ඔබ ඉන්න තත්වයෙන් එන්න (Come as You are) පිලිබඳව ඇති දුර්මත දෙකක්

ඔබ ඉන්න තත්වයෙන් එන්න (Come as You are) පිලිබඳව ඇති දුර්මත දෙකක්
Photo by John Price / Unsplash

මෙහි සැබෑ අදහස;

ඔබ දැන් ගෙවන පව්කාර, දුබල ජීවිතය ජේසුස් වහන්සේ ළගට විත් ගැලවීම ළගා ගැනීමට බාධාවක් නොවේ.

උදාහරණයක් ලෙස නාස්තිකාර පුත්‍රයා  සකේවුස්

ඒවගේම කතෝලික අප අතින් පාපයක් වුනත් වරදක් කළත් නැවත ජේසුස් වහන්සේ ළගට ගොස් පසුතැවී සමාව ගැනීමට එය බාධාවක් නොවන බව.

උදාහරණයක් ලෙස ජේසුස් වහන්සේව නොදන්නා බව තුන් වරක් දිවුරා කිවූ පේදුරුතුමා නැවත මනස්තාප වී ජේසුස් වහන්සේ වෙත හැරී ඒම.

පළමු දුර්මතය.

පව් කරමින් සිටියාට කමක් නෑ ජේසු ඔබව පව්කාර කමේම ඔබට ආදරෙයි උන්වහන්සේ දයාවන්තයි. මනස්තාප වෙන්න ඕන නෑ. ජේසුස් වහන්සේ ප්‍රේමය නිසා ගැලවීම මට නිකම්ම ලැබෙයි කියා සිතීම. ජේසුස් වහන්සේ එතුමාව කුරුසයේ ඇණ ගැසූ අයටත් සමාව දුන්නේ ඒ නිසා මන්ස්ථාප වෙන්න ඕන නෑ යැයි සිතීම

ඊට පිළිතුර

පසුතැවිලි වී විනිශ්චය දවසට සූදානම්ව සිටීමේ අවශ්‍යතාවය ගැන ජේසුස් වහන්සේ නැවත නැවතත් අනතුරු අඟවයි. එතුමාගේ  උපමා 38 න් 21 ක්ම මෙම තේමාව පිළිබඳ වේ. බැටළුවන් සහ එළුවන් පිලිබඳව උපමාවේ, දකුණේ සහ වම් පැත්තේ සිටින අය, තිරිඟු සහ කිරිඳි උපමාව, නුවණැති සහ මෝඩ කන්‍යාවන් පිළිබද, ස්වාමියාගේ නැවත පැමිණීමට සූදානම්ව සිටින භාරකරුවන් පිලිබඳ උපමාව යනාදිය.

මෙම උපමා සියල්ලෙහිම, ගැලවීම ලැබූ සමහරක් සහ අතරමං වූ සමහරක් සිටින අතර, ප්‍රධාන වෙනස වන්නේ ඔවුන්ගේ හැසිරීම සහ විනිශ්චයට ඇති සූදානමයි. ජේසුස් වහන්සේගේ දේවසේවයේ ආරම්භක වචන නම්, "පසුතැවිලි වී ශුභාරංචිය විශ්වාස කරන්න" (මාක් 1:15). ජේසුස් වහන්සේ එතුමාගේ කාලයේ නොඇදහිලිවන්තයන්ට අනතුරු අඟවයි: "මා බව ඔබ විශ්වාස නොකරන්නේ නම්, ඔබ ඔබේ පාපවලින් මිය යනු ඇත" (ජොහාන් 8:24).

එතුමා වෙනත් තැනක පවසන්නේ, "ඔහුව විශ්වාස කරන තැනැත්තා හෙළා නොදකිනු ඇත, නමුත් විශ්වාස නොකරන තැනැත්තා දැනටමත් හෙළා දැක ඇත, මන්ද ඔහු දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමය විශ්වාස කර නැත" (ජොහාන්  3:18). ශුභාරංචි පුරාවටම, ජේසුස් වහන්සේ අනතුරු අඟවන්නේ ඇතැම් හැසිරීම් සහ ආකල්ප නිසා අපායේ ගින්නට ලක්වීමේ අවදානමක් ඇති බවයි (cf. ලූක් 12:5; මතෙව් 5:22, 29, 23:33; මාක් 9:45, 47). ගෝලයන් වීම පහසු දෙයක් නොවන බවත්, අපගේ කුරුසය දරාගෙන බොහෝ දේ අත්හැරීමට කැමැත්තෙන් සිටිය යුතු බවත් එසේත් නැතිනම් අපට එතුමාගේ ගෝලයෙකු වීමට නොහැකි බවත් ඔහු අනතුරු අඟවයි.

එබැවින් පසුතැවිලි වීමට බොහෝ පව් සහ ආකල්ප තිබේ. පසුතැවිලි වූ අයට, ජේසුස් වහන්සේ  ඉතා දයාවන්ත වූ නමුත්, පසුතැවිලි නොවූ සහ ස්වයං ධර්මිෂ්ඨ අයට, එතුමා ඉතා දැඩි විය.

ජේසුස් වහන්සේ කුරුසියේ සිට සමූහයාට සමාව පියාණන් වහන්සේගෙන් ඉල්ලීම සම්බන්ධයෙන්, එතුමා එය එක් නිශ්චිත සම්මතයක් මත පදනම් කරයි: "ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් දන්නේ නැත."

ජේසුස් වහන්සේව මරණය යොමු කළ ජුදා නායකත්වය ,ජේසුස් වහන්සේගේ සැබෑ ඉගැන්වීම් හා ප්‍රාතිහාර්යයන් නොසලකා හැරීමට සහ ජේසුස් වහන්සේගේ අයුක්ති සහගත නඩු විභාගයේදී බොරු සාක්ෂිකරුවන් ගෙන ඒමට නායකයන් ඉතා වැරදි ලෙස ක්‍රියා කලහ. පිලාත් පවා ඔවුන්ගේ මවාපෑම දුටුවේය. නමුත් පිලාත් මනුෂ්‍යයාට බිය වූ අතර තම හෘදය සාක්ෂිය අනුගමනය කළේ නැත. බොහෝ වැරදිකරුවන් නොදැන සිටි දෙය නම්, ඔවුන් තම දෙවියන් වහන්සේව, ස්වාමින් වහන්සේ සහ මෙසියස්ව මරා දැමූ බවයි. ජේසුස් වහන්සේට අවශ්‍ය නම් ඔවුන්ට කෙලින්ම සමාව දෙන්න තිබුණි. නමුත් ජේසුස් වහන්සේ ඔවුනට සමාව නොදී පියාණන් වහන්සේ ගෙන් එය කරන ලදි. පියාණන්  වහන්සේ ජේසුස් වහන්සේගේ එම ඉල්ලීම ඉටු කලාදැයි අපි නොදනිමු. ගෙත්සෙමනි උයෙනේ ජේසුස් වහන්සේ එතුමාගේ දුක් ප්‍රාප්තිය ඉවත් කරන ලෙස කල ඉල්ලීම ඉටු කලේ නැත.

දෙවන දුර්මතය: ඔබ ඉන්න ලෙසින් එන්න කියන නිසා ඕනෑම ඇදුමක් ඇදගෙන පල්ලියට ආ හැකිය

අමතක වූ කතෝලික ගුණයක්: ඇඳුමේ සංවරකම ❤️

පසුගිය වසර පනහ තුළ පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම ඇඳුම් පැළඳුම් සීග්‍රයෙන්  ලෙස වෙනස් වී ඇත. අද පළදින බොහෝ ඇදුම් විලාසිතා මිනිස් සිරුර සැගවීමට වඩා නිරාවරණය කිරීමට අදහස් කරයි.

ශතවර්ෂ ගණනාවක් පුරා, කිතුනුවන් මරියදාව නොහොත් ඇදුම් පැළඳුම් වලින් සංවර වීමේ ගුණය ඉතා තදින් පිළිපැද්දෝය.

කතෝලික සම්ප්‍රදාය අපට සංවරය (Modesty) පිළිබඳ වටිනා නිර්වචනයක් ලබා දී ඇත, එය ලිංගික කාරණා සම්බන්ධයෙන් කෙනෙකුගේ ක්‍රියාවන් හා වචන නියාමනය කරන ගුණයයි. එය තමා හෝ අන් අය තුළ විවාහයෙන් පිට පව්කාර ලිංගික හැගීම් ඒම වළක්වා ගැනීම සඳහා කෙනෙකුගේ හැසිරීම පාලනය කිරීමයි

සංවරය (Modesty) යනු ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඵල දොළහෙන් එකකි, ඒවා ශුද්ධාත්මයාණන් විසින් "සදාකාලික මහිමයේ පළමු ඵල" ලෙස අප තුළ ඇති කරන පරිපූර්ණත්වයන් වේ: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, ත්‍යාගශීලී බව, මෘදුකම, විශ්වාසවන්තකම, නිහතමානිකම, ආත්ම දමනය, නිර්මලකම.

විනීතව ඇඳුම් ඇඳීම යනු තමන් හෝ තම අසල්වැසියා තුළ හිතාමතාම ලිංගික උද්දීපනයක් ඇති නොකිරීමයි. සංවරව අඳින පළඳින කෙනෙක් තමා හෝ අන් අය තුළ ලිංගික උත්තේජනයක් ඇති කිරීමට හැකි  ඇඳුම්වලින් වැළකී සිටියි. මෙම සංවරකම යනුස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අදාළ ඇඳුමයි.

"අපගේ ශරීරයේ යහපතට වඩා අපගේ ආත්මයේ යහපත වැදගත් ය; අපගේ ශාරීරික සැපපහසුකම්වලට වඩා අපගේ අසල්වැසියාගේ අධ්‍යාත්මික සුභසාධනයට අප ප්‍රිය කළ යුතුය. . . යම් ආකාරයක ඇඳුමක් පාපයට කෙනෙක් පොළඹවන අවස්ථාවක් නම්, සහ ඔබගේ ආත්මයේ සහ අනෙකුත් අයගේ ගැලවීම අනතුරේය.  නිරාවරණය වන ඇඳුම් ඇඳගෙන ඔවුන්ගේ විනීත බව නැති කර දමන්නට සැලැස්වීම නිසා ඔබ ඔබ ගැනම ලැජ්ජාවට පත් වනු ඇත."
"ක්‍රිස්තියානිවරුනී, මේ ගැනත් සිතන්න: ඔබ සරලව හා  විනීතභාවයෙන් අඳින්නේ නම්, ඔබ වඩාත් අලංකාර වන අතර වඩාත් ප්‍රසන්න වනු ඇත."

~ නලින් තෝමස්