කතෝලිකද? ක්‍රිස්තියානිද?

කතෝලිකද? ක්‍රිස්තියානිද?
Photo by Aaron Burden / Unsplash

ගොඩක් අය අතරෙ තියෙන සුලභ ප්‍රශ්නයක් තමයි කතෝලික, ක්‍රිස්තියානි කියන්නෙ දෙකක්ද? ඒකේ වෙනස මොකක්ද කියන එක.

ක්‍රිස්තියානි කියන වචනයේ තේරුම තමයි "ක්‍රිස්තු අනුගාමිකයො" කියන එක. කතෝලික කියන වචනේ තේරුම "විශ්වීය" කියන එක. කතෝලිකයෙක් කියන්නෙ පේදුරු තුමාගෙන් පැවත එන පාප් ධූරය හා රෝමයේ අධිකාරීත්වය පිළිගන්න අයට. කතෝලික සභාවෙ ඉන්න හැමෝම ක්‍රිස්තු අනුගාමිකයො. ඒ කියන්නෙ කතෝලිකයන් කියන්නෙත් ක්‍රිස්තියානින්ම තමයි. කතෝලික සභාව තමයි ජේසුස් වහන්සේ ස්ථාපිත කළ මුල්ම ක්‍රිස්තියානි සභාව. හැබැයි කාලයත් එක්ක අලුත් සබා මිනිස්සු හදාගන්න ගත්තා. ඒගොල්ලො කතෝලික සභාවෙ සාමාජිකයො නොවුනට ක්‍රිස්තු අනුගාමිකයො. එතකොට ඒගොල්ලොත් තවත් එක ක්‍රිස්තියානි කොටසක්. උදාහරණයකට ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත වගේ සභාවල අය.

ක්‍රිස්තියානි කියන ප්‍රධාන කුලකය ඇතුළෙ, කතෝලික කියන්නෙ ඒකේ උප කුලකයක්. ඉතින් කෙටියෙන් කිව්වොත් කතෝලික හැමෝම ක්‍රිස්තියානින්. නමුත් හැම ක්‍රිස්තියානියෙක්ම කතෝලික වෙන්නෙ නෑ. කතෝලිකයන් තමයි මුල්ම ක්‍රිස්තියානින්.

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව