විද්‍යාවේ දියුණුවට කැප වූ කතෝලිකයන්

විද්‍යාවේ දියුණුවට කැප වූ කතෝලිකයන්
Photo by John Anselmo / Unsplash

1) Hildegard of Bingen මව්තුමිය - ජර්මනියේ විද්‍යාත්මක ස්වභාවික ඉතිහාසයේ මව

2) Robert Grosseteste රදගුරුතුමා - ප්‍රකාශ විද්‍යාව,ජ්‍යාමිතිය,තාරකා විද්‍යාවෙ පරීක්ශන මගින් විද්‍යාත්මක ක්‍රමයේ දියුණුවට කටයුතු කිරීම.

3) Albertus Magnus මුනිතුමා(කතොලික සබාවෙ විද්‍යාවෙ නාම සාන්තුවරයා. "විද්‍යාවේ?"🧐🤯)- ආසනික් නිස්සාරණය සහ neo platinic මතවාද දියණු කිරීම.

4) Jean Buridan පූජකතුමා - Theory of impetus.(ගැලීලියෝගේ ගති විද්‍යාවට මුලික වූ න්‍යාය)

5) Nicole Oresme රදගුරුතුමා - නවීන විද්‍යාවෙ පුරෝගාමීන්ගෙන් කෙනෙකි.ප්‍රධාන සොයා ගැනීමක් ලෙස  වායුගෝලය තුල ආලෝකයේ වර්තනය දැක්විය හැකියි.

6) Nicholas of Cusa කාදිනල් තුමා - සාපේක්ශ චලිතය සම්බන්ධ සංකල්ප දියුණු කිරීම සහ කොපර්නිකස්ගේ සූර්‍යකේන්ද්‍රවාදයට මුල් වූ දාර්ශනික සංකල්ප ඉදිරිපත් කිරීම.

7) Otto Brunfels දේවධර්මාචාර්‍ය තුමා - "Herbarum vivae icones " ග්‍රන්ථයේ කතුවරයා සහ උද්භිද විද්‍යාවෙ පියවරු ලෙස සැලකෙන අයගෙන් කෙනෙකි.

8) William Turner පූජකතුම - ඉංග්‍රීසි(එංගලන්තයේ) උද්භිද විද්‍යාවෙ පියා.

9) John Napier -  logarithm සොයා ගැනීම සහ  inventor of Napier's bone

10) Johannes Kepler - ග්‍රහ චලිතය පිලිබඳ කෙප්ලර් නීති

11) Pierre Gassendi පූජකතුමා - බුද ග්‍රහයාගේ චලිතය පිලිබඳ පලමු ලේඛන සහ මද්‍යධරණී මුහුදේ භූගෝලිය මාර්ග සිතියම් නිවැරදි කිරීම.

12) Laurentius Gothus අගරදගුරුතුමා - තාරකා විද්‍යාව සම්බන්ධ වැදගත් කරුණු අනාවරණය.

13) Seth ward රදගුරුතුමා - Astronomia geometrica ග්‍රන්ථ රචනා කිරීම සහ Oxford විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා පීඨයේ පීඨාතිපති දූරය දැරීම.

14) Blaise Pascal - පැස්කල් නීති(physics),පැස්කල් න්‍යායන්(maths),pascal's calculator(computing) සොයා ගැනීම සහ ඉදිරිපත් කිරීම.

15) Francesco Redi - නූතන පරපෝෂී විද්‍යාවෙ පියා(farther of the modern parasitology)

16) Robert Boyle - බොයිල් නියම ඉදිරිපත් කිරීම.

17) Alessandro Volta - බැටරිය සොයා ගැනීම.වෝල්ටීයතාව මනින ඒකක ඔහුට ගෞරවයක් ලෙස "වෝල්ට්" ලෙස නම් කරන ලදී.

18) ජෝර්ජ් ලමාට්‍රේ පියතුමා - මහා පිපුරුම් වාදය ඉදිරිපත් කිරීම

19) ග්‍රෙගර් මෙන්ඩල් පියතුමා - ජාන විද්‍යාවේ පියා
✴️ මීට අමතරව 18,19,20,21 වැනි සියවස් වල සිටි සියලු ක්‍රිස්තියානි විද්‍යාඥ්ඥයින් සහ පූජකවරු විශාල සංඛයාවක් ඇත.

⭕ එසේම ඉතිහාසයේ සිට අද දක්වා ලෝකයේ ඉහලින්ම වැජඹෙන Oxford,Cambridge,Harvard,Bologna etc වැනි විශ්ව විද්‍යාල සියල්ලම කතෝලික නිර්මාණනයන් වේ.එමෙන්ම අද ලෝකයේ බාවිත කරන දින දර්ශනය පවා 1582 දී 13 වෙනි ග්‍රෙගරි පාප්තුමන් විසින් ඉදිරිපත් කල දින දර්ශනයයි.

⭕ එමෙන්ම බටහිර විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් මූල්‍යමය අනුග්‍රහය ලබාදුන් ප්‍රධානම ආයතනය වන්නේද කතෝලික සභාවයි.
එතකොට ගැලීලියෝ, බෲනෝ වගේ අයට කතෝලික සභාව මොනාද කරේ?
කෙටියෙන්ම කිව්වොත් ගැලීලියෝ කියන්නෙ පාප් තුමාගෙ ලගම මිතුරෙක්, ඒවගේම ගැලීලියෝගේ දියණිය කතෝලික කන්‍යා සොහොයුරියක්. ඒකෙන්ම ගැලීලියෝ හා කතෝලික සභාව අතර සම්බන්ධය මොනවගේද කියලා තේරුම් ගන්න පුළුවන්. ගැලීලියෝව නිවාස අඩස්සියට දමන්නෙ ඒ කාලය වනකොට තහවුරු නොකළ විද්‍යාත්මක න්‍යායන් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන්. කතෝලික දොමිනිකානු නිකායික පූජකයෙක් වුන බෲනෝ ගැන කතා කරොත් inquisition මගින් බෲනෝගේ මරනයට හේතුව වන්නේ heresy මිසක් විද්‍යාව වෙනුවෙන් පෙනී සිටීමක් නිසා නොවේ.

ඉතිහාසඥ Frances Yatesට අනුව :

“the legend that Bruno was prosecuted as a philosophical thinker, was burned for his daring views on innumerable worlds or on the movement of the Earth, can no longer stand.”

ඉතිහාසඥ Michael Croweට අනුව:

“myth that Giordano Bruno was martyred for his pluralistic convictions.”

ඉතින් අපි කියන්නෙ ඇත්ත ද ? 🧐
ඔයාලම හොයලා බලන්න 😉
✍️ Ryan Meedum