කිතුණු සභා ඉතිහාසය (මධ්‍යතන යුගය)

කිතුණු සභා ඉතිහාසය (මධ්‍යතන යුගය)

පළමු කොටස (ක්‍රි:ව: 590-1291 දක්වා)

ක්‍රි:ව: 590-604 මහා ග්‍රෙගරි පාප්තුමන්ගේ පාලන සමය.

පළමුවන ග්‍රෙගරි නොහොත් මහා ග්‍රෙගරි ලෙස නම්කරන මෙතුමන් බෙනදිකාන තාපස නිකායෙන් බිහිවූ ප්‍රථම පාප්තුමන් මෙන්ම බටහිර (ලතින්) සභාවේ අවසාන සභා පියතුමන් ලෙසද නම් කෙරේ. එලෙසම ශුද්ධ සභා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ ආරම්භය සනිටුහන් වන්නේ මෙතුමන්ගේ පාලන සමයත් සමගය.  තම පාළන සමය තුළදී සමිදාණන් වහන්සේගේ ශුභාරංචිය ලොව පුරා පතළ කිරීමට  මෙතුමන් ඉමහත් වෙහෙසක් ගන්නා ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්තයේ සහ ජර්මනිය වැනි රටවල සිටි අංග්ලෝ සක්සොන් වැනි ගෝත්‍රය කණ්ඩායම් කිතුනු දහම වැලඳගත්හ. එමෙන්ම මෙතුමන්ගේ පාලන සමය තුළ රෝමයේ පාලන බලය තව තවත් වැඩි වර්ධනය වූ අතර ශුද්ධාසනය ට විරුද්ධව පැමිණි දුර්මත සහ අනෙකුත් බලපෑම් වලට ශුද්ධාත්මානුභාවයෙන් නොබියව මුහුණ දී ඒවා ජය ගැනීමට ද හැකි විය. එලෙසම ජනවන්දනාවට නව අරුතක් දෙමින් ග්‍රෙගෝරියානු සංගීතය (Gregorian Chants) ශුද්ධ සභා ට දායාද කරන ලද්දේ ද ලද්දේද මෙතුමන්ගේ පාලන සමයේ දී ය.

ක්‍රි:ව: 726 ශුද්ධ වූ රූප (අයිකෝන/ Icons) විනාශ කිරීම

ඉස්ලාම්වරුන්ගෙන් හා ද්විත්වවාදීන්ගෙන් (Dualism) ලද ආභාශය මෙන්ම පුරාණ ගිවිසුමේ සදහන් ඉගැන්වීම් වරදවා තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස පෙරදිග සභාවේ සිටි සමහර නායකයන් ශුද්ධවූ රූප වන්දනාව (Icons) මිත්‍යා ඇදහිල්ලක් හා සමාන යයි සලකමින් එය ප්‍රතික්ෂේප කළ අතර, ඉසුරියේ තුන්වන ලියෝ අධිරාජ්‍යයාගේ සහාය ඇතිව ඒවා විනාශ කර දැමීමට කටයුතු කරන ලදී. වසර ගණනාවක් මුළුල්ලේ පැවති මෙම දැඩි ක්‍රියාමාර්ගය  නිසාවෙන් පෙරදිග සභාවේ (විශේෂයෙන් කොන්ස්තන්තිනෝපලයේ) දෙව්මැදුර තුළ තිබූ ශුද්ධවූ රූප දහස් ගණනක් විනාශ කර දමන ලදී.

ක්‍රි: ව: 787 දෙවන නිසියානු මන්ත්‍රණ සභාව

බටහිර සහ පෙරදිග සභාවන් ගේ සහභාගිත්වයෙන් පැවති අවසාන මන්ත්‍රණ සභාව වන මෙය ක්‍රි: ව: 787 දී අයිරීන් අධිරාජිනිය ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම මන්ත්‍ර සභාවේ දී ශුද්ධ රූප විනාශ කිරීම තහනම් කරනු ලැබූ අතර එම ශුද්ධවූ රූපවලට දෙව්මැදුරු වලදී හා ප්‍රසිද්ධ  ස්ථානය වලදී ගෞරව කිරීමට අවසර ලබා දෙන ලදී. නමුත් මෙම මන්ත්‍ර සභාවේ සම්මත කරන ලද තීරණ බටහිර සභාව විසින් අනුමත අකමැතියි වූ හෙයින් මෙය පෙරදිග සහ බටහිර සභාවන් ගේ දෙකට වීමට තුඩු තුඩුදුන් ප්‍රධානම හේතුවක් ලෙස ද සැලකිය හැක.

ක්‍රි: ව: 800 රෝම අධිරාජ්‍යයා ලෙස මහා චාල්ස් රජතුමන්ව පත් කිරීම

ගෝත්‍රික ආක්‍රමණ වලින් රෝමය ආරක්ෂා කිරීමට, පාප්ධූරය පැමිණි අභියෝගයට මුහුණදීමට සහ විවිධාකාරයෙන් ශුද්ධ සභාව උන්නතිය උදෙසා දැක්වූ සහයෝගය අගය කිරීමක් ලෙස ක්‍රි: ව: 800 නොවැම්බර් මස 23 වන දින තුන්වන ලියෝ පාප් තුමන් විසින් ෆුෑන්ක්වරුන්ගේ නායකයා වූ පළමුවන චාල්ස් (මහා චාල්ස්) රජතුමන්ව ශුද්ධ වූ රෝම අධිරාජ්‍ය වරයා (Holy Roman Empire) ලෙස ආලේප කරන ලදී.

ක්‍රි:ව: 863- 867 පෝතියස්ගේ භේදය

මෙය ද පෙරදිග සහ බටහිර සභාවන්ගේ දෙකඩ වීමට තුඩු දුන් තවත් එක් ප්‍රධාන කාරණාවක් විය. මෙම භේදය ඇති වීමට භේදය ඇතිවීමට ප්‍රධාන හේතුව බවට පත්වූයේ තියඩෝරා අධිරාජ්‍ය වරිය විසින් නම් කළ ඉග්නේෂස් නම් බිසෙනටයින් පාත්‍රියාකවරයාව (Patriarch) තුන්වන මයිකල් අධිරාජ්‍යවරයා විසින් නෙරපාහැර පෝතියස් නම් ගිහි පුද්ගලයෙකුව එම තනතුරට පත් කිරීමයි. මෙම සිදුවීම පළමුවන නිකලස් පාප්තුමන් විසින් තරයේම හෙළා දකින ලද අතර ක්‍රි:ව: 863දී පෝතියස් නීත්‍යානුකූල පාත්‍රියාකවරයා නොවන බව ලිපියක් මගින් සදහන් කරන ලදී.  එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි:ව: 867 දී පෝතියස් විසින් පළමුවන නිකලස් පාප්තුමන් ව පෙරදිග සභාවෙන් නෙරපාදමන ලදී (Excommunicate).

ක්‍රි:ව: 869-870 හතරවන කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව

දෙවන ඒඩුියන් පාප්තුමන්ගේ අධීක්ෂණය යටතේ සහ මසදොා්නියාවේ බැසිල් අධිරාජ්‍යාගේ ප්‍රධානත්වයෙන් වර්ශ 869-870 දක්වා පැවති මෙම මන්ත්‍රණ සභාව තුලින් සභාවේ කාලීන අවශ්‍යතා පදනම් කරගෙන නව නීති මාලාවක් (නීති 27) ඉදිරිපත් කල අතර පෝතියස් නම් නීත්‍යානුකූල නොවන පාත්‍රියාකවරයාව එම තනතුරින් ඉවත්කොට, පෙර සිටි පාත්‍රියාකවරයාවූ ඉග්නේෂස්ව නැවතත් එම තනතුරට පත්කිරීමද සිදුකරන ලදි.

ක්‍රි:ව: 1054 පෙරදිග සහ බටහිර සභාවන්ගේ දෙකඩ වීම

වසර ගණනාවක් මුළුල්ලේ බටහිර (ලතින් සභාව) සහ පෙරදිග (ග්‍රීක සභාව) සභාවන් අතර ඇති වූ විවිධ දේශපාලනික, සංස්කෘතික, පරස්පර විරොධී අදහස් හා වෙනත් අර්බුදයන් හි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි:ව: 1054 දී මේ සභාවන් පරිපූර්ණ ලෙස දෙකඩ විය.
එනම්, ක්‍රි:ව: 1054 ජූලි මස 16 වන දින  කාදිනල් හම්බට් (Humbert of Silva Candida) විසින් බටහිර සභාවට විරුද්ධව ක්‍රියා කල මයිකල් සෙලාරියුස් නම් බිසෙන්තයින් පාත්‍රියාකවරයා සහ ඔහුගේ සහචරයන්ව සභාවෙන් නෙරපූ බවට වන නිල ලේකනය (bull of excommunication) හාගියා සොෆියා දෙව්මැදුරේ අල්තාරය මත තබන ලදි.
මෙය බටහිර සහ පෙරදිග සභාවන්හී පරිපූර්ණ දෙකඩ වීම වශයෙන් සැලකිය හැක.

ක්‍රි:ව: 1095 – 1291 කුරුස යුද්ධය

කිතුණු සභා ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේද ඉතා සුවිශේෂීවූ සිදුවීම් සමුදායක් ලෙසට මෙම කුරුස යුද්ධ නම් කල හැක. මෙහිදී මුස්ලිම්වරුන් හා යුද්ධ වැදුණු කිතුණුවන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ⁣ශුද්ධවූ දේශය මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයන්ගෙන් මුදා ආරක්ෂා කර ගැන්මටය. මෙම කුරුස යුද්ධ මාලාවේ ප්‍රධාන වශයෙන් යටන් අදිර සතක් විය.

🔸පළමු කුරුස යුද්ධය - ක්‍රි:ව: 1095-1099
🔸දෙවන කුරුස යුද්ධය - ක්‍රි:ව:1147-1148
🔸තුන්වන කුරුස යුද්ධය - ක්‍රි:ව:1189-1192
🔸හතරවන කුරුස යුද්ධය - ක්‍රි:ව:1202-1204
🔸පස්වය කුරුස යුද්ධය - ක්‍රි:ව:1217-1221
🔸සයවන කුරුස යුද්ධය - ක්‍රි:ව:1228-1229
🔸සත්වන කුරුස යුද්ධය - ක්‍රි:ව:1248-1254
🔸අටවන කුරුස යුද්ධය - ක්‍රි:ව:1270
🔸නමවන කුරුස යුද්ධය - ක්‍රි:ව:1271-1272

දෙවන උර්බාන පාප්තුමන්ගේ මගපෙන්වීම යටතේ (ක්‍රි:ව: 1095දී) මුලින්ම සටන් බිමට පිවිසි කිතුණු හමුදාවන්ට මේ සියලුම සටන් හමුවේ ජයගත හැකිවූයේ පළමු සටන පමණකි. ඒ හැර අන් සියලුම සටන් අදිරයන්හීදී කිතුණුවන් පරාජයට පත්වූ අතර අවසානයේදී එනම් ක්‍රි:ව: 1291 ශුද්ධවූ දේශයේ බලය සම්පූර්ණයෙන්ම මුස්ලිම්වරුන් අතට පත් විය.

මෙහිදී කිතුණුවන් පරාජයට පත්වීමට බලපෑ ප්‍රධාන කරුණු ලෙස, පෙරදිග සහ බටහිර සභා අතර පැවති අසමගිය, යුරෝපීය රජවරුන් සහ කුමාරවරයන් අතර පැවති දේශපාලන බල අරගලය, යුද්ධයන්ගේ මුවාවෙන් පැවති වෙලද කටයුතු යන ආදිය සදහන් කල හැක.

සැකසුම
ලියෝ මදුශාන් සහෝදරතුමන්