Buenos Aires හී දිව්‍ය සත්ප්‍රසාදය ප්‍රාතිහාර්‍ය

Buenos Aires හී දිව්‍ය සත්ප්‍රසාදය ප්‍රාතිහාර්‍ය
Photo by St. Charles Borromeo Seminary / Unsplash

1936 වසරේ අගෝස්තු මස 18 වන දින අලෙන්ජාන්දෝ පොසෙට් පියතුමා බුවනෝස් අසිරෙස් හි වෙළඳ මධ්‍යස්ථානයක වූ දේවස්ථානයක හවස 7ට පමණ දිව්‍ය සත්ප්‍රසාද දානය කිරීම අවසන් වනවාත් සමඟ එක් කාන්තාවක් පැමිණ දේවස්ථානයේ පසුපස තිබෙන ඉටිපන්දම් රදවනයක පූපයක් තිබෙන බව පියතුමාට පැවසූවාය.

පියතුමා ඇය පෙන්වූ තැනට ගොස් කවුරුන් හෝ විසින් අගෞරවාන්විත ලෙස ඉටිපන්දම් රඳවනය තුල දමා ගිය පුපය දුටුවේය. එය අනුභව කිරීමට නොහැකි තත්වයේ තිබු නිසා එය ජල බඳුනක බහා දිව්‍ය සත්ප්‍රසාද කූඩුව තුල තැන්පත් කරන ලදී. අගෝස්තු මස 26 වන දින අලෙජාන්දෝ පියතුමා දිව්‍ය සත්ප්‍රසාද කූඩුව විවෘත කරදීදී එතුමා දුටුවේ පුදුමයකි. මීට දින කීපයකට පෙර ඉපන්දම් රදවනය මතින් ගෙන ජල බඳුනක බහා තැන්පත් කළ පුපය ලේ වලින් පිරුණු මස් කැබැල්ලක් බවට පත්වී ඇතිබව දැකීමෙන් එතුමා මව්තයට පත් විය.

මේ සිද්ධිය එසැනින්ම එතුමා, එවකට සහයක රදගුරුතුමන්ව සිටි වත්මන් ශුද්ධෝත්තම පියතුමා වන අති උතුම් ජෝර්ජ් බෙර්ගොලියෝ රදගුරුතුමාට මේ බව දැන්වීමය. එතුමන්ගේ උපදෙස් වලට අනුව එම ප්‍රාතිහාර්යාත්මක පුපය ඡායාරූප ගතකොට දිව්‍ය සත්ප්‍රසාද කූඩුව තුළ තැන්පත් කල අතර එය ඔවුන් අතර රහසක්ව තබා ගන්නා ලදී. වසර තුනක් ගෙවී ගියද, මාංශය බවට පත් වූ පූපයේ පෙනුමේ කිසිදු වෙනසක් සිදු නොවූ හෙයින් ඒ ගැන විද්‍යාත්මක පරීක්ෂණයක් කිරීමට එවකට බොවනොස් අයිරෙස්හි අගරදගුරු ධූරයට පත්වූ ජෝර්ජ් බොර්ගොලියෝ අරදගුරු තුමා තීරණය කලේය. ඒ අනුව 1999 ඔක්තෝබර් 5 වන දින වෛද්‍ය කස්තනන් මෙම ප්‍රාතිහාර්යාත්මක පූපයේ විශේෂ ශෛල සාම්පලයක් විශේෂඥ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිව්යෝර්ක් නුවරට යවන ලදී. නමුත් මෙම සාම්පලය ලබාගත් මුලාශ්‍රය නිව්යෝර්ක් නුවර සිටි වෛද්‍යවරුන් හට හෙළි නොකරන ලදී. ඔවුන්ගේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයේ නිගමනයන් මෙසේය,

මෙය සැබවින්ම මිනිස් ඩී.එන්.ඒ සහිත මිනිස් රුධිරය හා මාංශය තිබෙන මූල ද්‍රව්‍යකි. මෙය මිනිස් හදවතේ සිට මුළු සිරුරටම රුධිරය බෙදාහරින ප්‍රධාන ධමනියකින් ගත් කොටසකි. මෙම හදවත් ශෛල තුළ ඇති සුදු රුධිර ශෛළ අයිති පුද්ගලයා මෙම ශෛල ලබාගත් අවස්ථාවේ බලවත් වේදනාවක හා කම්පනයක සිටිබව හෙළිකරයි. මෙම හදවත් ශෛල ලබාගෙන ඇත්තේ මෙම මිනිසා ජීවත්ව සිටියදීමය.ඒ මන්දයත් සුදු රුධිර ශෛල ජීවත් වනුයේ ජීවියෙකු තුළ පමණයි.

image

එබැවින් මෙම සෛල සාම්පල ලබාගන්නා අවස්ථාවේ මෙම පුද්ගලයා ජීවත්ව සිටිය යුතුමය.මෙම හදවත අයිති තැනැත්තා මෙම සෛල ලබාගන්නා අවස්ථාවේ තදබල පීඩනයක සිට ඇති අතර ඔහුගේ පපුවට තදබල ලෙස පහර දී ඇත. මෙම සෛල සාම්පලයේ මූලාශ්‍රය දැනගත් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකු වන මයික් විල්ලේ සේ සහ රොන්තෙයොරියෙරෝ වෛද්‍ය සුගීබා ඇතුළු නිව්යෝර්ක් වෛද්‍ය මණ්ඩලයේ නිගමනය අසා මවිතයට පත්වූහ. මාධ්‍යවේදීන්ගෙන් එක්කෙනෙකු වන මයික්විල්ලේසේ සුදු රුධිර සෛලයක් ජලය මත කොපමණ කාලයක් ජීවත් වන්නේදැයි වෛදිය සුගිබාගෙන් ආසීය. ඊට සුගිට්ඨාගේ ක්ෂණික පිළිතුර වූයේ ජලය මත සුදු රුධිර ශෛයක ආයු කාලය මිනිත්තු කිහිපයක් විය. ඉන්පසුව මාධ්‍යවේදීන් දෙදෙනා මෙම හදවතේ සෛල සාමීපලයේ ඉතිහාසය වෛද්‍ය සුගිබාට හෙළිකරන ලදී.

මෙම ප්‍රාතිහාර්යාත්මක මාංශය බවට පත්වූ පූපය සාමාන්‍ය ජලය මත මාසයක කාලයකුත් සුපිරිසිදු ජලය මත වසර කුහක කාලයකුත් තැබුවයින් පසු වෛද්‍ය පරීක්ෂණයට යොමු කල බව ඔවුහු වෛද්‍ය සුගිබාට පැවසූහ. ඔවුන් එළිදරව් කල ඉතිහාසයෙන් මවිතයට පත් වූ වෛද්‍ය සුගිබා ඔවුන්ගෙන් තවත් ප්‍රශ්න දෙකක් ඇසීය. මෙම සෛල සාම්පලය මියගිය පුද්ගලයෙකුගෙ සෛල සාම්පලයක් නම් මෙම සෛල පරීක්ෂණය කරද්දී ජීවමාන සෛලමෙන් සෙලවෙමින් තිබුනේ මන්ද? 1996 වසරේ මියගිය කෙනෙකු 1999 වසරේ ජීවත් වන්නේ කෙසේද? ඊට පිළිතුරක් වශයෙන් මෙම සෛල ලබාගත්තේ දිව්‍ය පූජාව තුලදී දිව්‍ය රහස් කල පුපයකින් බව මයික් විලේජ් හෙළි කලේ එවිටය. ඉන්පසුව ඔවුන් තවත් පරීක්ෂණයක් කලෝය.

එනම් බුවනෝස් අයිරෙස් සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ වාර්තාවන් සහ දකුණු ඉතාලියේ ලන්චියානු නුවර දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ වාර්තාවක් ඒවායේ මුලාශ්‍ර හෙළිදරව් නොකර ඒවා සංසන්දනය කිරීමට සැලැස්වීමයි. වෛද්‍ය වාර්තා දෙක සංසන්දනය කල වෛද්‍යවරුන් හෙළි කලේ මෙම සාම්පල දෙකේම රුධිරය AB + (AB Positive) ඝණයට අයිති බවත් මෙම සෛල මැදපෙරදිග විසූ පුද්ගලයෙකුගේ බවත්ය. මෙම ශෛල සාම්පල දෙක ලබාගෙන ඇත්තේ රටවල් දෙකකිනි. එකක් ආජන්ටිනාවේ බොවනාස් අයිරෙස් නුවරිනි. අනෙක දකුණු ඉතාලියේ ලන්චියානු නුවරිනි. නමුත් ඒ සාම්පල දෙකේම සෛල මැද පෙරදිග මනුෂ්‍යයෙකුගේය. මැද පෙරදිග ජීවත් වන මනුෂ්‍යයෙකුගේ ජීවමාන ශෛල වෙනස රටවල් දෙකකින් ලබාගන්නේ කෙසේද සාමාන්‍ය කෙනෙකුට මෙය ප්‍රහෙලිකාවක් වුවත් කිතුණු භක්තිකයන් වන අපට එය විශ්වාසයේ පරම අභිරහසය. ලෝකයේ කොතැනක දිව්‍ය යාගය සිදුකලත් ඒ තුල සිදුවන්නේ එකම කල්වාරි යාගයමය. දිව්‍ය රහස් කරන්නා වූ සෑම පුපයකම වැඩ වසන්නේ අප ගැලවීමට අප වෙනුවෙන් දුක්විඳි කුරුස ගත වූ ස්වාමීන් වහන්සේමය.

image

📖️✒️ කැලිස්ටස් ජයමාන්න

විශේෂ ස්තූතිය සුපුන් පෙරේරා

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;