දුඹුරු පැහැ බෙන්තිඥ්ඥයේ හාස්කමක්

(ශාන්ත ජෝන් වියානි මුනිතුමා විසින් පැවසූ සත්‍යය කතාවකි)

💃යක්ෂයා සමග නර්තනය🕺

තම ජීවිතය ආගමට කැප කිරීමට තීරණය කර, තරැණියක් පාපොච්චාරණය සඳහා ශාන්ත ජෝන් වියානි තුමා වෙත පැමිණියේය.

ඇය ඇගේ පව් කියා අවසන් වූ විට, ශාන්ත ජෝන් වියානිතුමා ඇගෙන් ඇයට යමක් අමතක නොවේදැයි කියා ඇසුවේය. තම සිතිවිලි ආවර්ජනය කරනවිට තරැණිය හට කිසිම දෙයක් මතක් වුයේ නැත. පසුව ශු. පියතුමා ඇගේ මතකය අලුත් කිරීමට කටයුතු කළේය.

ඇය නැටීමට කැමති කඩවසම් තරුණයෙකු හමු වූ නමුත්, අනෙක් තරැණියන් සමඟ පමණක් නටමින් ඇයව පසුකර යන නර්තනයක් ඇයට මතකදැයි ඔහු ඇගෙන් ඇසීය.

පුදුමයට පත් වූ ඇය නැවතත් එය සත්‍යය බව ස්ථිර ලෙස පිළිතුරු දුන්නාය. ශාන්ත ජෝන් වියානිතුමා පසුව ඇගෙන් ඇසුවේ ඔහු විසින් තෝරා නොගත් නිසා ඇයට දැඩි ඊර්ෂ්‍යාවක් සහ අවමානයක් ඇති වූ බවද, උත්සව ශාලාවෙන් පිටව ගිය පසු ඇය නැවත වරක් ආපසු හැරී බැලූ විට තරුණයා තරැණියක් සමඟ නටනවා දුටු ආකාරයත් ඇයට මතකද යන්නයි. මේ වතාවේ ඔහුගේ පාද යට කුඩා නිල් ආලෝක දෙකක් විය.

නැවතත් ඇය එකඟ වූ අතර ඇත්ත වශයෙන්ම ඇය තරුණයාගේ පාද යට නිල් ආලෝකයන් දෙක දුටු බව තහවුරු කළාය, නමුත් ඒවා අමුතු බව නිසා ඇය ඒවා නොසළකා හැරියාය.

එවිට සාන්තුවරයා මෙසේ පැවසීය: "මේ කඩවසම්, හොඳ තරුණයා ඔබ සමඟ නැටුවේ නැති නිසා ඔබගේ හිත රිදුණා. මගේ ආදරණීය(My dear), අපගේ ආදරණීය භාග්‍යවත් මරිය තුමිය කෙරෙහි ඔබ ගැඹුරුම කෘතඥතාවයෙන් පිරී සිටිය යුතුය. ඔබව පුදුමාකාර ලෙස හා ආශ්චර්යමත් ලෙස ආරක්ෂා කර ඇත!"

තැතිගත් තරුණිය පසුතැවිලිවී ගොත ගැසුවේය, "ඇයි, පියාණෙනි, ඔබ අදහස් කරන්නේ කුමක්ද?"

එවිට ශාන්ත ජෝන් වියානිතුමා ඇයට පැහැදිලි කළේය තරුණයා ඇත්ත වශයෙන්ම මනුෂ්‍ය ස්වරූපයෙන් යක්ෂයා බවත්, ඔහු ඇය සමඟ නටන්නේ නැති වීමට එකම හේතුව ඇය කර්මෙල් කන්දේ අප ස්වාමිදූගේ ශුද්ධ දුඹුරු පැහැති බෙන්තිඥ්ඥය පැළඳ සිටි නිසා බවත්ය.

"මගේ ආදරණීය දරුවා", ශුද්ධ වූ පූජකයා පිළිතුරු දුන්නේය. "ඒ මිනිසා ඇත්තටම අපායේ යක්ෂයෙක් වූ අතර සෑම තරැණියක් සමඟම බරපතල පාපයක් කරමින් නැටුවේය. ඔහු ඔබෙන් ඈත් වූයේ ඔබ පමණක් කර්මෙල් කඳුකරයේ අප ස්වාමිදූගේ දුඹුරු පැහැති බෙන්තිඥ්ඥය පැළඳ සිටි බැවිනි!"

සටහන : නෙත්මි පෙරේරා

Read more

දෙසැම්බර් 04 - සභා ධර්මධර පූජාප්‍රසාදි දමස්කස්හි සා. ජෝන් මුනි සුළු අනුස්මරණය

John of Damascus හෝ John Damascene (Yūḥana ibn Manṣūr ibn Sarjūn ලෙස උපත ලැබීය; ක්‍රි.ව. 675/676 - 749 දෙසැම්බර් 04) 'ජෝන් ඩැමසීන් (John Damascene)' ලෙසද හඳුන්වන මෙතුමන් සිරියානු

මුනිතුමන්ගේ නම ෆ්‍රැන්සිස් ද ෆ්‍රන්සිස්කූ ද ෆ්‍රැන්සිස්කෝ ද සවියෙර් ද සේවියර් ද ක්ෂාවියර් ද?

ශුද්ධවන්තයෙක් ලෙස එතුමන් සඳහා භාවිත කරන නාමය (උපන් නාමය නොවේ) ලතින් වලින් S. Franciscus Xaverius, SJ (ෆ්‍රන්චිස්කුස් ක්සවේරිඋස්) වේ. එය ඉංග්‍රීසියෙන් St. Francis Xavier,

දෙසැම්බර් 03 - සා. ෆ්‍රැන්සිස් ක්සවියේර් මුනිතුමන්ගේ මංගලෝත්සවය

ධර්මදූතික ප්‍රදේශයක් (Missonary Lands) වන අප රටට මෙය ප්‍රාදේශීය මංගලෝත්සවයකි (Local Solemnity) Francis Xavier SJ (Francisco de Jasso y Azpilicueta ලෙස උපත ලැබීය; Latin: Franciscus Xaverius; Basque: Xabierkoa; French: François Xavier; Spanish: Francisco Javier;