දෙසැම්බර් 25 නත්තල සැමරීම ශුද්ධ ලියවිල්ල ඇසුරින්?

දෙසැම්බර් 25 නත්තල සැමරීම ශුද්ධ ලියවිල්ල ඇසුරින්?
Photo by Belinda Fewings / Unsplash

🌲දෙසැම්බර් 25 වන දින කිතු උපත සැමරීමත් ඒ වෙනුවෙන් නත්තල් ගස සෑදීමත් ප්‍රතික්ෂේප කරන මුලධර්මවාදීන් විසින් නොදත් කරුණක් නම් ජුදෙව්වරුන්ගේ කැපකිරීමේ මංගල්‍ය පැවැත්වුයේ දෙසැම්බර් මස 25 දිනයේදී බවත් එහිදී ඔවුන් විසින් කුඩා වැල් වර්ග එතීමෙන් සැරසූ යෂ්ටීන්ද,කොල අතුද, තාලවර්ගයට අයත් අතුද රැගෙන තුති ගී ගායනා කල බවයි.තවද මෙය ජුදෙව්වරුන්ගේ සදහටම පැවැත්විය යුතු මංගල්‍යක්ද විය.

5 දේව මාලිගාව පවිත්‍ර කරන ලද්දේ කිස්ලෙව් මාසයේ විසි පස් වන දිනයේ දී ය. විජාතිකයන් විසින් දේව මාලිගාව කෙලෙසන ලද්දේත් එම දවසේ දී ම ය.

6 කූඩාරම් මංගල්‍යය පවත්වන අන්දමට, ඔව්හු දින අටක් ම ප්‍රීති ප්‍රමො‍්දයෙන් ඒ මංගල්‍යය පැවැත්වූ හ. තවද, ඊට ටික කලකට පෙර කූඩාරම් මංගල්‍යය පවත්වද්දී ඔවුන් කඳුකරයේ සහ ලෙන්වල වන සතුන් මෙන් ජීවත් වූ ආකාරය ද සිහිපත් කළහ.

7 මෙසේ ඔව්හු තමන් වහන්සේගේ ශුද්ධස්ථානය පවිත්‍ර කිරීමේ උත්සවය සාර්ථක ලෙස ඉටු කිරීමට සැලැස්වූ දෙවියන් වහන්සේට කුඩා වැල් වර්ග එතීමෙන් සැරසූ යෂ්ටියන් ද, කොළ අතු ද, තාල වර්ගයේ අතු ද රැගෙන තුති ගී ගායනා කළහ.

8 තවද ඔව්හු ප්‍රසිද්ධ ආඥාවක් පනවා, එය ඡන්දයෙන් අනුමත කරනු ලැබ, මුළු ජුදා ජාතිය ම අවුරුදුපතා එම දවස් උත්සවාකාරයෙන් පැවැත්විය යුතු යයි නියම කළහ.

(2 මකබිවරු 10 : 5-8)

🌲මෙම මංගල්‍ය සදහා ජේසුස් වහන්සේ පවා සහභාගී වු බව ශුද්ධ ලියවිල්ල සනාථ කරනු ලබයි.

22 එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය.

23 ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.

(  ජොහන් 10 : 22, 23 )

🌲එසේ නම් දෙවියන් වහන්සේ විසින් කැප කල තැනැන්වහන්සේගේ උත්පත්තිය ජුදාවරුන්ගේ කැප කිරීමේ මංගල්‍ය සැමරූ දිනට යොදා ගැනීම ශුද්ධ ලියවිල්ලට පටහැනි වන්නේ කෙසේද?

36 එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා 'මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා'යි කී නිසා, 'ඔබ දේවාපහාස කරන්නෙහි ය'යි මා ගැන කියන්නහු ද?

( ජොහන් 10 : 36 )

සතුට යනු කතෝලිකයකු වීමයි!

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව