තිරයෙන් පිටුපස

තිරයෙන් පිටුපස

The church of the Sacred Heart of Suffrage in Rome. මෙම දේවස්ථානය ශුද්දගිනිස්ථානය තුල සිටින්නාවූවන් වෙනුවෙන් දැල්වෙන    ජේසුස්වහන්සේගේ දිව්‍ය හෘදයට කැප කර ඇති දේවස්ථානයකි . නියෝ-ගොතික් කලාවට අනුව නිමැවුන මේ අලංකාර දේවස්ථානය යම් විශේශ කාරණාවක් නිසා රෝමයේ මෙන්ම ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්ව ඇත.

මේ දේවස්ථානය සතුව කුඩා ප්‍රමාණයේ කෞතුකාගාරයක් ඇත. එහි තුල ශුද්ධිකාගිනිස්ථානය තුල සිටිනවුන් තැබූ  භෞතික සලකුණු සංරක්ශණය කර ප්‍රදර්ශනයට තබා ඇත.

භෞතික සලකුණු ?? ශුද්දගිනිස්ථානයේ ඉන්නා අයගේ ??

ඔව් ඔබ කියෙවුවා නිවැරදිය. සමහර අවස්ථාවන් වල දෙවියන් වහන්සේ මරණය නම් තිරයෙන් පසුපස ඇති දෑ මේ ලෝකයට දර්ශනය වීමට සලස්වයි. මරණය නම් තිරයෙන් පසුපස ඇති ලෝකය ගැන යම් යම් ඉඟි සපයන මේ කෞතුකාගාරයේ බොහෝ විට තබා ඇත්තේ මනුශ්‍යකුගේ යැයි සැලකිය හැකි අයවලුන්ගේ අතකින් කරන ලද  පිලිස්සුම් සටහන්ය.

මෙය කියවන කෙනෙක් වුවත් සමහර විට යම් යම් අත්භූත අවස්ථා වලට මුහුණ දී ඇතිබවට සැක නැත.සමහර අවස්ථා වල හමුවන ඇතැම් අත්භූත ක්‍රියාකාරකම්/ Supernatural Activities කතෝලික සභාව යක්ශයාගේ ක්‍රියාකාරකම් යන කුලකයට පමණක් ලඝුකොට නොසලකයි.

ගෙවල් වල ඇති වන අත්භූත ශබ්ද කිරීම්, ඡායාවන් දැකීම් , බඩු බාහිරාදිය කාගේවත්  මැදිහත්කමකින් තොරව චලනය වීම්  , සමහර හඬ ශබ්ද වැනි දෑ සමහර විට ශුද්ධිකාගිනිස්ථානය තුල සිටින ආත්මයක් ඔබගෙන් උදව් අයැද සිටිනවා විය හැක. ශුද්දගිනිස්ථානය තුල සිටින ආත්ම විශේශයෙන් සිහි කරන මෙම මාසය තුල අපගේ නැසීගියාවුන් වෙනුවෙන් දිව්‍ය පූජාවන් ඔප්පු කිරීම  ඔවුන්ට දැක්විය හැකි උපරිම උපකාරය බව කතෝලික සභාව පැහැදිලි කරනු  ලබයි.

සටහන ~ තරිදු මල්ශාන්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව