ටෝල්කීන්ගෙ මිතුරු ලුවිස්

ටෝල්කීන්ගෙ මිතුරු ලුවිස්
Photo by Jeff Finley / Unsplash

ලොව ප්‍රකට Lord of the rings කතා මාලාවේ රචකයා වෙන්නෙ කතෝලිකයෙක් වුන J.R.R Tolkien. C.S Lewis ටෝල්කින්ගෙ හොදම මිතුයෙක්. ලුවිස් විසින් රචිත සුප්‍රකට කතාවක් තමයි Chronicles  of Narnia කතාව. උපතින් කිතුනුවෙන් උන ලුවිස් තරුණ කාලයෙදි අදේවවාදියෙක් වෙනව. තමන්ගෙ මිතුරා උන කතෝලික ටෝල්කින් එක්ක දිගින් දිගටම කිතු දහම ගැන වාද කර ඉදලා ඔහු ආයෙත් කිතුනුවෙක් වෙනව. නමුත් කතෝලික සභාවෙ නොව ඇන්ග්ලිකන් සභාවෙ.  ලුවිස් ශුද්ධගිනිස්තානය, සාන්තුවරයන්ගෙ මැදිහත් වීම, පාපොච්චාරණය වගේ කතෝලික ඉගැන්වීම් වලට ඉහළ සැලකීමක් දුන්නා. ප්‍රොතෙස්තන්ත්‍ර නාමය ඇතුලෙ ඉදන් කතෝලික ඉගැන්වීම ප්‍රචාරය කරා. ප්‍රොතෙස්තන්ත්‍ර/කතෝලික දෙගොල්ලන්ගෙම ආදරය දිනා ගත්තා. ඔච්චර කතෝලික ඉගැන්වීම් වලට ඉහළ ගෞරවයක් දුන්නත්, කතෝලික ඉගැන්වීම් ගැන ලිව්වත් ඇයි එයා කතෝලිකයෙක් නොවුනෙ?

Dr. Peter Kreeft ඒකට ලස්සන උත්තරයක් දුන්නා,

"දෙවියන් වහන්සේ ඔහු කතෝලික සභාව තුළට එන එක නැවැත්තුවා, මොකද එතකොටයි ප්‍රොතෙස්තන්ත්‍ර අය එයාගෙ ලේඛන කියවන්නේ"

image

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව