ලෝක ප්‍රසිද්ධ අදේවවාදීන් කිහිපදෙනෙකු තම මරණයට පෙර පැවසූ වදන්

ලෝක ප්‍රසිද්ධ අදේවවාදීන් කිහිපදෙනෙකු තම මරණයට පෙර පැවසූ වදන්

(01) සීසර් බෝර්ජියා:- ඉතාලි වංශාධිපතියෙක් හා බලවත් දේශපාලනඥයෙක්ද වූ මොහු කතෝලික පල්ලියේ කාදිනල් තනතුරෙන් ඉල්ලා අස්වී හමුදා නායකයෙකු බවට පත්වූ පළමු තැන්තාය;

"මම ජීවත්ව සිටියදී මරණයට හැර අන් සියල්ලටම අවශ්‍යය දේ එක්රැස් කර ගත්තෙමි.දැන් මා මරණයට පත්විය යුතුයි.නමුත් මම ඊට සූදානම්වී නැත".

(02) තෝමස් හොබ්ස්:- කතෝලික පල්ලියේ ඉගැන්වීම් වලට තදින්ම විරුද්ධ වූ ඉංග්‍රීසි ජාතික දේශපාලන දාර්ශනිකයෙකි;

"මම නැවතත් කියමි.මුලු ලෝකයම මට ලැබුණත්, තව එක් දිනක් වුවද ජීවත් වීමට හැකි නම්, මම ඒ සියල්ල බැහැර කරමි.දැන් මම අඳුරට පැනීමට සූදානම්".

(03) තෝමස් පේන්:- ඉංග්‍රීසි ජාතික ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරිකයෙක්, දාර්ශනිකයෙක්, දේශපාලන න්‍යායාචාර්යවරයෙක් සහ විප්ලවවාදියෙක්වූ මොහු එකළ ඇමෙරිකානු කොළනි වල ප්‍රධානතම අදේවවාදී ලේඛකයා විය;

"ස්වාමිනී, තනිවී සිටීම මට දරාගත නොහැකිය.මට උපකාර කළ මැනව.මෙතරම් දුක් වේදනාවක් මට දැන් දැනෙන්නේ මම කුමක් කළ නිසාද? මෙතැනින් පසුව මට කුමක් වනු ඇතිද? ස්වාමිනී මට උදව් කරන්න, ක්‍රිස්තුනි මට උදව් කරන්න, මාව අත්හැර දමා නොයන්න.මම මෙහි නිරයේ අද්දර සිටිමි.යක්ෂයාට කවදා හෝ නියෝජිතයෙකු සිටියේ නම්, මම ඒ තැනැත්තා වෙමි".

(04) සර් තෝමස් ස්කොට්:- ඉංග්‍රීසි ජාතික පාර්ලිමේන්තු සාමාජිකයෙකි;

"මේ මොහොත වන තුරු මම සිතුවේ දෙවියෙකු හෝ නිරයක් නොමැති බවයි. මේ දෙකම ඇති බව දැන් මම දනිමි; එය මට දැන් දැනෙයි.සර්වබලධාරියාගේ සාධාරණ විනිශ්චයෙන් මම විනාශයට පත්වෙමි".

(05) වෝල්ටෙයාර්:- ප්‍රංශ ලේඛකයෙක්, ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක් වූ මොහු ක්‍රිස්තියානි ධර්මය, විශේෂයෙන් රෝමානු කතෝලික පල්ලිය විවේචනය කිරීම මෙන්ම පල්ලිය සහ රාජ්‍යය වෙන් කිරීම වෙනුවෙන් පෙනී සිටී ප්‍රසිද්ධ ක්‍රිස්තියානි විරෝධී අදේවවාදියෙකි;

"මම දුම හැර වෙන කිසිවක් ගිල දමා නැත.දෙවියන් සහ මිනිසා විසින් මාව අත්හරිනු ලැබේ".
ඔහු තම වෛද්‍යවරයා වන වෛද්‍ය ෆොචින්ට මෙසේ පැවසීය: “ඔබ මට මාස හයක ජීවිතයක් ලබා දුන්නොත් මගේ වත්කම් වලින් හරි අඩක්ම මම ඔබට දෙන්නෙමි".එය කළ නොහැකි බව වෛද්‍යවරයා විසින් ඔහුට පැවසූ විට ඔහු පැවසුවේ, “එවිට මම මැරී නිරයට වැටේවී යැ"යි කියාය.
ඔහුගේ හෙදිය මෙසේ පැවසුවාය: “යුරෝපයේ ඇති සියලුම මුදල් මට ලබා දුන්නත්, මොහු වැනි තවත් නොඇදහිලිකරුවෙකු මිය යනු දැකීම නම් මට අවශ්‍ය නොවනු ඇත! මුළු රාත්‍රිය පුරාම ඔහු සමාව ඉල්ලා කෑගැසුවේය”.

