මහා පිපුරුම්වාදය හා මැවීම්වාදය

මහා පිපුරුම්වාදය හා මැවීම්වාදය

දහනවවන සියවසෙහි අවසානයවන විට විශ්වයේ කියවීම වූයේ ඊට ආරම්භයක් හෝ අවසානයක් නොමැති බවත් එය ස්ථාවරව වෙනස් නොවී (Static universe) පවතින බවත්ය. විශ්වයේ ආරම්භයක් ගැන කියවෙන මැවීම්වාදයට මෙකී කියවීමට එකඟ නොවීය. නූතන විශ්වවිද්යාවේ (Cosmology) මුල් පුරුකක් වන ගණිතඥයෙකු වූ ද, අභයවකාශ විද්යාඥයෙක් වූ ද ලූවන් විශ්වවිද්යාලයේ භෞතික විද්යා මහාචාර්යවරයෙකූ වූ ද බෙල්ජියානූ පියතුමෙකු වූ ජෝර්ජස් හෙන්රි ජෝශප් ඇඩ්වර්ඩ් ලෙමාට්රේ (Georges Henri Joseph Édouard Lemaître, 1894 -1966) විසිනි මුල් වරට මහා පිපුරුම් වාදීය සංකල්පය ඉදිරිපත් කරන ලදී. මේ සඳහා අදේවවාදී භෞතික විද්යාඥයන් එතරම් කැමැති නොවූයේ විශ්වයේ ආරම්භය සඳහා වන මූල හේතුවක් ඒවන විට අදේවවාදී ඇසින් බැලිය නොහැකි නිසයි.

1923 දී පූජකවරය ලැබූ එතුමා, එක්සත් රාජධානියේ කේම්බ්රිජ්හි තාරකා විද්යාව පිළිබඳ පර්යේෂණ සහායකයෙකු බවට පත්විය. එතුමා, නූතන විශ්ව විද්යාව, තාරකා තාරකා විද්යාව සහ සංඛ්යාත්මක විශ්ලේෂණයන් හඳුන්වා දුන් ආතර් එඩින්ටන් සමඟ වැඩ කළේය. පසුව එතුමා හාවඩ් විශ්වවිද්යාලයේ නිහාරිකා පිළිබඳ ප්රසිද්ධියක් උසුලන හාර්ලෝ ෂැප්ලි සමඟත් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) පර්යේෂණවල නියලුනේය. 1927 දී එතුමා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්රිකාව විද්යා ක්ෂේත්රයෙහි විශාල වෙනස්කම් රැසකට හේතු විය. එම වසරේ දී ප්රංශ භාෂාවෙන් ‘A Homogenous universe of Constant mass and growing radius accounting for the Radial velocity of extra-galactic nebulae’යන නාමයෙන් ලිපියක් පළ කරමින් විශ්වය ප්රසාරණය වන බව වන අදහස ලොවට ප්රථමයෙන් ඉදිරිපත් විය. වසර 4ට පසු ආතර් එඩින්ටන්ගේ සහාය ඇතිව මෙම ලිපිය ඉංග්රීසි භාෂාවට පරිවර්තනය කරන ලදී. පසුව, එම ලිපිය සම්බන්ධයෙන් ඇල්බට් අයින්ස්ටයින්ගේ අවධානය යොමු විය.

මුලින්ම අයින්ස්ටයින් ලෙමාට්රේ පියතුමාගේ මෙම අදහසට එකඟ නොවීය. ඊට හේතුව අයින්ස්ටයින්ගේ අදහස වූයේ විශ්වය නියත ලෙස පවතින බවයි. ඔහු ලෙමාට්රේ පියතුමාට පවසා සිටියේ ‘ඔබගේ ගණනය කිරීම් හොද නමුත, ඔබගේ භෞතික විද්යාව එතරම් හොඳ නැත’ (‘Your calculations are correct, but your physics is atrocious’) යන්න යි. පසුව එතුමා ආදී පරමාණුව (Primeval atom) ලෙස හැඳින්වෙන ලක්ෂයක සිට විශ්වය ප්රසාරණය වන බව වන අදහස ඉදිරිපත් කරන ලදී. මෙම අදහස ‘ආදි පරමාණුවේ කල්පිතය’ (Hypothesis of the Primeval atom) ලෙස හැදිවිය. එතුමා මෙම අදහස ‘මැවීමේ මොහොතේ සිට ප්රසාරණය වන ආදී පරමාණුව’ ලෙස ද හැඳින්විය. ඒ අනුව විශ්වය ප්රසාරණයවන බව පමණක් නොව, විශ්වය ඒක ලක්ෂීය ස්ථානයක සිට ප්රසාරණය වන බවට වන මතය ලොවට ඉදිරිපත් කර ප්රථම විද්යාඥ එතුමා විය. 1935 දී එතුමා අයින්ස්ටයින් සමග කැලිෆෝනියාවෙ සන්මන්ත්රන කිහිපයට සහභාගී වන අතරතුර දී එතුමා විසින් තමන්ගේ මෙම නව වාදය අයින්ස්ටයින්ට තවදුරටත් පැහැදිලි කරන ලදී. එහිදී අයින්ස්ටයින් කියා සිටියේ ‘මෙතෙක් තමා ඇසූ මැවීම පිළිබඳ ව පවතින හොඳම වාදය මෙයයි’යන්න යි. හබල් දුරේක්ෂයෙන් සිදුකළ නිරීක්ෂණ වල සිට නූතන පර්යේෂන දක්වා, මෙය වාදයක් (Theory) දක්වා ගොඩනැගෙමින් ගණිතමය ප්රත්යක්ෂයට අමතරව නිරීක්ෂණ මගිනුත් බිදලිය නොහැකි ප්රභල වාදයක් විය. ඊට අනුව විශ්වයේ ආරම්භ මීට අවුරුදු බිලියන 13.8කට පමණ පෙර සිදුවී අතර එම ගනණය කිරීම ක්රම කීපයක් හරහා තහවුරු කර ගෙන අවසන් ය. මේ සඳහා ප්රධාන ලෙස ඉවහල් වූ නිරීක්ෂණ දෙකකි. එනම්, මන්දාකිණි එකිනෙක ඈත්වීම සහ කොස්මික් පසුබිම් විකිරණය (cosmic background radiation) වේ.

අවුරුදු බිලියන 13.8ට පෙර සිදුවූ මහා පිපුරුමෙන් පසු විශ්වයේ පැවතියේ ප්ලාස්මා අවස්ථාවේ පවතින පදාර්ථය වේ. මෙය අයනීකරණය වූ පරමාණු සහ නිදහසේ ගමන් කරන ඉලෙක්ට්රෝන වලින් සමන්විත වූ අතර අධික උෂ්ණත්වයකින් යුක්ත විය. මෙම ප්ලාස්මා මගින් ආලෝකය උරා ගත් නිසා විශ්වය විනිවිද භාවයකින් තොරව පැවතුණි.

විශ්වය සීතල වීම සහ ප්රසාරණය වීම නිසා ප්ලාස්මා අවස්ථාවේ පැවැති පදාර්ථය ක්රමයෙන් සාමාන්ය පදාර්ථය බවට පත්විය. මෙම සාමාන්ය පදාර්ථය සඳහා ආලෝකය උරා ගැනීමේ හැකියාව නැති නිසා විශ්වය අඳුරු බවින් මිදී විනිවිද පෙනෙන්නට ගන්නට විය. එම කාලය වන විට මහා පිපුරුමේ සිට අවුරුදු 375,000 පමණ ගත වී තිබුණි. ක්රමයෙන් උරාගත් ආලෝක ශක්තිය එම පදාර්ථ මගින් විමෝචනය කෙරුණේ විද්යුත් චුම්බක තරංග ආකාරයක්ම වන ක්ෂුද්ර තරංග ලෙසය. වර්තමානය වන විට පෘථිවියට ලැබෙන එම ක්ෂුද්ර තරංග විශ්වය ආරම්භයේ වන කාලයේ දී විමෝචනය වූ තරංගය. මෙම තරංග සිතියම් ගත කොට විශ්වයේ ආරම්භය ඡායාරූපයක් සකස් කිරීමට 2001 වසරේ NASA ආයතනය මගින් WMAP චන්ද්රිකව ගුවන් ගත කරන ලදී.මෙම චන්ද්රිකව ලබා දුන් දත්තයන් මගින් විශ්වයේ තිබු උෂ්ණත්ව අනුව සැකසූ ජායාරූපයක් ඉදිරිපත් කරන ලදී. මෙම මහා පිපුරුම් වාදය හුදු උපකල්පනයක් නොවේ. බයිබලීය විශ්වාසයට එය සාක්ශි දරයි.