මරණයෙන් ජීවයට ආ ලාසරස් සහා ජීවය දෙන කරන ලාසරස්

මරණයෙන් ජීවයට ආ ලාසරස් සහා ජීවය දෙන කරන ලාසරස්

Lazarus කිව්වාම කතෝලික අයට කෙලින්ම මතක් වෙන්නෙ ජේසු තුමා මරණයෙන් නැගිට්ටපු Lazarus ව නෙ ❤️ හැබැයි Dc fandom එකෙ කෙනෙට මේ Lazarus ට අමතරව මතක් වෙන්නෙ Lazarus pit එක 👍

✌️ ඉතින් මොකක්ද මෙ Lazarus pit එක මේක බයිබලීය දෙයක් ද නැත්ත Dc universe එක විසින් නිර්මාණය කරපු දෙයක්ද?

මුලින්ම කිව්වොත් Lazarus ව හම්බෙන්නෙ ශු.බයිබලයේන් නෙ ඒ ලාසරස් නැති වෙලා ශරීරය කුනු වෙන්නත් ආසන්නව තිබිය දී ජේසු තුමාගෙ පැමණීම එක්ක සහා මාර්තාගෙ දැඩි විශ්වාසය එක්ක ජේසු තුමා Lazarus ට නැවත ජීවිතය දෙනවා. හැබැයි අපි මෙ කියන Lazarus Pit එක එහෙම දෙයක් උනත් ඒක වෙනස් 😉

ඇයි මම එහෙම කියන්නෙ ?

එහෙම කියන්න ප්‍රධාන හේතුව ඔයා Arrow Season 3 බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන් දන්නවා, මොකද ඇරෝ කතාවෙ මේ Lazarus pit එක ගැන හොදටම සදහන් කරනවා

Ra's ඔලිවර්ගෙ නංගිව බාගෙට ම ර න වා ඔලිවර් ට රාස් ගෙ යෝජනව පිලිගත්තොත් නංගිව බෙරලා දෙනවා කියලා හැබැයි Ra's ඇත්ත කතාව වහනවා හැබැයි මැල්කම් කියනවා " ඔකෙන් පන එන්නෙ කලින් හිටපු කෙනා නෙවෙයි කියලා "

ඊටපස්සෙ වෙච්චි දේ අපි දැක්කානෙ තියා වෙනස් උනා , තියා විතරක් නෙවෙයි සාරාව දැම්ම වෙලෙත් මතකද? එතකොට ඔලිවර් ව ? මෙ හැමෝගෙම ආත්මය හිරවෙනවා ඒක ගෙන්නන වෙනම දෙයක් කරන්න ඔනෙ 💀

ඉතින් කතෝලික ආගමෙ ඉන්න ලාසරස් වෙලුම් පටි එක්ක එලියට ආවට පිස්සු නැටුවෙ නැනෙ 🙂
අන්න එතන දි තමා point එක✌️ මොකද අපි මේ දෙක එකට පටලව ඉන්නෙ මේ කියන Lazarus pit එක Dark magic වලින් පිරිච්චි වතුර තියෙන පොකුණක් මේක කෙලින්ම underworld souls එක්ක ගණුදෙනු වෙන දෙයක් ශරීරයට පන ආවට ආත්මය එන්නෙ නැ ඒක හිරවෙනවා ඉතින් ශරීරය එලියට ආවාම ඒ ශරීරය ඇතුලෙ ඉන්න ඩීමන්ට ඔනා වෙනවා ඒ ශරිරිය අයිති කෙනාව ම ර පු කෙනාව හොයන් ගිහින් ම ර ලා   දාන්න💀 හැබැයි ඒ ආත්මය ආවා කියලාත් වෙනසක් නැ 😑

ඔයලට මතකනෙ තියාගෙ ලේ පිපාසය එයාට ඔනා උනෙ රාස්ව නැති කරන්න හැබැයි ඔලිවර් රාස්ව නැති කරපු නිසා එයාගෙ ලේ පිපාසය සන්සිදු වෙන්නෙ නැ ඒකට එයා කාවහරි ම ර න් න  ඕනෙ නිකන් වැම්පයර් කෙනෙක් වගෙ 💀

ඉතින් Dc universe එකෙ තියෙන Lazarus pit එක සහා ආගමික පැතිකඩින් තියෙන Lazarus pit එක ඇත්තටම දෙකක්

අපෙ christianity පැත්තෙන් Lazarus කියන්නෙ Lazarus ට එතකොට ඒ ජීවයෙ පොකුණ තමා ජේසු තුමා,
හැබැයි Dc universe එකෙ Lazarus කියන්නෙ Resurrection ජලයට, pit එක ඉතින් පොකුණමයි 😉

Lazarus pit එකෙ මුලාරම්භය කොහොමද ?

ඇත්තටම මේ පොකුණ හොයාගන්නෙ Ra's කෙනෙක්මයි Sultan Maරෙන්න යන වෙලෙකදි එ කෙනාට නැවත ජීවය දෙන්න පාවිච්චි කරනවා ඊටපස්සෙ මේක Ra's පරපුරට අයිති වෙනවා ✌️

තුවාල සුව කරන්න බලයක් තිබ්බත් marunu කෙනෙක්ව ආයෙ ගේනවා කියන්නෙ ඇත්තටම බයානකම දෙයක් මොකද එ පාරක් Bruce එකෙ අම්මාවයි තාත්තාවයි ( මාර්තා සහා තෝමස් ) දෙන්නාව pit දැම්මායින් පස්සෙ එලියට ආවෙ Zombie වෙච්චි දෙන්නෙක් 💀

⚡ Arrow එකෙ කිව්ව කුරාණයේ Lazarus කතාව මොකක්ද ?

ඔය කිව්වෙත් Lazarus ගැන මිස පොකුණක් ගැන නෙවෙයි

Religious view ඒකෙන් සමහර නම් ගම් characters ඒ ඒ විදිහට තිබුනාට ඒක 100% එ පැත්තෙන්ම යන්නෙ නැ උදා:- Lusifer morningstar කියන්නෙ වෙනම කෙනෙක් Bible Lusifer කියන්නෙ වෙනම කෙනෙක් හැබැයි යම් යම් සමානතා එක්කයි යන්නෙ 😉

හරි නිකමට ලියන්න හිතුවා ඔයලා කැමති වෙයි කියලා හිතලා.