දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණය

දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණය

🔸 ස්වර්ගාරෝහණය යනු තමන්ගේ බලයෙන්ම ස්වර්ගය කරා ගමන් කිරීමයී. එසේ කළ හැකි වුයේ ජේසුස් වහන්සේට පමණි. ස්වර්ගෙන් බැස මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේය ( ජොහාන් 3:13 ). ස්වර්ගාරෝපණය ‍යනුවෙන් අදහස් කරන්නේ තවත් කෙනෙකු විසින් ස්වර්ගයට ඔසවා ගැනීමයි. මරිය තුමී ස්වර්ගාරෝහණය වූවා නොව ස්වර්ගාරෝපණය වූවාය. එතුමිය ස්වර්ගයට ඔසවා ගනු ලැබිණී. මේ පිලිබදව කතෝලික සභා ධර්මෝපදේශය මෙසේ සදහන් කර ඇත.

" ජන්ම පාපයෙන් සියලු කිළුටෙන් නිදොස් ව ආරක්ෂා කරන ලද නිර්මල කන්‍යෝත්තමාවෝ මෙලෝ ජීවිත කාලය සම්පූර්ණ වූ කල ආත්ම ශරීරය පිටින් ස්වර්ගීක මහිමයට ගෙනු යනු ලැබ සියල්ලේ රැජින ලෙස ජේසුස් වහන්සේ ස්ථාපිත කළ සේක. එමගින් එතුමිය පාපය හා මරණය ජය ගත් තම පුත්‍රයාණන් වන සියල්ලේ අධිපතියාණන් වූ ජේසුස් වහන්සේට අනුරූප වූවාය. භාග්‍යවත් කන්‍යෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය කරණ කොට ගෙන එතුමිය තම පුත්‍රයාණන්ගේ මහිමාන්විත උත්ථානයෙහි කොටස්කාරියක් වන අතර අනෙකුත් ක්‍රිස්තියානින්ගේ උත්ථාන පිළිබද පෙර නිමිත්තක්ද වේ. "
(කතෝලික සභා ධර්මෝපදේශය 996)

🔸 තවද මරියෝත්තමාවන්ගේ මෙලොව ජීවිත අවසානයේ දී දෙවියන් වහන්සේ ඕතොමන් ව ආත්ම ශරීරය පිටින් ස්වර්ගයට ඔසවා ගත් සේක. ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කරලීම මගින් දෙවියන් වහන්සේ සැමටම පොරොන්දු වූ උත්ථානයෙහි ඕතොමන් පංගුකාර වූයේ ඒ ආකාරයෙනි. මේ අනුව මරියෝත්තමාවන්ගේ ස්වර්ගාරෝපණය ගැන විශ්වාසය ප්‍රකාශ කිරීමේදී  අප කරන්නේ අපේ ම උත්ථානය හා සදාතන ජීවිතය ගැන අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමය. ජේසුස් වහන්සේ අපෝස්තුලුවරුන්ට දුන් පහත පොරොන්දුවෙන් එය පැහැදිලිය.

" මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කළ විට, මා සිටින තැන ඔබත් සිටින පිණිස ඔබ කැදවාගෙන යෑමට මම නැවත එන්නෙමී " ( ජොහාන් 14:3 )

තමා ආදරය කරන සියල්ලන් තමා සමීපයේ තබා ගැනීමට ජේසුස් වහන්සේ තුළ වූ ආශාව උන්වහන්සේගේ උත්තම පූජක යාච්ඤාවෙන් ද මනාව පැහැදිලි වෙයි.

" පියාණනී, මා සිටින තැන ඔවුන් සිටිනවා නම් මම කැමැත්තෙමි" ( ජොහාන් 17:24 )

මරියෝත්තමාවන්ට ස්වර්ගාරෝපණය වීමට හැකි වූයේ එතුමිය පාපෙන් වැලකී යහපත් ජීවිතයක් ගත කළ බැවිනි. අපට ද එම වරප්‍රසාදය හිමි කර ගැනීම සදහා අප ද පාපයෙන් වැළකි යහපත් ජීවිතයක් ගත කළ යුතු වෙමු. එවිට ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන ආගමනයේ දී මරිය තුමී ලද එම වරප්‍රසාදය අපට ද හිමි වනු ඇත.
ජේසු පිහිටයී !!🙏

සටහන - හයාත් රස්කින්

Read more

චතාරික සමයක සාමාන්ය සැකැස්ම 2026 අවුරුද්දෙන් හඳුනා ගනිමු

2026 අවුරුද්දේ චතාරික සමය, අද දින, එනම් අප්‍රේල් 02 ඉර බැස්මෙන් අවසන් වේ. කෙතරම් පැහැදිළි කිරීම් දුන්නත් බොහෝ අය දවස් ගණන පටලවා ගනිති. දවස් 40 ඉවරයි, නිරහාරය

දිව්‍ය බිළිඳාණන් ලොවට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

ඓතිහාසිකව : ශාස්ත්‍රවන්තයන් කිහිපදෙනෙක් පැමිණ ජේසු බිළිඳා බැහැදැකීම එහෙත් දේව වන්දනාත්මකව රජුන්ට ❌ රජතුන් කට්ටුවේ මංගල්‍යය ❌ ලොවට ✅ දේව