කාදිනල් තුමාට දේශපාලකයො අකැපද?

කාදිනල් තුමාට දේශපාලකයො අකැපද?
Photo by Hansjörg Keller / Unsplash

මෑතකදී සමාජ මාධ්‍යයේ සැරිසරන ඡායාරූපයක් හේතුවෙන් ජනතාව අතර කසුකුසුවක් නිර්මාණය වී ඇත. එම ඡායාරූපයේ ඇත්තේ සමාජය විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලකයකු සමඟ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගත් ඡායාරූපයක් වේ. නමුත් හොඳින් බැලුවොත් උන්වහන්සේ මෙවර ප්‍රධාන ජනාධිපති අපේක්ෂයන් කිහිප දෙනෙක්වම හමුවී ඇත. ඉතින් කතෝලික සභා නීතිය අනුව එතුමා කර ඇත්තේ වරදක්ද? කාදිනල්තුමාට දේශපාලකයන් අකැපද?

ඕනෑම දේශපාලකයෙකු, කොටින්ම ජනාධිපති අපේක්ෂකයකු මුණ ගැසීමට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට අනෙක් ඕනෑම රදගුරුතුමෙකු හෝ සභා නායකයෙකුට හෝ ඕනෑම ආගමික නායකයෙකුට ඇති අයිතිය මෙන් අයිතියක් ඇත. සභා නීතිය අනුව කාදිනල්වරයෙකුට හෝ රදගුරුතුමෙකුට දේශපාලකයන් හමුවීම තහනම් නැත. එමෙන්ම සභාව කතෝලික ඉගැන්වීම්වලට සමපාත වන සමාජ යුක්තිය, සාමය සහ අනෙකුත් සාරධර්ම පවත්වාගෙන යාම සඳහා දේශපාලකයන් මෙහෙය වීමට සභා නායකයන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

මෙහිදී පහත කරුණු කෙරෙහි කතෝලිකයන් වශයෙන් අපි අවධානය යොමු කල යුතුයි.

1. සමාජය තුළ සභාවේ භූමිකාව

සමාජයීය සහ සාරධර්ම සම්බන්ධයෙන් සභාව ඕනෑම රටක විශේෂ භූමිකාවක් පවත්වාගෙන යන අතර, දේශපාලන නායකයන් සමඟ කටයුතු කිරීම එහි කොටසක් වේ. සභා නායකයන් ආගමික නිදහස, මානව හිමිකම්, සමාජ සාධරණත්වය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් නිරතුරුවම දේශපාලකයන් හමුවී හඬ අවදි කළ යුතු වේ.

2. දේශපාලනයේ නොබැඳි පිළිවෙත

දේශපාලකයන් සමඟ කටයුතු කළද, සභාව නොබැඳි පිළිවෙත අනුගමනය කළ යුතුය. සභාවේ මතය එක් අපේක්ෂකයෙකු හෝ එක් පක්ෂයක් වටා ගොනු නොවිය යුතු අතර, සභාවේ මතය පොදුජන යහපත වටා ගොනු විය යුතුය. මෙවැනි හමුවීම් නිසා විවේචනය එල්ල විය හැකිමුත් සභා නායකයන් නොබැඳි පිළිවෙත අනුව කටයුතු කළ යුතු වේ.

3. අනවබෝධය සහ අපවාදය

සමහර කතෝලිකයන් මෙම හමුවීම් වරදවා තේරුම් ගන්නා අතර ඔවුන් එය එම අපේක්ෂකයාට සභාව කඩේ යාමක් සලකනවා. එමෙන්ම සභාවේ නොබැඳි පිළිවෙත පාවාදීමක් ලෙස සලකනු ලබති. සභා නායකයන් මෙවැනි අනවබෝධයන් කෙරෙහි දැඩිව අවධානය යොමු කළ යුතු අතර ඔවුන්ගේ පියවර කෙරෙහි කතෝලිකයන් මෙන්ම අනෙකුත් පාර්ශව අවධානය යොමු කරති. යම් වැරදි පියවරක් අපවාදයක් බවට පත්විය හැකි බව සභා නායකයන් දැනගත යුතුමයි.

4. සභාවේ මාර්ගෝපදේශය

සභාව මඟින් එහි එඩේරුන්ව, සභාවේ ඉගැන්වීම් පැතිරවීම සඳහා සමාජය සහ දේශපාලන අධිකාරිය සමඟ කටයුතු කිරීමට දිරි ගන්වයි. කෙසේ නමුත්, මෙම කටයුතු කිරීම විනිවිදභාවයකින්, අවංකභාවයකින් සහ දේශපාලන මැදිහත්වීමකින් පැහැදිලි ලෙස ඈත්ව සිදුවිය යුතු බව සභාවේ මාර්ගෝපදේශයයි.

සාරාංශයක් ලෙස කාදිනල්තුමාට හෝ ඕනෑම සභා නායකයෙකුට දේශපාලකයන් හමුවීම සභා නීතිය අනුව තහනම් නොවේ. නමුත්, මෙම හමුවීම් සභා මතය වන නොබැඳි පිළිවෙත අනුව සිදුවිය යුතුම වේ.

කෙසේ නමුත් සභා නීතිය අනුව මෙය වරදක් නොවුණත්, පුද්ගලික දේශපාලන කෝණවලින් බලා මෙම හමුවීම් විවේචනයට ලක් කිරීම සභාවට අලුත් දෙයක් නොවේ.

උපුටාගැනීම Defende Fidem - ඇදහිල්ල සුරකින පිටුවෙන්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව