බදුල්ල පදවි නවක රදගුරු හිමි නිල ලාංඡනය

බදුල්ල පදවි නවක රදගුරු හිමි නිල ලාංඡනය

✍️ රදගුරු තුමාගේ නිල ලාංඡනය එතුමා හඳුන්වා දෙන සලකුණයි. එයින් ප්‍රකාශ වන කරුණු රැසකි. ඒවා වචනින් හා චිත්‍ර සටහන් මඟින් රදගුරු තුමාගේ සභාවේ දැක්ම, එතුමාගේ දූත මෙහෙයේ අවධාරණය කරන්නා වූ කරුණු, නායකයෙකු ලෙස එතුමා අපේක්ෂා කරන්නා වූ දෑ මෙයට ඇතුළත් වේ.

රෝමානු කතෝලික සභාවේ දූත මෙහෙවර පිළිබඳ සම්ප්‍රදායට අනුව, රදගුරු දූත මෙහෙවරෙහි ජයග්‍රහණයන් හෝ ලාංඡනය පහත සඳහන් දෙයින් සමන්විත ය.

📌️ ඵලකය - රදගුරුතුමන් සිය පවුලෙන්, භූගෝලීය, ආගමික සහ ඓතිහාසික වැදගත්කම් මත ලබාගත් සංකේත අඩංගුය.

📌️ ඵලකය පිටුපසින් ඇති පෙරහර කුරුසය - එක් තිරස් දණ්ඩක් සහිත මෙම කුරුසය රදගුරු නිලය නියෝජනය කරයි.

📌️ කොළ පැහැති හිස් වැස්ම - එක, දෙක, තුන ආකාරයෙන් ඉහළ සිට පහළට එකිනෙකට සම්බන්ධ කොට ඇති එක් පසෙක 6 බැගින් හිස්වැස්ම දෙපසින් දවලු 12කි.

📌️ ස්ක්‍රෝලයේ රන් අකුරෙන් සදහන් ආදර්ශ පාඨය - අතිගරු ජූඩ් නිශාන්ත හිමිපාණන්ගේ ප්‍රතිපත්ති හා භක්තිය ප්‍රත්‍යක්ෂ කෙරේ.

✍️ රෝමානු කතෝලික සභාවේ නිතර භාවිතා වන වංශාවලි ඵලකය හා එය පිටුපස ඇති පෙරහර කුරුසය හා එහි ගැබ්වී ඇති රතු පැහැති ගල් නිරූපණය කරනුයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී වන කැළැල් පහය. එය අති උතුම් ජූනි වූ නිශාන්ත රදගුරු හිමිපාණන්ට සිහිපත් කරනුයේ එතුමාණන් යහපත් බැටළු එඬේරාණන් වන ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කරමින් තම ජීවිතය බැටළු රැළ උදෙසා සිඳ හෙලීමට කැඳවීම ලබා තිබෙන බවයි.

📌️ ඵලකයේ ඉහළ කොටස නියෝජනය කරන ශුද්ධ වූ ත්‍රිත්වය හඟවා දෙනුයේ ලෝකය දෙවියන් වහන්සේ වෙතත් දෙවියන් ලෝකය වෙතත් ළඟා කරවිමේ දූත මෙහෙවරයි.

📌️ රත්රන් - ශ්‍රේෂ්ඨත්වය, උදාර බව හඟවන ලෝහයකි. එය සංකේතවත් කරනුයේ පළමු පළමු ධර්ම ගුණය වන විශ්වාසය, ගැලවීමේ අබිරහස තේරුම් ගැනීමට උපකාරී වන බවයි.

📌️ ලා කහ පැහැති පසුබිම - බහු ආගමික, බහු ජාතික, බහු සංස්කෘතිකට අයත් රැළක් රදගුරු හිමිපාණන්ට පදවිය තුළ ආරක්ෂා කිරීමට පැවරී ඇති බවයි. මෙයින් අඟවනුයේ කිතුනු දිවියේ වර්ධනය ඇතැම්විට සම්පූර්ණ වන්නේ දුක් ගැහැට ඉවසීමෙන් දරා ගැනීමෙන් බවයි.

📌️ ඉංග්‍රීසි "M" අකුර හා ඒ මත ඇති ඔටුන්න - අති උතුම් ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණන් ට ඉතාමත් විශේෂයි. එය නියෝජනය කරනුයේ ජපමාල දේවමාතාවන් වහන්සේ පදවිය ආරක්ෂිකාව වන නිසාත් එතුමන් ගේ මව වන මරියා එතුමන්ගේ ජීවිතයට මඟ පෙන්වූ ප්‍රබලම තැනැත්තිය වන නිසාත්ය. තවද ශුද්ධ ශුද්ධ වූ ත්‍රිත්වයේ වරප්‍රසාද මරිමව් වෙතින් දරුවන්ට ගලා එන බවද එයින් අඟවයි.

📌️ එහි දෙපස ඇති රතු සහ නිල් පැහැය නියෝජනය කරනුයේ එතුමාගේ පසුබිම හා එතුමාගේ ජීවිතයේ දූත සේවාවට බලපාන ලද හැඩගස්වන ලද දෑ ය. නිල් පාට කොටසින් විදා පෙන්වනුයේ මුහුද සහ කළු ගඟත් පාවී යන බෝට්ටු වත් ය.එය සිහිපත් කරනුයේ අතිඋතුම් ජූඩ් නිශාන්ත සිල්වා රදගුරු හිමිපාණන් ඉපදුනේ කළුතර බවත් ජලයේ බෞතිස්මයෙන් එතුමා පදවියේ පලමු සක්‍රමේන්තු දායකයන් වන බවත්ය.

📌️ ඵලකයේ රතු පැහැති කොටසේ සංකේත වන පූපය පෙලිකන් කුරුල්ලා හා බැටළුවා - කතෝලික සභාවේ ක්‍රිස්තු ධාර්මික හා සත්ප්‍රසාදීය සංකේතයන්ය. පැරණි (catacomb) දෙව් මැදුරු තුළ මෙවැනි සංකේත භාවිතා කළ බවට සාක්ෂි ඇත මෙම සංකේත නියෝජනය කරනුයේ සභාවේ සැදැහැවතුන් උකුත් වූ ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී රුධිරයෙන් පෝෂණය වන බවය.

📌️ රතු පසුබිම - රුධිරය සංකේතවත් කරන අතර පියාණන්ගේ අසීමිත ආදරේ නිසා එවන ලද උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වන ක්‍රිස්තුන් වහන්සේ අපගේ පව් කමාව හා ගැළවීම පිණිස සිඳ හෙළන ලද්දා වූ ශ්‍රී රුධිරයයි.

📌️ ස්ක්‍රෝලයහි රතු පැහැය පෙන්වා දෙනුයේ ප්‍රාණපරිත්‍යාගවරුන් සිඳ හෙළන ලද ලෙය මත සභාව ගොඩනැගුන නිසා අති උතුම් වූ නිශාන්ත සිල්වා රදගුරු හිමි තම ආදර්ශ පාඨය ලෙස " Deo et homini fideilis" එනම් 'අප කරන සැම දේ තුළින් අප දෙවියන් වහන්සේට සහ මිනිසාට විශ්වාසවන්ත විය යුතුය' යන්න සිහියට නංවා දෙනා අතර ඒ ක්‍රිස්තියානි ධර්මයේ ගැඹුරුතම සත්‍යතාවය ප්‍රකාශ කරනු ලබයි.

නිර්මාණය හා සැකසුම ගරු සමීර පෙරේරා පියතුමා / ගරු සචින්ත ජයලත් පියතුමා. උපදේශන ගරු සිසිල් ජෝයි පෙරේරා පියතුමා