කතෝලික සභාව නිර්මානය කලෙ කොන්ස්ටන්ටයින් රජ ද ?

කතෝලික සභාව නිර්මානය කලෙ කොන්ස්ටන්ටයින් රජ ද ?

අපෝස්තුලුවරුන්ගෙන් පැවත එන '' එකම ශු. කතෝලික අපෝස්තලික සභාව හෙවත් කෙටියෙන් කතොලික සභාව ලෙස අප හදුන්වන ඔබත් මමත් අයත් මේ සභාව ජේසුස් වහන්සේ විසින්ම ක්‍රි.ව. 33 දී පේදුරුට පැවසු වදන් වන '' පේදුරු ඔබ පර්වතය ය . ඔබ මගින් මාගෙ සබාව ගොඩනගන්නෙමි '' මත උන්වහන්සේ විසින්ම මෙලොව බිහිකල එකම සභාව වේ . නමුත් බොහෝ මූලදර්මවාදීන්ගෙ ඉතිහාස දැනුමෙ මදකම නිසාත් ඔවුන්ට සබා ඉතිහාසයක් නොමැති බැවින්ද සබ ඉතිහාසය අවුස්සා බැලුවහොත්  අද ඊයෙ මිනිසෙකු විසින් අටවා ගත් තම සබාවෙ නිරුවත හෙලිවන බැවින්ද ඔවුහු කතෝලික සභාව කොන්ස්තන්තීනු රජතුමාගෙ නිර්මානයක් බව කියයි .

නමුත් ඇත්ත එසේ නොවෙ. හරි .... අපි සබා ඉතිහාසය ගෙනහැර මෙය විමසා බලමු ....

ක්‍රි.ව. 33  - කතෝලික සභාව ජේසුස් වහන්සේ විසින් පිහිටුවන ලදි . මතෙව් [16: 13-19 සහ යොහන් 2: 15-17]

ක්‍රි.ව. 33-67 - ශාන්ත  පේදුරු තුමන්  පළමු පාප්තුමා බවට පත්විය. (මම ඊළඟට පේදුරුගෙන් පටන්ගත් රෝමයේ පාප්දූරාවලිය හෙවත් රෝම පද්වියෙ බිශොප්දූරය ව්‍යාප්තවූ ආකාරය දක්වමි .)

67-76AD - ශාන්ත ලිනස් පාප්තුමා පාප් බවට පත්වේ.

76-88AD - ශාන්ත ඇනැක්ලෙටස් පාප්තුමා (ක්ලේටස්)

88-97 ඒඩී - පලමුවන ශාන්ත ක්ලෙමන්ට් පාප්තුමා

97AD - වන විට අළුත් ගිවිසුමේ අවසාන පොත ලෙස විශ්වාස කෙරෙන එළිදරව්ව පොත ලිවීම ජුවාම් ගෝලයා  අවසන් කළේය.

ක්‍රි.ව. 97-105  -  ශාන්ත එවරිස්ටස් පාප්තුමන්

105-115AD - ශාන්ත පලමුවන  ඇලෙක්සැන්ඩර් පාප්තුමා

ක්‍රි.ව. 110 - අන්තියෝකියේ රදගුරු ශාන්ත ඉග්නේෂස් (ජුවාම්  අපොස්තුළු තුමන්ගේ ගෝලයෙකු වේ ) ස්මර්නාහි මුල් කිතුනුවන්ට ලිපියක් ලිවීය (ක්‍රි.ව. 110 දී රෝමයේදී දිවි පිදීමට යන අතරතුර) එම ලිපියෙදි සබාව හදුන්වන්නේ  “කතෝලික” පල්ලිය යන නමින්‍ ය .

ඔහු මෙසේ ලිවීය,

රදගුරුතුමන් කොහිද එතැන කිතුනු ජනතාවය . ජේසුස් වහන්සේ කොතැනද  එතැන  කතෝලික සභාව ඇත.
(ස්මර්ණියන්වරුන්ට ඉග්නේෂස් තුමා ලියු ලිපිය)

115-125AD - ශාන්ත සික්ස්ටස් පාප් වහන්සේ

125-136AD - ශාන්ත ටෙලිෆරස් පාප්තුමා

136-140AD - ශාන්ත හිගිනස් පාප්තුමා

140-155AD - ශාන්ත පියුස් පාප් වහන්සේ

155-166AD - ශාන්ත ඇනිසෙටස් පාප්තුමා

166-175AD - පාප් ශාන්ත සොටර්

175-189AD - ශාන්ත එලියුටේරියස් පාප් වහන්සේ

189-199AD - ශාන්ත වික්ටර් පාප්තුමා

199-217AD - ශාන්ත සෙෆිරිනස් පාප්තුමා

217-222AD - ශාන්ත කැලිස්ටස් පාප් වහන්සේ

222-230 ඒඩී - පාප් ශාන්ත නාගරික අයි

230-235AD - ශාන්ත පොන්ටේන් පාප්තුමා

235-236AD - ශාන්ත ඇන්ටරස් පාප්තුමා

236-250AD - ශාන්ත ෆේබියන් පාප්තුමා

251-253AD - ශාන්ත කොර්නේලියස් පාප්තුමා

253-254AD - ශාන්ත ලුසියස් පාප්තුමා

254-257AD - ශාන්ත ස්ටීවන් අයි

257-258AD - ශාන්ත සික්ස්ටස් II පාප්තුමා

260-268AD - ශාන්ත ඩයොනිසියස් පාප්තුමා

269-274AD - ශාන්ත ෆීලික්ස් පාප් වහන්සේ

275-283AD - ශාන්ත යුටිචියන් පාප්තුමා

283-296AD - ශාන්ත කායස් පාප්තුමා

296-304 ඒඩී - පාප්තුමා ශාන්ත මාර්සෙලිනස්

308-309AD - ශාන්ත මාර්සෙලස් පාප්තුමා

309/310AD - ශාන්ත යුසීබියස් පාප්තුමා

311-314AD - ශාන්ත මිල්ටියාඩ්ස් පාප්තුමා

313AD - කලින් ක්‍රිස්තියානි විරෝධී වූ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා '' මිලාන් ආඥාව '' ලෙස හැඳින්වෙන ලිපියකින්  ක්‍රිස්තියානි ධර්මයට තම අදිරාජ්‍යය තුල නිදහස ලබා දෙයි .  මිලාන් ආඥාව ප්‍රකාශ කළේ කිතුනුවන් තවදුරටත් හිංසා පීඩාවලට ලක් නොවන බවත්, එම නිසා රෝම අධිරාජ්‍යය පුරා ශුභාරංචිය නොකඩවා දේශනා කිරීමට මෙය හේතු වන බවත්ය.

කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා මෙසේ ලිවීය.

එබැවින් මේ කවුන්සිලයේ   අවංක තීරන ප්‍රකාරව  ක්‍රිස්තියානි ආගම පිළිපැදීමට කිතුනුවාට  තම හදවත ලබා දෙන නිදහස  කිසිවෙකුටත්  අහිමි කල නොහැකියැයි  අපි සිතුවෙමු. .
(මිලාන්හි ආඥාව [ක්‍රි.ව. 313)

අප කොතෙක් කීවත් මූලදර්මවාදීන් තෙරුම් නොගන්නෙ හෝ තේරුම් ගැනීමට අකමැති මෙන්න මෙතනය .

1 කොන්ස්තන්තීනු රජතුමා මිලාන් ආඥාව ලියන්නෙ ක්‍රි.ව. 313 දීය . ඒ වනවිටත් කිතුනු  සභාව රෝමයේ ව්‍යාප්තව ගොස් බොහො පාප්වරුන්ද [ රෝමයේ බිශොප් ] බිහිවී අවසන්‍ය . ඉග්නාසියුස් තුමන්ට අනුව එම සබාව කතෝලිකය . එසේනම් අවුරුදු 300 ක් පරන  සභාවක් කොන්ස්තන්තීනු රජ නිර්මානය කලා වන්නෙ කෙසෙද ?

අනෙක් කාරණය නම් මූලධර්මවාදීන් අධිරාජ්‍යයක් යනු කුමක්ද වත් නොදැන සිටීමයි.ඔවුන් පවසන්නේ කොන්ස්තන්තීන් රජතුමා රෝමානු කතෝලික සභාව පිහිටු වූ බවයි නමුත් එතුමා කළේ කළේ තම තම අධිරාජ්‍යය තුළ කතෝලික සභාවට නිදහස ලබා දීමයි.ඒ රෝමයට පමණක් සීමා වූ දෙයක් නොවේ.මුලධර්මවාදය සිතන්නේ රෝම අධිරාජ්‍යය යනු රෝමය පමණක් වන බවයි.

314-335 - පලමුවන  ශාන්ත සිල්වෙස්ටර් පාප්තුමා

336  - ශාන්ත මාකස් පාප්තුමා

337-352AD - ශාන්ත ජුලියස් පාප් වහන්සේ

352-366AD - ශාන්ත ලයිබීරියස් පාප්තුමා

366-383AD - ශාන්ත දමසස් පාප්තුමා

ක්‍රිස්තු වර්ෂ 388 දී ශු.අගෝස්තීනු මුනිතුමා මෙසේ කියයි "මිනිසාව දෙවියන් වහන්සේ වෙත යොමු කරන ප්‍රධානම කාරණය නම් කතෝලික පල්ලියයි.කතෝලික සභාවේ සිරිත් විරිත් එලෙස ජනතාවට දෙවියන් වහන්සේ වෙත යොමුවීම සඳහා මඟ සලසයි

අපි අතිශයින්ම සෙනෙහසින් දෙවියන් වහන්සේව සෙවිය යුතුයි. මෙම ඉගැන්වීම සදහා කතෝලික සභාවට බලය ලැබෙන්නෙ බයිබලයේ ගිවිසුම් දෙකෙන්‍ ය . සබාවෙ ගුණධර්ම හතරට ඔවුන්ගේ නම් ලැබෙන්නේ මෙම ප්‍රේමයේ විවිධ ස්වරූපවලින් ය.  කතෝලික සබාව තුලින්   අපට සැබෑ ක්‍රිස්තියානිය  පිළිබඳ උදාහරණ හමු වේ. ”

ක්‍රි.ව. 384-399 - ශාන්ත සිරිසියස් පාප්තුමා බිහිවෙ .

ක්‍රිස්තු වර්ෂ 393 දී ශු. සබාව මන්ත්‍රණ සභාවක් හිප්පෝ (hippo) හිදී කැඳවයි.එම මන්ත්‍රණ සභාවේ දී කිතුනුවන් විසින් භාවිතා කළ යුතු ශුද්ධවූ බයිබලයට අඩංගු විය යුතු නිල පොත් ගණන තීරණය කරනු ලබයි.දේවතානුභාවයෙන් ලියැවුණු පොත් මොනවාද දේවත්මානුභාවය රහිත පොත් මොනවාද යන්න තීරණය කළේ එම මන්ත්‍රණ සභාව තුලදීය.ශුද්දාත්මයානන් වහන්සේගෙ මගපෙන්වීම් තුල එලෙස එදා බයිබලයට අඩංගු වනු ඇති පොත් පිළිබඳව අවසාන තීරණයකට පැමිණියේය පැමිණියේ කතෝලික සභාව මිස අද ඊයේ බිහි වු සභාවන් නොවේ.

එලෙසම ක්‍රිස්තුවර්ෂ 397 දී කතෝලික සභාව කාර්තේජ් (carthage ) හීදී මන්ත්‍රණ සභාව කැඳවා බයිබලයේ පැරණි ගිවිසුමේ පොත් ගණන 46 ක් ලෙසත් නව ගිවිසුමේ පොත් ගණන 27 ක් ලෙසත් සම්මත කරගන්නා ලදී.මෙලෙස පොත් 73 කින් සමන්විත වූ නියම බයිබලය බිහි වූයේ එදාය.

මාටින් ලූතර් ලූතර් ඉපදෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1483 දීය

මුද්‍රණ යන්ත්‍රයේ බිහිවී බිහිවූ ඒ මගින් මුද්‍රණය කළ පළමු පොත වන බයිබලයේ පවා එදා තිබූ පොත් ගණන 73 ක් මිස 66 ක් නොවේ. ඇත්තෙන්ම මූලධර්මවාදීන්ගේ ප්‍රඥාවේ අඩුපාඩු එළියට එන්නේ මෙතැනදීය.

මූලධර්මවාදීන් පවසන්නේ කතෝලික සභාව ශුද්ධ බයිබලයට පොත් එකතු කළ බවයි.නමුත් ඇත්තටම සිදුවූයේ සිදු වූයේ ක්‍රිස්තු වර්ෂ 1507 දී පූජකවරය ලැබූ මාටින් ලූතර් විසින් එවක් පටන් පැවති පැවති පොත් 73 කින් සමන්විත බයිබලයෙ බයිබලයෙ ඇතැම් පොත් දේවානුභාවයෙන් තොර යැයි පවසා ඉවත් කිරීමයි.එදා ක්‍රිස්තු වර්ෂ 397 දී කාර්තෙජ් මන්ත්‍රන සබාව විසින් කතෝලික සබා විශාරදයන්ද ,සභා පියවරුන්ද  එකතු වී දින කිහිපයක මන්ත්‍රණ සභාව කින් පසුව තීරණය කළ පොත් සංඛ්‍යාව ඊට වසර 1000 කටත් පසුව ඉපදුනු බයිබල්  විශාරදයකු ද නොවන පූජකයෙකු විසින්  එක් දිනක් තුළ කුඩා කාමරයක් තුළදී වෙනස් කිරීමයි.

හොඳම විහිළුව කරළියට එන්නේ දැන් ය.මූලධර්මවාදීන් පවසන පරිදි කතෝලික සභාව බයිබලයට පොත් එකතු කළා නම් ක්‍රිස්තුවර්ෂ 1500 ගනන් වල බයිබලයේ පොත් ගාන 66 ක් වීමත් ක්‍රි.ව. 397 දී බයිබලයේ පොත් ගාන 73 ක් වන්නෙත් කෙසේද? කතෝලික සභාව කාල තරණය කොට  අතීතයට ගොස් ක්‍රි.ව. 397 දී නැවති බයිබලයේ පොත් ගාන වෙනස් කරාද?😂

" කතෝලික සබාව පොත් එකතු කලා නොව ලූතර් පොත් අයින් කලේය. " මෙම සරල කාරනය වත් තේරුම් ගැනීමට මූලදර්මවාදියාට බැරිය.

බයිබලය ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි යැයි පවසා සභාව කඩන් ගිය ලූතර් පවා ඔහුගෙන් පසුව කැල්වින් වැනි පුද්ගලයින් තව තවත් සභා කඩා ගැනීම නිසා පසුකාලීනව ඔහු දුක් වූ බව පැවසේ.එමෙන්ම වරක් ලූතර් පවසා ඇත්තෙ " කතෝලික සභාවට ස්තුතිවන්ත වන්න. මන්ද අප බයිබලය ලැබුවෙ ඔවුන්ගෙන්‍ ය. " යනුවෙනි.

දුරදිග නොබලා සභා භේදයක් ඇති කිරීම තුළින් මාටින් ලූතර් වත් නොසිතූ ලෙස අද වන විට වැලිකැට තරමට මිනිසා විසින් සභාවන් නිර්මාණය කර ඇත.

ක්‍රි.ව . 399- 401  පලමුවන සාන්ත අතනාසියුස් පාප්තුමන් බිහිවීම

මෙලෙස සබා දූරාවලිය පේදුරුතුමන් මගින් පටන් ගෙන අද දක්වාම නොකැඩී පැවත එයි..

එම අපෝස්තුලුවර සබා සම්ප්‍රදායට උරුමකම් කියන්නෙ කතෝලික සබාව හා ඔර්තොඩොක්ස් සබාව පමනි. අන් සියල්ල මිනිසා විසින් තම සිතැගි පරිදි නිර්මානය කල සබාවක් පමනි.

ඉතින් ඔබට පෙනෙන පරිදි ශුද්ධවූ බයිබලය බිහිවන්නේත් සභා සම්ප්‍රදාය තුළ ය.එනම් සභා ඉතිහාසය තුළ බයිබලයට පෙර පවා කතෝලික සභාව බිහිව තිබුණි.කොන්ස්තන්තීන් රජතුමා බිහිවීමට පෙර පවා කතෝලික සභාවද  බිහිව තිබුණි.එලෙස එදා කතෝලික ලෙස හැඳින්වූ සබාවම අදටත් පවතී.එදා සුදු සභාවේ ඉගැන්වීම් නොවෙනස්ව අද දක්වා පවතී.ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය උන්වහන්සේගෙ මනුශ්‍යත්වය. ශු.ත්‍රීත්වය , මරියාවන්ගෙ භූමිකාව...වැනි ඉපැරනි සබා ඉගැන්වීම් අද දක්වාම පවති. මෙම ඉගැන්වීම් සබාව හරහා අපෝස්තුලුවරුන් මගින් පැවත එන්නට පටන් ගත් මුල් අවදියේ බයිබලයවත් බිහිව නොතිබුනි.

