ආයේ රෝමයට යනවා ආපහු කුරුසියේ ඇණ ගැහිලා මැරෙන්න)

මේ වචන ටික පේදුරු තුමාගේ හදවත පසාරූ කරගෙන යනවා පේදුරු තුමා හිතනවා මේ මට තමයී ජේසු මේක කිව්වෙ මම නීරෝට බයේ ආපහු හැරිලා ගලීලයටව්‍යන නිසා ඉතිං පේදුරු තුමා ආපහු හැරෙනව රෝමයට යන්න ඒ එක්කම නීරෝගේ සොල්දාදුවන් පේදුරු තුමාව අල්ලගෙන මරන්න ගෙනියනවා

පේදුරු තුමාගේ මේ මරණය සිදුවන්නේ මෙහෙමයි



පේදුරු තුමාට වද දීලා කුරුසියේ ඇන ගසන්න යද්දී පේදුරු තුමා කියනවා මගේ ස්වාමින් වහන්සේ ඇණ ගහපු විදියට ඇන ගසන්න මම සුදුස්සෙක් නෙවෙයි ඒ නිසා මාව කුරුසියේ අනිත්පැත්ට ඇන ගසන ලෙස ඉල්ලා සිටිනවා
ඒ ඉල්ලිම අනුව එය එසේ සිදුකරනවා..
පේදුරු තුමාව මරණුවට පත්කරනු ලබනවා.
ගොඩක් ලස්සන දේවල් තව ඉදිරියට සිදුවෙනවා ඒ සියල්ල මම ඊලග ලිපියෙන් ලියන්නම්

එහෙනම් අපි මෙතනින් නවතිමු
ඉතිරි කොටස මං ඊලග ලිපියෙන් ලියන්නම්

මම සදීප නිරෝෂන්
ජේසු පිහිටයී