(06) රොබට් ඉන්ගර්සෝල්:- "මහා අඥෙයවාදියා" ( The Great Agnostic ) යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මොහු අඥෙයවාදය ( agnosticism ) ආරක්ෂා කිරීම සඳහා උද්ඝෝෂණ සංවිධානය කළ නිදහස් චින්තනයේ ස්වර්ණමය යුගයේ ඇමරිකානු ලේඛකයෙකු සහ කථිකයෙකි;

"අහෝ දෙවියනි, දෙවියෙකු සිටී නම්, මට ආත්මයක් තිබේ නම්, මාගේ ආත්මය බේරා ගන්න!".
සමහරු පවසන්නේ මෙය මෙසේ කියනු ලැබූ බවයි: “අහෝ දෙවියනේ, දෙවියෙක් සිටී නම්, මට ආත්මයක් තිබේ නම්, නිරයක් තිබේ නම්, මාගේ ආත්මය නිරයෙන් බේරා ගන්න!".

(07) ඩේවිඩ් හුම්:- ස්කොට්ලන්ත කතෝලික පල්ලියට බලපෑම් කළ අදේවවාදී දාර්ශනිකයෙකි;
"ඔහු තම මරණ මංචකයේදී හඬ නඟා, "මම ගිනිදැල්වල සිටිමි!"යි පවසා ඇත.බලාපොරොත්තු සුන්වීම නිසා බිහිසුණු දර්ශනයක් ඔහු දැක ඇති බව පැවසේ.

(08) නැපෝලියන් බොනපාට්:- ඇඩොල්ෆ් හිට්ලර් වැනි අදේවවාදී ආඥාදායක ප්‍රංශ අධිරාජ්‍යයෙකි.ලෝකය සඳහා වූ ඔහුගේ කෑදර, බල උමතු හා ආත්මාර්ථකාමී අභිලාෂයන් වලින් තෘප්තිමත් වීම සඳහා මිලියන ගණනක් මරණයට පත් කළේය;

"මාගේ නියමිත කාලයට පෙර මා මිය යන අතර, මාගේ ශරීරය නැවත පොළොවට දෙනු ලැබේ.ශ්‍රේෂ්ඨ නැපෝලියන් ලෙස හැඳින්වූ තැනැත්තාගේ ඉරණම එයයි.මාගේ ගැඹුරු දුක්ඛිත තත්වය හා ක්‍රිස්තුස් වහන්සේගේ සදාකාලික රාජ්‍යය අතර මොනතරම් නම් පතුලක් නැති විවරයක්ද?"

(09) සර් ෆ්‍රැන්සිස් නිව්පෝර්ට්:- එංගලන්තයේ අදේවවාදී සංගමයේ ප්‍රධානියෙකි.තම මරණ මංචකයේදී තමා වටා රැස්ව සිටි අයට ඔහු මෙලෙස පවසා ඇත;

"දෙවි කෙනෙක් නැති බව නුඹලා මට පැවසීමට අවශ්‍ය නැහැ.මක්නිසාද එවැනි කෙනෙක් සිටින බවත්, මම ඔහු ඉදිරියෙහි සිටින බවත් මම දනිමි. අපායක් නැති බව නුඹලා මට පැවසීමට අවශ්‍ය නැහැ. මම දැනටමත් ඒ තුළට ලිස්සා යන බවක් මට දැනේ. නීචයනි, මා ගැන බලාපොරොත්තුවක් තැබීම ගැන නුඹලාගේ නිෂ්ඵල කතාව නවත්වන්න! මම සදහටම විනාශ වී ඇති බව මම දනිමි! අනේ, ඒ ගින්න!  අනේ, අපායේ නොඉවසිය හැකි වේදනාවන්!"

(10) ඩේවිඩ් ස්ට්‍රෝස්:- ජර්මානු හේතුවාදීන්ගේ පුරෝගාමී නියෝජිතයෙකි.ජීවිත කාලය පුරාම දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය අන් අයගේ මනසින් මකා දැමීමෙන් පසු ඔහු මෙලෙස පවසා ඇත;

"මාගේ දර්ශනය සම්පූර්ණයෙන්ම මාව කාලකණ්නියෙක් කර ඇත".

(11) ජෝසෆ් ස්ටාලින්:- සෝවියට් ජෝර්ජියානු විප්ලවවාදී දේශපාලනඥයෙකි. ජෝසෆ් ස්ටාලින්ගේ දියණිය වන ස්වෙට්ලානා ස්ටාලින් සමඟ නිව්ස්වීක් සම්මුඛ සාකච්ඡාවකදී ඇය තම පියාගේ මරණය ගැන මෙසේ පැවසුවාය;

"මාගේ පියා මිය ගියේ දුෂ්කර හා දරුණු මරණයකින්. දෙවියන් වහන්සේ පහසු මරණයක් ලබා දෙන්නේ ධර්මිෂ්ඨයන්ට පමණදැයි මට සිතිනි.අන්තිම මොහොතේ ඔහු හදිසියේම දෑස් විවර කර කාමරයේ සිටි සියල්ලන් දෙස බැලුවේය.එය දරුණු බැල්මක්, උමතු හෝ සමහර විට කෝපාන්විත එකක්.ඔහු තම වම් අත ඉහළට ඔසවා, ඉහළින් ඇති යමක් පෙන්වූයේ එය අප සියල්ලන්ටම ශාපයක් ගෙන එන්නාක් මෙනි. ඔහුගේ ඉඟි බිඟි පෑම අනතුරු ඇඟවීම් වලින් පිරී තිබුණි.ඊළඟ මොහොතේ ඔහු මිය ගියේය".

(12) ඇන්ටන් ලේවී:- සාතන්ගේ බයිබලයේ කතුවරයා,සාතන්ගේ ආගමේ නිර්මාතෘ සහ එහි උත්තම පූජකයා වූ ඇමෙරිකානු ජාතික මෙම ලේඛකයා සාතන්ට නමස්කාර කිරීම සඳහා කැපවී සිටියේය.ඔහුගේ සුප්‍රසිද්ධ කියමන් වලින් එකක් වූයේ: “මිනිසෙකු තුළ මෘගයෙකු වාසය කළ යුතු අතර, ඔහු අශුද්ධාත්ම දුරුකිරීමකට ලක් නොවිය යුතුයැ"යි බවයි.නමුත් ඔහුගේ අවසාන මොරගැසීම වූයේ;

"ආ! අනේ, මම මොනවද කළේ, මොකක් හරි වැරැද්දක් තියෙනවා.ලොකු වැරැද්දක් තියෙනවා".

ඉහත අදේවවාදීන්ගේ මරණ මංචකයේ භයානක වචන සමඟ දෙවියන් වහන්සේගේ සාන්තුවරයන්ගේ මරණ මංචකයේ වචන කිහිපයක් දැන් ඔබ සසඳා බලන්න -

(01) ශුද්ධවූ පාවුලු අපෝස්තුළුවරයා;
"මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත.මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ.මම යහපත් සටනෙහි සටන් කෙළෙමි.මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි.දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ.ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක.මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක" - ( 02 තිමොති 04:06-08 )

(02) දාවිත් රජු;
"මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේය. ඔබේ කෙවිට ද සැරයටිය ද මා නියත සැනසිල්ල වන්නේය.ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක.මාගේ කුසලාන උතුරා යන්නේය.ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේය.සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේය" - ( ගීතාවලිය 23:04-06 )

(03) "ජේසුනි! ජේසුනි! ජේසුනි!" - ( ශු.ජොහානා ආර්ක් මුනිතුමිය )

(04) "මම මාගේ දෙවියන්ව දකිමි” - ( පාදුවාහි ශු.අන්තෝනි මුනිතුමා )

(05) "මම ජේසුට ප්‍රේම කරමි" - ( කල්කටාවේ ශු.තෙරේසා මව්තුමිය )

(06) තම මිනීමරුවා ගැන කතා කරමින්, "මම ඇලෙස්සැන්ඩ්‍රෝ සෙරෙනෙලිට සමාව දෙමි.ඔහු මා සමඟ ස්වර්ගයේ සදහටම සිටිය යුතුය." - ( ශු.මරිය ගොරෙත්ති මුනිතුමිය )

(07) "අහෝ මාගේ දෙවියනි!" - ( ශු.ඉන්නාෂියුස් ලොයොලා මුනිතුමා )

(08) "පියාණන් වහන්සේගේ නිවහන වෙතට යාමට මා හට ඉඩ දෙන්න" - ( මහා ජුවාම් පාවුළු මුනිතුමා හෙවත් ශු.දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ )

(09) "මම වඩාත් අසිරිමත් දේවල් දකිමින් සිටිමි" - ( ශු.දොමිනික් සාවියෝ මුනිතුමා )

(10) “ඔබවහන්සේගේ කැමැත්ත සිදු වේවා! ජේසුස් ස්වාමීන් වහන්ස, වැඩිය මැනව!” - ( මහා දේවධර්මවේදී හිප්පොහි ශු.අගොස්තීනූ මුනිතුමා )

(11) "නමෝ මරියනි!" - ( ශු.මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමා )

(12) "ජේසු.මරියා" - ( ශු.පාදරේ පියෝ මුනිතුමා )

(13) "පියාණෙනි, මාගේ ආත්මය ඔබවහන්සේගේ දෑතට භාරගත මැනව" - ( ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ )

අදේවවාදීන් සමග සිනාසෙමු පිටුව මගින්