ක්‍රි. ව. 400 ගනන් වලදී Nestorian church හා oriental orthodox සබා බිහිවන තෙක් පැවතියේ එකම කතෝලික සභාව පමණි. 1054 දි eastern orthodox සබාව බිහිවිය..ලූතර්ගෙ ප්‍රොතෙස්තන්ත්‍රවාදය හා පසුකාලින හතු පිපෙන්නාක්මෙන් බිහිවූ සබා බිහිවන්නෙ 1500 නුත් පසුවය .ඒ වන විට  බයිබලය බිහිව තිබූ බැවින් බයිබලය නිර්මාණය කළෙත් කතෝලික සභාව මිස ගෙත්සෙමනි සබාව වත්, යොහෝවා විට්නස්වරු වත්, seven day Adventists සබාව වත් .මෝර්මන් සබාව වත්, යාඥා කුලුන සබාව වත් ලුතරානු සබාව වත් ඇග්ලිකන්

සබාව වත් මෙතෝදිස්ත සබාව වත්  සරලවම කිවහොත්  මිනිසා විසින් නිර්මානය කල ඔය කිසිදු සබාවක් නොවෙ.

කතෝලික සභාව බිහි කළේ කොන්ස්තන්තීනු රජතුමා යයි තම ජනතාව මුලා කරන පාස්ටර් වරුන්ගෙන් මට යමක් අසන්නට ඇත.

ක්‍රි.ව. 451 න්  පසුව බිහිවූ ඔර්තොඩොක්ස් සබාවන් අදවන විට කොන්ස්තන්තීනු රජතුමාව ශුද්දවන්තයෙක් සේ සලකයි. එලෙස කිරීමට හේතුව නම් මුල් කාලයේ රෝමය පාදකකොට ගෙන ජීවත් වූ එතුමා පසුකාලිනව රෝමයෙ සිට කොන්ස්තන්තිනොපලයට තම අදිරාජ්‍යයේ මාලිගාව ගෙන යෑමයි.

නමුත් කතෝලික සබාව තුල කෝන්ස්තන්තීනු රජතුමා ශාන්තුවරයෙක් නොවෙ. ඔය කියන්නා සේ කතොලික සබාව නිර්මාන කලේ ඔහු නම් ඔර්තොඩොක්ස් වරු මෙන් කතොලික සබාවත් ඔහුව සාන්තුවරයෙක් කරන්නට තිබුනා නොවෙද? නමුත් එසෙ වූයෙ නැත. මන්ද කෝන්ස්තන්තීනු රජ වනාහි  ක්‍රිස්තියානියට නිදහස දුන් රජ මිසක් කතෝලික සබාවෙ නිර්මානකරු නොවෙ..

දෙවියන් වහන්සේ සිටින්නෙ කතෝලික  සබාවෙ පමනක් ය, ස්වර්ගයට යන්නෙ කතෝලිකයන් පමනක්ය යැයි අප කිසිදු විටෙක පවසන්නෙ නැත. ඔබ මූලදර්මවාදි සබාවක වුවත් පිලිගත් සබාවක වුවත් ඔබත් අපත් සියල්ලන් කිතුනුවන්‍ ය.

අප කියන්නෙ ජේසුස් වහන්සේ සබා ගොඩක් නොව එක සබාවක්  මෙලොව බිහිකල බවත් එම සබාව 'එකම ශු. කතෝලික අපෝස්තලික සබාව හෙවත් කෙටියෙන් කිවහොත් කතෝලික සබාව පමනක් වන බවත්  (  one holy catholic and apostolic church ) අන් සියලු සබා මව් සබාව වන කතෝලික සබාවෙන් එක් එක් කාලවකවානු වලදි එක් එක්  පුද්ගලයන් විසින් කඩාගෙන ගොස් නිර්මානය කම (man-made churches ) සබාවන් වන බවයි....

මේ පර්වතය මත මාගෙ සබාව ගොඩ නගමි.... මරනයේ බලයට වුවද එය පරාජය කල නොහැක..... (මතෙව් 16: 18)

අපෝස්තුලුවරුන්ගෙන් පැවත එන කතෝලික සබාව කෙරෙහි වූ ක්‍රිස්තුන් වහන්සේගෙ ඒ වචන අදටත් මතුවටත් වලංගුය....

ස්තූතියී. ජේසු පිහිටයි

~ one holy catholic and apostolic church