නත්‍තල් ගස, නත්තල් සැරසිලි හා ගවලෙන ඉවත් කිරීම

නත්‍තල් ගස, නත්තල් සැරසිලි හා ගවලෙන ඉවත් කිරීම

විවිධ රටවල සම්ප්‍රදායයන් අනුව වෙනස් වේ (සමහරු පෙබරවාරි 2 කානික්ක මංගල්‍යය දක්වා තබාගනිති)

සාමාන්‍යයෙන් බොහෝ රටවල කිතුනුවන් කරන්නා සේ, අප රටෙහි ද නත්තල් සැරසිලි ඉවත් කරනුයේ නත්තල් සමය අවසාන වීමත් සමඟය.

මෙවර අප රටට නත්තල් සමය අවසාන වන්නේ ජනවාරි 8 වන සඳුදා දිනයි (අප රටට යන කොටස දමා ඇත්තේ දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂවීමේ මංගලෝත්සවය වැටෙන දිනය අනුව නත්තල් සමයේ අවසානය රටින් රටට වෙනස් වන බැවිනි).

එබැවින් එදින හෝ එම සති අන්තයේ නත්තල් සැරසිලි ඉවත් කිරීම කළ හැකිය. එය හදිසියෙන් කළ යුත්තක් නොවේ.

නත්තල් අෂ්‍ඨකය අවසාන වන්නේ ජනවාරි 1 ඉර බැස්මෙන් වන අතර නත්තල් සමය අවසාන වන්නේ ජනවාරි 8 වනදා ඉර බැස්මෙන් බව මතක් කර සිටිමු. එසේම, දෙසැම්බර් 25 පමණක් නත්තල් යන්න ව්‍යාපාරික අදහසක් බවද, එය කතෝලික සභාවේ අදහසක් නොවන බවද මතක් කර සිටිමු.

ජේසු පිහිටයි!

සටහන ~ සුපුන් ලහිරු

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,