මූලධර්මවාදීන් විකෘති කරන එළිදරව් පොතේ දේව පණිවිඩය

මූලධර්මවාදීන් විකෘති කරන එළිදරව් පොතේ දේව පණිවිඩය
Photo by Yosi Prihantoro / Unsplash

🔶 එළිදරව්ව  පොත අපගේ  කාලය  හා සම්බන්ධ  කරන පොතක්  ලෙස බොහෝ  මූලධර්මවාදී  සභාවල  උගන්වන  කරුණකි. එම නිසා  එහි සත්‍යතාවය පිළිබද  කරුණු  විමසා බැලීම  මෙම ලිපියේ අරමුණයි.

🔶 එළිදරව්  පොත සමග  අපගේ  කාලය සම්බන්ධ  වන බව මූලධර්මවාදී සභාවල උගන්වන්නේ  එහි ඇති  ගුප්ත  සංකේත  නිසාත් ,  ඒවා  ගැන හරි වැටහීමක් ඔවුනට නැති  නිසාත් , ක්‍රි.ව පළමු සියවස ගැන අවබෝධයක්  නොමැති  නිසාත්ය. මෙම කණ්ඩායම්  එළිදරව්  පොතේ  ඇති ගුප්ත  සංකේත  සහ සිදුවීම් අද කාලයට හෝ අවසාන අවුරුදු  හතට අදාල සිදුවීම්  ලෙස විකෘති  කර  ඔවුන්ගේ අනුගාමිකයන්ට කියා  දෙමින්  ශුද්ධ  ලියවිල්ල  විකෘති ති  කරති.

එමගින් අවසාන කාලය  පිළිබද ව්‍යාජ මත පල කර ජනතාව රවටා ඔවුන්ගේ ව්‍යාජ ඉගැන්වීම්  ලෝකයට හෙළිදරව් වූ අවස්ථා  ඇත.

ක්‍රිස්තුන්වහන්සේගේ දෙවන පැමිණීම පිලිබද  ව්‍යාජ ඉගැන්වීම් කල පුද්ගලයන්
උදාහරණ :-

(1) සෙවන්ත්  ඩේ  ඇඩ්වෙන්ටිස්  සභාවේ විලියම්  මිලර්  1843 එලෙස පැවසූහ.
(2) යෙහෝවා  සාක්ෂිකාරයන්ගේ සභාවේ නිර්මාතෘවරයා වන චාල්ස්  ටෙඩ් රසල් 1914 දී ජේසුතුමාගේ දෙවන පැමිණීම  සිදුවන බව පැවසීය.
(3) 2011 හැරඩ්  කැම්පින් නම්  පාස්ටර් තුමාද එසේ පැවසීය.

🔶 මෙම නිසා මෙම එළිදරව්ව පොත  විකෘති   කරමින් එහි ඇති පණිවිඩ  මීට  ශතවර්ෂ විස්සකට පෙර  ජීවත් වූ කිතුණු බැතිමතුන්ට බවත්  අමතක කරති.  මෙය සභා හතකට යැවූ බව එළිදරව්  පොතේම  සදහන් ය. එනම් ; එපීසි , ස්මරණය , පෙර්ගමම්, තියාතිරා ,සර්දිස්, පිලදෙල්පියා , ලවොදිසය  වේ.  මෙම පොත  අධික පීඩනයක්  මැද සිටි  කිතුනු  සාමාජිකයන්ට  රැස්වෙන හැම අවස්ථාවකම  කියවූ  බව මෙම විකෘතිවාදීන්  නොදනී. එය තේරුම්  ගත යුත්තේ  එතැන සිටය.

🔶 අපද එදා සමාජයේ  ජීවත්  වූවානම්  එළිදරව්  පොතේ  සදහන් වන මෘගයා නමදින ලබ්ධිය ගැන හෝ හිස්  සතක්  ඇති මෘගයකු ඌ පිට හිදින ස්ත්‍රීය ගැන මේ කියන්නෙ  කුමක් ගැනදැයි  අපිද එතරම් දුර කල්පනා නොකරනු  ඇත.එම පිටපත් රෝම නිලධාරීන්ට  අසුවූවානම් එය ඔවුන්ට තේරුම්  ගැනීමට අමාරු ආකාරයෙන්  ලියා ඇති බව මොවුන් නොදනී. මෙය එම සභා සත ජනතාවට ඔවුන්ගේ ලෝකය තේරුම්  ගැනීමට රචනා කරන ලදී. මෙහි සදාතන සත්‍යතාවය පමණක්   අපට ගැලපේ . නමුත්  මෙය අද ගැන අනාගතයේදී  සිදුවන්නට යන දෙයක් නොවේ.

🔶 රෝම අධිරාජ්‍ය ආසියාව නැමති ප්‍රාන්තයේ පිහිටි  සභා සත ගැන එකල තිබුණු  සංස්කෘතිය ,ශිෂ්ටාචාරය හදුනා  ගත් කල මෙහි පණිවිඩය  තේරුම්  ගැනීමට අපහසු නොවේ. උදාහරණයක්  ලෙස එකල එපීසියේ පිහිටි ආර්තෙමෙස්  දේවාලය එවකට ලෝකයේ තිබුණු  ලෝක පුදුම හතෙන්  එකක් ලෙස ඇතැමුන්  හදුන්වා  දී ඇත. පෙර්ගම් නගරය  ග්‍රීක දෙවියන්ගෙන් පිරී තිබුණි. මෙම නගරය  මුළු පාලාතෙම අධිරාජ්‍ය  නමස්කාරය මධ්‍යස්ථානයක්  වූ අතර ක්‍රි.පූ 29 දී  අවසර ලබා ඔගස්ටිස් හා රොමා කියන දේවතාවිය වෙනුවෙන් දේවාලයක් ඉදිකල පළමු නගරය පර්ගම් වේ. අධිරාජ්‍යයා අතින්ම "දේවාල අධිපති " යන නම්බු නාමය ලබාගත් නගරය මෙය විය. මෙහි ගීතිකා කණ්ඩායමක් විය.

එළිදරව්ව පොතේ 17:9-18 පවසන දේ රෝම කාසිවල  හා සාහිත්‍ය  කෘතිවල සදහන් ය. වාර්ෂික  මංගල්‍යයන් පවත්වමින්  සත්වන කන්ද රෝමයේ සීමාවලට එකතු කර ගැනීම සමරන ලදී. එය තුළින් බැබිලෝනිය  හා රෝමය අතර සම්බන්ධතාවය තේරුම් ගත හැකිය. මෙලෙසම ඇටර්ණා ගැන සදහන් කෙරේ.

🔶 මෙතනදී  මෙවැනි  විකෘති   අර්ථ  කථනයට මෙම ග්‍රන්ථය   හසුවන්නේ   එහි  පසුබිම , සංස්කෘතිය  ගැන  අවබෝධයක්  නොමැති  බවයි. මුලින්ම කිව යුත්තේ  මාටින්  ලූතර්  තුමන්ලා  එළිදරව්ව  පොත  ඉවත්  කිරීමට  ගිය  මොහොතක කතෝලික  සභාව  මෙහි  ඇති  සන්දර්භය , පණිවිඩය  නිසා  සැමගේ  සහයෙන්   මෙය  සම්මත කර ගත්  බව බොහො  අය නොදනී . එම නිසා මෙම ග්‍රන්ථය  අයත්  වන්නේ එළිදරව්  සාහිත්‍යයට  බව මුලින්ම  දැනගත යුතුය . මෙම සාහිත්‍ය  බිහිවෙන්නේ  "මෙසපොතේමියානු"   (බැබිලෝනියන් ) දිවැසිවර  පසුබිමකින්  බව බොහෝ දෙනා  නොදනී.

🔶 මෙම  එළිදරව්  සාහිත්‍ය ස්වර්ණමය  යුගය ක්‍රි .පූ 2 වන සියවස හා ක්‍රි.ව 2 වන සියවස මැද එනම් ක්‍රි.පූ 200  හා ක්‍රි.ව 150 අතර වේ. මෙම සාහිත්‍යයට පුරාණ  ගිවිසුමේ  යෙසායා ,දානියෙල් , සෙකරියා , පොත්වල පරිච්ඡේද  කිහිපයක්  අඩංගු  වේ. නව ගිවිසුමේ දී එවැනි  පරිච්ඡේද  කිහිපයක්  හා එළිදරව්  පොත ද අයත් වේ.

🔶 ⁣මීලගට එළිදරව්වාදය( Apocalyticism) වැදගත් ය. මෙය බොහෝ  අය  නොදනී.එය පීඩන යුගයක  බිහිවූ බව  පොත සන්දර්භය සමග කියවන අයට පැහැදිලි වේ.  නමුත්  වචනයේ  අර්ථය  පමණක්  කියවන අයට වචනාර්ථයෙන් පමණක් එය පැහැදිලි නොවේ.  එපමණක්  නොව එය විකෘති වේ. හොදම උදාහරණය  එළිදරව්ව 2:10 වේ.
මෙය බිහිවූයේ  දිවැසිවරය  ක්‍රම ක්‍රමයෙන්  අතුරුදහන්  වන විටයි.

🔶 මෙය සන්දර්භය තුළ  අර්ථකථනය ප්‍රධාන  කොටස් දෙකකි.

(1) එහි අනිවාර්යයෙන්  තිබිය  යුතු  ලක්ෂණ
(2) බොහෝ විට එහි දක්නට ඇති අනෙකුත් ලක්ෂණ
පලමු ගණයට අයත් වන්නේ ;

ද්විත්වවාදය හෙවත් ද්විඝට්ටන වාදය (Dualism)

"දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක. ජොහාන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය. මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය."
- ( එළිදරව්ව 1:1‭-‬3 NRSV) -

මෙය වචනයේ අර්ථය තුළ  රැදෙමින්  අර්ථ කථනය කිරීම  විකෘතියකි. මන්ද  මෙම පාඨයේ වචනාර්ථය මත රැදෙමින්  එළිදරව් අර්ථය ගත්විට එම පොත විකෘතියක් වන්නේ පොතෙහි  සදහන්  ඊළග  පරිච්ඡේද  අර්ථකථනය කරන්නට පටන් ගත් විටය.

ඉක්මනින් යන්න  වටහා ගත යුත්තේ සන්දර්භය මතය . එනම් දරුණු  ආගම්  පීඩනයකට හසු වී සිටින බව වර්තමානයෙන්  තේරුම්  ගත  යුතුය. පොත  ලියන කාලය තුළ  සිදුවිය යුතු  දේවල්  යනු  එම කාලයේදී සිදුවිය හැකි  දේවල් නොව සිදුවිය යුතු  දේවල්ය.
එම නිසා මෙය පැහැදිලිව තේරුම් ගෙන විකෘති කිරීමෙන් වළකින්න .

මීලගට අප මෙම කරුණ තවදුරටත් සලකා බලමින් එළිදරව්ව පොතේ ඇති සභා කිහිපයක් පිළිබද අධ්‍යයනය කරමු.

ස්මර්ණා සභාව

මෙම  සභාව රෝමයට  ගැති බවක්  දැක්වූ  නගරයකි. රෝම දෙව්  දුවගේ දේවාලයත් අධිරාජ්‍යයා දේවත්වයෙන්  පිදිමත්  එම නගරයේ  තිබූ විශේෂ ආගමික  වතාවකි.  මෙයට  අමතරව  කිතුනුවන්ට   විරුද්ධකම්  පෑ ජුදා කොලනියක්  ද එනම් ජනපදයක්  ද තිබුණි.  එළිදරව්  2:8-11බලන්න.  මෙහි සදහන්  එළිදරව්  2:8 පලමු වැන්නා හා  අන්තිමයා එළිදරව්ව  1:8 සමාන වේ. සභාව විසින් දුක් පීඩා ගැන ප්‍රශංසා  කරති.

එමෙන්ම කතෝලික ජනයාට  කරන ලද  පීඩා  ගැන  තිබෙන සාක්ෂි  වශයෙන්  ට්‍රාජන්  අධිරාජ්‍යයා හා ප්ලිනි  නැමති ඉතිහාසකරු අතර හුවමාරු  වූ  ලිපි  වල සදහන්ය⁣. මෙම ලිපි  සාමාන්‍යයෙන්  ක්‍රි.ව  111-113 අතර ලියවී  ඇත. එමෙන්ම  කුම්රාන්හි  යුදෙව්  නිකාය එම නිකායෙන්  පිට  සිටි  යුදෙව්වන්  හැදින්වූයේ  " බෙලියර්ගෙ  සභාව " ලෙසය  . මෙය එළිදරව්ව  2:9ට  සමානය.

පර්ගමෝව

එළිදරව්ව  2:12-17 බලන්න . මෙහි විවිධ  දේවතාවන්  ඇදහීම  සදහා එක්රැස්  වූ නගරයකි.  ඒ අතර   සෙවුස්, සොටර් , අතේනා ආදී මිත්‍යා  දෙවිවරුන්ටත් ,  ඔගස්ටස්  ,ට්‍රාජන් හා  සෙප්ටිමස්  සෙවරස්  යන අධිරාජ්‍යවරුන්ටත්  කැපවූ දේවාල  තිබුණි. එළිදරව්ව  2:14 සදහන්  බාලම් පිලිබද ගණන් කථාව 22 - 24 පරිච්ඡේදයන්හි ද , 2 පේදුරු 3:15-16 හිද සදහන් වේ.   "බාලාම්ගේ ඉගැන්වීම් " යනු  ශු.පාවුළුතුමාගේ  කිතුනු  නිදහස පිළිබද  1 කොරින්ති  6/12-13 සදහන් ඉගැන්වීම් විකෘති  කිරීමකි. එළිදරව්ව 2:13 සදහන්         " සාතන්ගේ සිංහාසනය" මූලධර්මවාදීන්  දැඩි  ලෙස  විකෘති  කර  කතෝලික  සභාවට මඩ ගසති.  

එහි  සත්‍යනම් මෙහි  වඩාත් කැපීපෙනෙන තැන නම්  කන්දක්  මුදුනේ මුළු  නගරයම සිසාරා පිහිටා ඇති  සියුස්  නම්  මිත්‍යා  දෙවියන්ගේ දේවාලයයි. මෙහි  සිංහාසනයක්  ලෙස දිස්වන  ස්ථානයක්  ගැන හර්මර්  මෙසේ ලියා ඇත. මෙය  සිංහාසනයක්  ලෙස පෙනේ. එහි කැටයම්  වල සර්පයාගේ  මොස්තරයත්  ,සියුස්ට තිබුණු  "තෝරා ගත්තා  " සහ "ගැලවුම්කරු" යන පදවි  නාම සදහන්ය. මෙය  ජේසු  තුමාට සම්බන්ධය. මෙවැනි  දේවල්  තුලින්  අප තේරුම්  ගත  යුත්තේ  එකල සංස්කෘතිය  අනුව බවයි. එසේ නොකර  එළිදරව්ව පොත  දිවැසිවර පොතක්  ලෙස දැකීම දේව අනාවරණය  තුළ ඇති  ගැඹුරු දේව පණිවිඩය  විකෘති කිරීමක් වේ.  එවැනි  විකෘතිවාදීන්  ගැන ජේසුතුමා ද පවසා ඇත.
ස්තූතියි

ජේසු පිහිටයි ❤
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව