නත්තල් ගසේ සැබෑ අරුත

නත්තල් ගසේ ඉතිහාසය 8 වන සියවස දක්වා දිව යයි. ජර්මනියේ ධර්ම දූත සේවයේ යෙදුණු ශු. බොනිෆස් මුනිතුමා, මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් වන්දනා කළ "තෝර්ගේ ඕක් ගස" කපා දමා, ඒ වෙනුවට සදාකාලික හරිත වර්ණයෙන් යුතු ෆර් (Fir) ගසක් ක්‍රිස්තියානි ඇදහිල්ලේ සංකේතයක් ලෙස හඳුන්වා දෙන ලදී. මෙම ගසේ ත්‍රිකෝණාකාර හැඩය මගින් ශුද්ධ වූ ත්‍රිත්වයත්, එහි හරිත වර්ණය මගින් ක්‍රිස්තුස් වහන්සේ තුළ පවතින සදාකාලික ජීවනයත් නිරූපණය වන බව එතුමා ජනතාවට ඉගැන්වීය. මෙය මිථ්‍යා විශ්වාස පරාජය කර සැබෑ දෙවියන් වහන්සේව මධ්‍යස්ථානය කරගැනීමේ ඓතිහාසික ආරම්භය විය.

මධ්‍යතන යුගයේදී, දෙසැම්බර් 24 වන දින ආදම් සහ ඒව සිහිපත් කරන දිනය ලෙස සලකනු ලැබූ අතර, බයිබලයේ සඳහන් "ජීවන වෘක්ෂය" නිරූපණය කිරීමට මෙම ගස් භාවිතා කෙරිණි. එකල පල්ලිය ආශ්‍රිතව පවත්වන ලද ආගමික නාට්‍යවලදී මෙම ගස ඇපල් ගෙඩි වලින් සරසා තිබූ අතර, එයින් ආදම්ගේ පාපය සහ මනුෂ්‍ය වර්ගයාගේ වැටීම සංකේතවත් කෙරිණි. පසුව, එම ඇපල් වලට අමතරව දිව්‍ය සත්ප්‍රසාදය සංකේතවත් කරන කුඩා පාන් හෝ බිස්කට් එල්ලන ලදී. කාලයත් සමඟ මෙම සැරසිලි වර්ණවත් බෝල සහ විදුලි බුබුළු බවට පත් වූ අතර, ඒවා මගින් "ලෝකයේ ආලෝකය" වන ජේසුස් වහන්සේව (ජොහාන් 8:12, NRSV) නිරූපණය කරයි.

නූතන නත්තල් ගසේ සම්ප්‍රදාය ලොව පුරා ව්‍යාප්ත වූයේ හුදෙක් අලංකරණයක් ලෙස නොව ගැඹුරු ආධ්‍යාත්මික අරුතක් රැගත් සංකේතයක් ලෙසය. ගස මුදුනේ තබන තාරකාව මගින් රජවරුන්ට මග පෙන්වූ බෙත්ලෙහෙමේ තාරකාවත්, දේවදූත රූප මගින් එඬේරුන්ට මංගලම් කී දේවදූතයාත් සිහිපත් කරවයි. 16 වන බෙනඩික් පාප් වහන්සේ සඳහන් කළ පරිදි, නත්තල් ගස යනු අඳුරුම ශීත ඍතුවේදී පවා බලාපොරොත්තුවේ ආලෝකය නොනිවී පවතින බව පෙන්වා දෙන ලකුණකි. එබැවින් කතෝලිකයන් වශයෙන් අප නත්තල් ගස දෙස බලන විට, පාපය (ඇපල්) ජයගෙන අපට ජීවනය (ආලෝකය) ලබා දුන් ජේසුස් වහන්සේව මෙනෙහි කළ යුතුය.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව