අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ - ජීවන තොරතුරු

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝ - ජීවන තොරතුරු

සම්පූර්ණ නම - පටබැඳීගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත්

උපන් දිනය හා ස්ථානය - 1947 නොවැම්බර් 15 , පොල්ගහවෙල දී.

පියා - පටබැඳීගේ දොන් විලියම්

මව - හෙට්ටිආරච්චිගේ මේරි විනිෆී‍්‍රඩා

ප්‍රසාද ස්නාපනය ලැබීම - පොල්ගහවෙල ලුර්දු දේවමාතා දෙව්මැදුර.

ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු පාසැල - කොළඹ මෝදර ශා. අන්ද්‍රේ රෝමානු කතෝලික පාසල.
දෙවන පාසල සා.පෙළ දක්වා - මෝදර ද ලාසාල් මධ්‍ය මහා විද්‍යාලය.

පූජක වරම් ලබාගැනීම සඳහා පියනැගීම

පළමු අදියර - 1965 මාර්තු 15 දින ශා. ඇලෝසියස් කුඩා දෙව්සත්හල, බොරැල්ල.

දෙවන අදියර - 1966 ජුනි 04 දින අම්පිටිය මහනුවර ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික දෙව්සත්හල

තෙවන අදියර -1971 දී රෝමයේ උර්බානියානු සසුන් පිය දෙව්සත්හලට ඇතුළුවීම.

පූජකවරම් ලැබීම - 1975 ජුනි 29 දින අති උත්තම 6 වන පාවුළු ශුද්ධෝත්තම පියතුමා විසින් පූජක වරම් දානය කරන ලදී.

මව් බිමට පෙරලා පැමිණීම - 1978

පළමු පත්වීම - එවකට පමුණුගම මීසම පාලනාධිපති ගරු මොයිස් පියතුමාගේ මීසම් සහයක 1980 දක්වා

දෙවන පත්වීම - 1981 පයාගල මීසම් පාලක

තෙවන පත්වීම - 1983 කළුතර මීසම් පාලක

1980 සිට 1991 දක්වා වසර 11 ක සේවය කෙටියෙන්

. ධීවර අමාත්‍යාංශයේ ආධාර මත පමුණුගම කැපුන්ගොඩ බේරුවල ධීවරයන්ට ධීවර නිවාස හා දැල් ආම්පන්න සහනාධාර යටතේ ලබා දීම.
. ශාන්ත පීතර අපෝස්තුළුවරයාගේ සංගමයේ ජාතික අධ්‍යක්‍ෂ
. වින්සන් ද පාවුලා සමිති අධ්‍යක්‍ෂක
. අගරදගුරු පදවියේ මානව සංවර්ධනය පිළිබඳ අධ්‍යක්‍ෂක වශයෙන් කටයුතු කිරීම
. දේශීය පූජක පුහුණු අරමුදලක් ආරම්භ කිරීම
. ධර්මදූත ළමා සමාජ ස්ථාපිත කිරීම
. සෙත් සරණ ආයතනයේ ප්‍රථම නියමුවා වීම

රදගුරු අභිෂේකය - 1991 අගෝස්තු 31 වැනි දින අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් තේවත්ත ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී රදගුරු වරම් ලබාගත්තේය.

සබරගමු පළාතේ නව රදගුරු හිමි - 1995 නොවැම්බර් 02 දින අලුතින් බිහිවූ රත්නපුර පදවියේ ආත්මික එඩේරාණන් හැටියට මෙතුමා තෝරා පත්කර ගන්නා ලදී.

රත්නපුර පදවියෙන් සමුගැනීම - 2001 ඔක්තෝම්බර් 01 දින

ශුද්ධාසනය මගින් විශ්ව කිතුනු මෙහෙවර සඳහා ඇරයුම් ලබයි.

2001 ඔක්තෝම්බර් අගදී රෝම නුවරට නැවතත් කැදවනු ලැබූ අති උතුම් මැල්කම් රංජිත් රදගුරුහිමිපාණන් වෙත 2 වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ජනතා ධර්ම දානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ධුරය පවරන ලදී. මෙවන් නිලයකින් පිදුම් ලද එකම ශ්‍රී ලාංකිකයා මෙතුමා වු අතර ආසියා අපි‍්‍රකා මහද්වීප වෙනුවෙන් මෙතුමා විසින් කරන ලද සේවා අති විශිෂ්ටය.

2004 අපි‍්‍රයෙල් 29 දින ඉන්දුනීසියාවේ සහ නැගෙනහිර ටිමෝරයේ අපෝස්තලික තානාපති වශයෙන් ද පත් කරනු ලැබිණි. මේ සමයේදී මැල්කම් රංජිත් රදගුරු හිමි උමරියාට්කෝහි නාමධාරී අගරදගුරු නිලයට උසස් කරන ලදී.

16 වෙනි බෙනඩික්ට් ශුධොතුම් පියාණන් විසින් තවත් උසස් නිලයකට පත්කරයි.
2005 දෙසැම්බර් 10 දින අති උතුම් 16 වන බෙනඩික්ට් සසුනිසුරාණන් විසින් මෙතුමා ජනවන්දනාව හා සක්‍රමේන්තු කටයුතු පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම්ධූරයට ඔසවන ලදී.

පෙර අපර දෙදිග භාෂා කීපයක් කතා කිරීමේ හා ලිවීමේ මහඟු හැකියාවක් අප නව අගරදගුරු හිමිපාණන් සතුව ඇති බවද කිව යුතුය.

අති උතුම් දේවධර්මාචාර්ය පී. දොන් ඇල්බට් මැල්කම් රංජිත් කොළඹ පදවියේ 9 වන අගරදගුරු හිමිපාණන්ගේ පදවි ප්‍රාප්තිය 2009 අගෝස්තු 05 දින කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි.

2010 ඔක්තෝම්බර් 24 වන ශුද්ධොත්තම පියතුමන් විසින් අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් කාදිනල්වරයට එසවීමට - වතිකානුවේ සිට ප්‍රකාශ කිරීම.

2010 නොවැම්බර් 20 වන දින කාදිනල් හිස්වැසුම ප්‍රදානය සමගින් සාන්ත පීතර බැසිලිකාවේදී අති උතුම් මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් කාදිනල්වරයට පත්වීම.

2010 නොවැම්බර් 21 වන දින පෙ.ව. 09.30ට එතුමන් සාන්ත පීතර බැසිලිකාවේදී ශුද්ධෝත්තම පියතුමන් සමඟ හවුල් දිව්‍ය යාගයට සහභාගී වීම.

2010 නොවැම්බර් 23 වන දින එතුමන් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් දිව්‍ය පූජාව පැවැත්වීම.